July 27, 2024
සෙලාන් කාඩ්පත් සහ Halo FlightsLK වෙතින් සිංගප්පූරුවට සහ මාලදිවයිනට යාමට සහ ඒමට නොමිලේ ගුවන් ටිකට්පත්
පුවත්

සෙලාන් කාඩ්පත් සහ Halo FlightsLK වෙතින් සිංගප්පූරුවට සහ මාලදිවයිනට යාමට සහ ඒමට නොමිලේ ගුවන් ටිකට්පත්

Sep 8, 2023

සෙලාන් කාඩ්පත් මෙරට ප්‍රධාන පෙළේ සංචාරක සේවා සමාගමක් වන Halo Flights LK සමග අත්වැල් බැඳගෙන, සිය කාඩ්පත් හිමියන්ට නොමිලේ ගුවන් ට්කට්පත් දිනාගැනීමට අවස්ථාව උදාකර දී තිබේ. මේ යටතේ 2023 අගෝස්තු 01 දින සිට 2023 දෙසැම්බර් 31 දින දක්වා සෑම මසකදීම සෙලාන් කාඩ්පත් හිමියන්ට සිංගප්පූරුවට  හෝ මාලදිවයිනට යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් දිනාගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

මෙම දිනුම් ඇදීම මගින් වාසනාවන්ත ජයග්‍රාහකයන් 5 දෙනෙකුට ගුවන් ටිකට්පත් 10 ක් දිනාගැනීමට අවස්ථාව ලැබෙන අතර, දිනුම් ඇදීමට ඇතුළත් වීමට ඔවුන් කළ යුතු වන්නේ තම සෙලාන් කාඩ්පත් භාවිතයෙන් රු. 5,000 ක හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් ගනුදෙනුවක් සිදුකිරීම පමණි. සිදුකරන ගනුදෙනු ප්‍රමාණයට සාපේක්ෂව දිනුම් අවස්ථා ගණන වැඩි වන අතර, විනිවිදභාවයෙන් යුත් දිනුම් ඇදීමේ ක්‍රියාවලියකින් අනතුරුව සෑම මසකදීම ජයග්‍රාහකයෙකු බැගින් තෝරාගනු ලැබේ.

“මේ සුවිශේෂී හවුල්කාරීත්වය ඔස්සේ, අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ප්‍රියතම ගමනාන්තයන් දෙකක් වෙත යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්. එය ඔවුන් අප කෙරෙහි රැඳවූ අඛණ්ඩ විශ්වාසය වෙනුවෙන් කෘතගුණ සැලකීමක් ලෙසත් හැඳින්විය හැකියි. මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා මෙන් මා අපගේ කාඩ්පත් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.” සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ මහතා පැවසී ය.

“ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක සේවා සමාගමක් වශයෙන් මේ ආකාරයට සෙලාන් කාඩ්පත් සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ තරගයේ ජයග්‍රාහකයන් සිංගප්පූරුව සහ මාලදිවයින බලා ගමන් කරන විට ඔවුන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අප ඉමහත් උනන්දුවෙන් යුතුව බලා සිටිනවා.” Halo Flights LK විකුණුම් ප්‍රධානී ඉස්මායිල් නසීර් මහතා පැවසී ය.

මෙම ත්‍යාග වැඩසටහනට අමතරව සෙලාන් කාඩ්පත් Halo Flights LK සමග අත්වැල් බැඳගෙන පහසු ගෙවීමේ ක්‍රමයක්ද හඳුන්වා දී තිබේ. මේ යටතේ සෙලාන් කාඩ්පත් හිමියන් Halo Flights LK සමග සිදුකරන ඕනෑම ගනුදෙනුවක් මාස 12 ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කරගත හැක. මේ සඳහා ගනුදෙනුකරුවන් කළ යුතු වන්නේ, අදාළ ගනුදෙනුව සිදුකර රාජකාරි දින 7 ක් ඇතුළත 011-2008888 අංකය අමතා ඒ බව දැනුම් දීම පමණි. ගනුදෙනුවල අවම සීමාව රු, 10,000 ක් වන අතර උපරිමය රු. මිලියනයකි. මීට අමතරව Seylan Visa Signature, World Mastercard සහ Visa Platinum ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට Halo Flights LK සමග සිදුකරන ගනුදෙනුවලදී Seylan Cards Rewards Points ද හිමි වේ.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *