සෙලාන් ටිකිරි දරුවන්ගේ ගණිත හැකියාවන් නංවාලීම සඳහා UCAMS සමග එක්වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළමා ඉතුරුම් සන්නාමයක් වන සෙලාන් ටිකිරි, දරුවන්ගේ ගණිත හැකියාවන් නංවාලීමේ අරමුණින් පසුගියදා ඇබකස් මූලික කරගත් ඉගෙනුම් විධික්‍රමයක් වන ‘Universal Concept Mental Arithmetic System’ (UCMAS) සමග හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කළේ ය.
මෙහි අරමුණ වන්නේ, වයස අවුරුදු 4 ත් 13 ත් අතර දරුවන්ට වඩාත් පහසු හා විනෝදාත්මක ලෙස ගණිතය ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දීම ය. දරුවන් සාමාන්‍යයෙන් ගණිතය නීරස හෝ ග්‍රහණය කරගැනීමට දුෂ්කර විෂයක් ලෙස සලකන බැවින් එම ආකල්ප වෙනස් කිරීමට මෙම ක්‍රමවේදය භාවිතා කළ හැකි වනු ඇත.
මෙම හවුල්කාරීත්වය පසුගියදා සෙලාන් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, එම අවස්ථාවට අවට පාසල්වල ගුරුවරුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙහිදී දැනටමත් UCMAS ක්‍රමවේදය භාවිතයෙන් ඉගෙනගන්නා සිසුන්ගේ දක්ෂතා මෙන්ම, ඉගෙනුම් දුෂ්කරතා පෙන්නුම් කරන සිසුන්ගේ එම දුෂ්කරතා මගහැරවීමේ වැඩසටහන්වලට සහයෝගය ලබාදීමේ වැදගත්කමද පෙන්වා දෙන ලදී එමෙන්ම දරුවන්ට ඔවුන්ගේ ඉගෙනුමෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට හැකි වීම සඳහා ඉගෙනුම විනෝදාත්මක අත්දැකීමක් බවට පත්කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.
සෙලාන් ටිකිරි යනු කවදත් දරුවන්ට හිතකර වන නවෝත්පාදන සහ වැඩසටහන් හඳුන්වා දීමට කැප වී සිටින සන්නාමයකි. එම කැපවීමෙහි ඉදිරි පියවරක් වන මෙම හවුල්කාරීත්වය, ශ්‍රී ලංකාවේ ඉදිරි පරාම්රාවන්හි බුද්ධිමය හැකියාවන් ඉහළ නැංවීම සඳහා වන අපේක්ෂාව මැනැවින් නිරූපණය කරයි.
UCMAS හි අරමුණ වන්නේ සැබෑ වෙනසක් ඇතිකරන අධ්‍යාපනයක් සිසුන් වෙත ලබාදීම ය. මේ වනවිට එමගින් දරුවන්ගේ මනෝමය ගණිත සංවර්ධනය අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් රට පුරා ක්‍රියාවට නංවා ඇති අතර, එහි එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේ දරුවන්ට ධනාත්මක හා සමීප ඉගෙනුම් අත්දැකීමක් ලබාදීම ය. 1993 වසරේ මැලේසියාවේදී ආරම්භ වූ UCMAS මේ වනවිට ISO සහතිකකරණයද හිමිකරගෙන ඇති අතර, ලොව පුරා ස්ථාන 35 ක ක්‍රියාත්මක වෙයි. මෙරට තුළ එහි වැඩසටහන් ආරම්භ වූයේ 2004 වසරේදී ය. සන්නාමයක් ලෙස සෙලාන් ටිකිරි සෑම විටම සිය වටිනාකම් ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නැංවීමට උත්සාහ දරයි. මෙම වැඩසටහනට අමතරව, දරුවන් අනාගතයට සූදානම් කරවීම සඳහා සෙලාන් ටිකිරි වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබේ. UCMAS සමග ඇතිකරගත් හවුල්කාරීත්වය හේතුවෙන් සෙලාන් ටිකිරි දරුවන්ගේ ගණිත හැකියාවන් වැඩිදියුණු වනු ඇති අතර, දරුවන්ට වඩාත් හොඳින් ඉගෙනුම ලැබීමට උපකාරී වන නිර්මාණශීලී ක්‍රමෝපායන් හඳුනා ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ගුරුවරුන් හා දෙමාපියන් දැනුවත් කිරීමටද හැකියාව ලැබෙනු ඇත.