March 20, 2025
සෙලාන් බැංකුවේ ‘ඇල්බට් අංකල්’ ප්‍රචාරණ වැඩසටහනට SLIM Digis 2.3 හිදී සම්මාන දෙකක් හිමි වේ
පුවත්

සෙලාන් බැංකුවේ ‘ඇල්බට් අංකල්’ ප්‍රචාරණ වැඩසටහනට SLIM Digis 2.3 හිදී සම්මාන දෙකක් හිමි වේ

Jan 30, 2024

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ක්‍රියාවට නැංවූ ‘ඇල්බට් අංකල්’ ප්‍රචාරණ වැඩසටහනට පසුගියදා පැවති SLIM Digis 2.3 සම්මාන උළෙලේදී ‘බැංකු හා මූල්‍ය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානයක් සහ ‘විශිෂ්ටතම ඩිජිටල් අලෙවිකරණ නවෝත්පාදනය’ කාණ්ඩයේ කුසලතා සම්මානයක් හිමි විය.

2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමග ඇති වූ අවිනිශ්චිතතාවන් හමුවේ, විදේශ මුදල් මාරු කිරීමේදී වැඩි වාසි හිමි වීම සහ නිල බැංකු සේවාවන් පිළිබඳව අවිශ්වාසයන් මතුවීම නිසා නිල නොවන ප්‍රේෂණ ක්‍රම ජනප්‍රිය වන්නට විය.

මෙම තත්ත්වය හමුවේ, දීර්ඝ කාලයක් පුරා නිල ප්‍රේෂණ සේවා සැපයූ බැංකුවක් වශයෙන්, එම සේවාවන් සම්බන්ධ විශ්වාසය නැවත ගොඩනැංවීම සඳහා සෙලාන් බැංකුව පෙරමුණ ගත්තේ ය. ඒ සඳහා ඵලදායී ප්‍රචාරණ වැඩසටහනක් හරහා ජනතාවගේ අදහස් වෙනස් කිරීමටත්, වේගයෙන් වෙනස් වන බැංකු ක්ෂේත්‍රය තුළ සන්නාමය ශක්තිමත් කිරීමටත් පියවර ගන්නා ලදි.

කලකට ඉහතදී මෙරට තුළ අතිශයින් ජනප්‍රිය වූ ඇල්බට් අංකල් චරිතයට නැවත ජීවය දීමට සෙලාන් බැංකුව තීරණය කළේ, ජනතාව තුළ අතීත මතක අවදි කරමින් නිල ප්‍රේෂණ සේවාවන් පිළිබඳව විශ්වාසය නැවත ගොඩනැංවීමට එයට හැකියාව තිබූ බැවිනි. පුරාවෘත්තයක් බඳු ඇල්බට් අංකල් සහ ඔහුගේ ඥාති පුත්‍රයා අතර සිදුවන එම ගනුදෙනුව, මූල්‍ය අර්බුදය පැවති කාලය තුළ ජනතාවගේ විශ්වාසය වැඩිදියුණු කිරීම සඳහා සාර්ථක ලෙස භාවිතා කිරීමට සෙලාන් බැංකුවට හැකි විය.

Loops Digital මගින් Ogilvy PR හිද සහයෝගය ඇතිව නිර්මාණය කළ මෙම ප්‍රචාරණ වැඩසටහන, ආර්ථික දුෂ්කරතා හමුවේ පවා රට තුළ සුවිශාල ජනප්‍රියත්වයක් අත්කර ගැනීමට සමත් විය.

සමාජ මාධ්‍ය හරහා එකිනෙකට වෙනස් ජන කණ්ඩායම්වලට ආමන්ත්‍රණය කරමින් ඔවුන් තුළ විශ්වාසය ගොඩනැංවීමට සමත් වීම, නිල ප්‍රේෂණ නාලිකා ප්‍රවර්ධනය කිරීම සහ ඩිජිටල් යුගයේ නවෝත්පාදනය උදෙසා පෙරමුණ ගැනීම වෙනුවෙන් සෙලාන් බැංකුව වෙත මෙම සම්මාන හිමි විය.

“ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණය සම්බන්ධ නවෝත්පාදනයන්හි සැබෑ පුරෝගාමියා වශයෙන්, SLIM Digis වෙතින් මෙම ඇගයුම හිමි වීම අපට මහත් සතුටක්. රටේ සෞභාග්‍යය හා ආර්ථික වර්ධනය වෙනුවෙන් කැපවුණු බැංකුවක් ලෙස, විශේෂයෙන් දුෂ්කර කාලපරිච්ඡේදවලදී, සම්මත සීමාවන්ට අභියෝග කරමින් නිර්මාණශීලී ලෙස වටිනාකම් නිර්මාණය කිරීමට සෙලාන් බැංකුව සෑම විටම උත්සාහ කරනවා. ඇල්බට් අංකල් නැවත හඳුන්වා දීම ඔස්සේ රටට අත්‍යවශ්‍ය මොහොතක අභ්‍යන්තර ප්‍රේෂණ වර්ධනය කරගැනීමට දායක වීමට අපට හැකි වුණා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි සහ විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසී ය.

1995 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම මාර්ගගත බැංකුකරණ සම්මානය දිනාගත් බැංකුව වශයෙන් සෙලාන් බැංකුව සෑම විටම බැංකු සේවාවන් පහසු කරවීම සහ වැඩි පිරිසක් වෙත එම සේවාවන් සමීප කරවීම සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කර තිබේ. SLIM Digis 2.3 හිදී හිමි වූ මෙම සම්මාන, සෙලාන් බැංකුවේ පාරිභෝගික-කේන්ද්‍රීය දැක්ම මෙන්ම ඩිජිටල් ලෝකය තුළ දියුණුව උදෙසා පෙරමුණ ගැනීමට සෙලාන් බැංකුව සතු හැකියාව යළි සනාථ කරයි.

මීට පෙර මැලේසියාවේ පැවති Dragons of Asia 2023 සම්මාන උළෙලේදීද ඇල්බට් අංකල් ප්‍රචාරණ වැඩසටහන වෙනුවෙන් ලෝකඩ සම්මානයක් දිනාගැනීමට සෙලාන් බැංකුව සමත් වූ අතර එය මෙම ඇල්බට් අංකල් ප්‍රචාරණ වැඩසටහන ගෝලීය වශයෙන් සම්මානයට පාත්‍ර වූ අවස්ථාවක් ලෙස ද හැඳින්විය හැක.

4 Comments

  • Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you. https://accounts.binance.com/id/register-person?ref=GJY4VW8W

  • Hey! Do you know if they make any plugins to assist with Search Engine Optimization? I’m trying
    to get my website to rank for some targeted keywords but I’m not seeing very good gains.

    If you know of any please share. Appreciate it! You
    can read similar text here: Warm blankets

  • Hello there! Do you know if they make any plugins to help with
    Search Engine Optimization? I’m trying to get my blog to rank for some targeted keywords but
    I’m not seeing very good results. If you know of any please share.
    Appreciate it! You can read similar text here: Your destiny

  • Hey! Do you know if they make any plugins to help with Search Engine
    Optimization? I’m trying to get my blog to rank for some targeted keywords but I’m
    not seeing very good results. If you know of any please share.

    Appreciate it! You can read similar blog here:
    Code of destiny

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close