July 27, 2024
සෙලාන් කාඩ්පත් වෙතින් මෙවරත් උත්සවය සමය වෙනුවෙන් දීමනා රැසක්
පුවත්

සෙලාන් කාඩ්පත් වෙතින් මෙවරත් උත්සවය සමය වෙනුවෙන් දීමනා රැසක්

Dec 22, 2023

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙවරත් උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා අලෙවිසැල් රාශියක් සමග අත්වැල් බැඳගෙන සුවිශේෂී දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ. මේ නිසාම නත්තල් සමය සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සාප්පු සවාරියේ යෙදෙන පාරිභෝගිකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වීමට සෙලාන් කාඩ්පත් සමත් වී ඇත.

මෙම දීමනා පිරිනැමීම සඳහා සෙලාන් බැංකුව ඇඟලුම් හා විලාසිතා, පාවහන්, විසිතුරු භාණ්ඩ හා ඇස් කන්නාඩි ආදිය අලෙවි කරන අලෙවිසැල් 300කට අධික සංඛ්‍යාවක් සමග අත්වැල් බැඳගෙන සිටී. Softlogic, Spa Ceylon, D. Samson & Sons, Hameedia, Cool Planet, Fashion Bug, Nolimit, CIB, Sriyani Dresspoint සහ Thilakma ඇතුළු අලෙවිසැල් රැසක් මීට ඇතුළත් ය.

“මේ ආකාරයට අලෙවිසැල් රාශියක් සමග එක් වී මේ උත්සව සමයේ අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් සුවිශේෂී දීමනා රාශියක් හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන් ගනුදෙනුකරුවන්ට සැබැවින්ම අර්ථවත් අත්දැකීම් තිළිණ කිරීමට අප සෑම විටම උත්සාහ කරනවා. ‘Heartfelt Memories’ යන තේමාව මගින් නිරූපණය වන්නේ, ඒ සඳහා අප දරන උත්සාහය හා කැපවීමයි.” සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ මහතා පැවසී ය.

මීට අමතරව Keells, Cargills, Glomark, Arpico සහ Spar සුපිරි වෙළඳසැල්වලදී සෙලාන් කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් කරන පාරිභෝගිකයන්ට 30% ක් දක්වා වට්ටම් හිමිවන අතර, Cinnamon Hotels ජාලයේ හෝටල් වෙතින්ද සෙලාන් කාඩ්පත් හිමියන්ට මේ උත්සව සමයේ සුවිශේෂී වට්ටම් හිමිවනු ඇත.

තවද Halo Flights සමග එක් වී, එක් වාසනාවන්ත සෙලාන් කාඩ්පත් හිමියෙකුට සිංගප්පූරුව වෙත යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් 2 ක් පිරිනැමීමටද සෙලාන් බැංකුව කටයුතු යොදා තිබේ. මෙම දිනුම් ඇදීමට එක්වීම සඳහා සෙලාන් කාඩ්පත් හිමියන් කළ යුතු වන්නේ, රු. 5,000/- හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් ගනුදෙනුවක් සිදුකිරීම පමණි. මීට අමතරව සංචාරක සේවාවන්, පාසල් ගාස්තු සහ රක්ෂණ සම්බන්ධ ගෙවීම් සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමටද සෙලාන් කාඩ්පත් පියවර ගෙන තිබේ.

මේ ආකාරයට දෙසැම්බර් මාසය පුරාම උත්සව සමය වෙනුවෙන් දීමනා හා ත්‍යාග වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීම සෙලාන් බැංකුව සැලසුම් කර තිබේ. දෙසැම්බර් 01 දින සිට සෙලාන් කාඩ්පත් නියෝජිතයන් Havelock City Mall හි රැඳී සිටිනු ඇති අතර, සෙලාන් කාඩ්පතක් ලබාගැනීමට කැමති ඕනෑම පුද්ගලයෙකුට, මෙම කණ්ඩායම වෙතින් ඒ පිළිබඳ තොරතුරු විමසිය හැක.

උත්සවය සමයේ සැබෑ අරුත සමගින්, සෑම කෙනෙකුගේම හදවත්වල සදා සුරැකෙන මතකයන් නිර්මාණය කිරීම අතිශයින් වැදගත් බව සෙලාන් බැංකුවේ විශ්වාසයයි.

මෙවර උත්සවය සමය සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට සතුට හා සැහැල්ලුව සමගින් සදා මතකයේ රැඳෙන උත්සව සමයක් වේවා යන්න සෙලාන් බංකුවේ ප්‍රාර්ථනාවයි. එම ප්‍රාර්ථනාව පෙරදැරිව සෙලාන් කාඩ්පත් හඳුන්වා දී ඇති මෙම දීමනාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්නා මෙන් සෙලාන් බැංකුව සිය ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටී.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *