July 27, 2024
Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක Lanka Business Awards සම්මාන දිනයි
පුවත්

Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක Lanka Business Awards සම්මාන දිනයි

Dec 8, 2023

දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ සේවා සපයන ආයතනයක් වන Shine Dental Care නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක මහතා Business World International Organisation (BWIO) සංවිධානය කළ Lanka Business Award 2023 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස සම්මාන උළෙල පැවැත්විණි. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය ජාලවල ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා වන සේනානායක මහතා ප්‍රසිද්ධ වී ඇත්තේ Dr Shine යන අන්වර්ථ නාමයෙනි. දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ සියලු අංශ පිළිබඳ විශේෂඥයෙකු වන ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය උපාධිධාරියෙකි. නවීන තාක්ෂණය උපරිම ලෙස යොදා ගනිමින් විශිෂ්ටම දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ සේවා සැපයීමට ඔහු වසර ගණනාවක් පුරා කැප වී සිටී. කෑගල්ල (බුලත්කොහුපිටිය පාර), මාවනැල්ල (රෝහල පාර) සහ රඹුක්කන (රෝහල පාර) යන නගරවල සිය දන්ත වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වා ගෙන යන ඔහු දහස් ගණනකට දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ සේවා සපයයි. ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද ඇති ඔහු අවස්ථා රැසකදී දෙස් විදෙස් ඇගයීමට පාත්‍ර වී ඇත. සාමාන්‍ය දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ සේවාවලට අමතරව රෝගියාගේ අවශ්‍යතා අනුව විශේෂිත ප්‍රතිකාර සහ සේවා සැපයීම ඔහු සතු විශේෂත්වයකි. නවීන තාක්ෂණික ක්‍රමවේදවලින් උපරිම ඵල නෙලා ගනිමින් දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය නව මානයකට රැගෙන යාමට කැපවීමෙන් කටයුතු කරන වෛද්‍ය අසංක සේනානායක මහතා Invisalign Bracers, Digital Smile Designing, Dental Implants, Laser Dentistry, Teeth Whitening, Crown/Bridge සහ Endo-Motor Root Canal වැනි සියලු ආකාරයේ දන්ත වෛද්‍ය සේවා සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *