May 21, 2025
සෙලාන් බැංකුව අඛණ්ඩව 06වැනි වරටත් ‘Colombo Motor Show ’ප්‍රදර්ශනය සඳහා අනුග්‍රාහකත්වය දක්වයි
පුවත්

සෙලාන් බැංකුව අඛණ්ඩව 06වැනි වරටත් ‘Colombo Motor Show ’ප්‍රදර්ශනය සඳහා අනුග්‍රාහකත්වය දක්වයි

Nov 15, 2023

සෙලාන් බැංකුව අඛණ්ඩව 06 වැනි වරටත් ‘Colombo Motor Show ’ ප්‍රදර්ශනය සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දී තිබේ. මෝටර් රථ ලෝලීන්ගේ අතිශයින් ප්‍රියකරන ‘Colombo Motor Show ’ මෙවර ප්‍රදර්ශනය 2023 නොවැම්බර් මස 17  වැනිදා සිට 19 දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පෙරවරු 10 සිට පස්වරු 10 දක්වා පැවැත්වීමට නියමිතය.

‘Colombo Motor Show’ ප්‍රදර්ශනයේ මෙවරද නිල බැංකු සහකරු ලෙස කටයුතු කරන සෙලාන් බැංකුව ඒ සඳහා සහභාගීවන්නන්ට පුළුල් පරාසයක සෙලාන් බැංකු සේවා, විශේෂ පොලී අනුපාත යටතේ ආකර්ෂණීය ලීසිං පහසුකම්, ක්‍රෙඩිට් කාඩ් පහසුකම්, වටිනාකම් සහිත ජංගම හා ඉතුරුම් ගිණුම් සහ ඩිජිටල් බැංකු සේවා රැසක් ලබා දීමට කටයුතු කරයි.

සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි සහ විකුණුම්) ආසිරි අබේරත්න මහතා මෙම දීර්ඝකාලීන හවුල්කාරීත්වය පිළිබඳ මෙලෙස අදහස් පළ කළේය. “සෙලාන් බැංකුව අඛණ්ඩව වසර 06ක් තිස්සේ ලබා දෙන අනුග්‍රාහකත්වය ප්‍රදර්ශකයන්ගේ මෙන්ම නරඹන්නන්ගේ ද ඉමහත් ඇගයීමට ලක්ව තිබෙනවා. අපගේ කැපවීම මෙරට මෝටර්රථ ලෝලීන්ට සහ අලෙවිකරුවන්ට සුවිශේෂී බැංකුකරණ විසඳුම් ලබා දීමයි.  අපිි මෙවරද තවත් සාර්ථක ප්‍රදර්ශනයක් අපේක්ෂාකරන අතර දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය කෙරෙහි අඛණ්ඩ විශ්වාසය තබා සිටිනවා.”

මෙවර ‘Colombo Motor Show 2023’ ප්‍රදර්ශනයේ වෙළෙඳ කුටි 200කට අධික ප්‍රමාණයක්වන අතර මෝටර් රථ, මෝටර් උපාංග සහ අමතර කොටස්, ලිහිසි තෙල්, ටයර් සහ බැටරි ආදී සියලු අංග මීට එක්වනු ඇත. මෝටර් රථ ලෝලීන්ට විශේෂ පොලී අනුපාත සහිත නම්‍යශීලී ගෙවීම් සැලැස්මක් හරහා වාහන මිලදී ගැනීමේ අවස්ථාව මෙහිදී අත්විඳිය හැක.

මෙහිදී ගනුදෙනුකරුවන්ට ආදායමට අනුව තම කල්බදු ආපසු ගෙවීමේ සැලැස්ම තෝරා ගැනීමටද අවස්ථාව සැලසේ. සෙලාන් බැංකුවේ ලීසිං වසර 07ක් දක්වා ආපසු ගෙවීමේ කාලසීමාවක් ලබා දෙන අතර සුවිශේෂී ‘ස්පීඩ් ඩ්‍රයිව්’ සේවාව පාරිභෝගිකයින්ට මූලිකව පොලිය ගෙවීමෙන් අනතුරුව,  ප්‍රාග්ධන මුදල පසුව ගෙවීමට ඉඩ සලසයි. මීට අමතරව, පාරිභෝගිකයින්ට කාරක ප්‍රාග්ධන හෝ වෙනත් මුල්‍ය අවශ්‍යතා සඳහා තමන්ගේම වාහනවලටද ලීසිං පහසුකම් ලබා ගත හැක.

3 Comments

  • Hey there! Do you know if they make any
    plugins to help with SEO? I’m trying to get my blog to rank for some targeted keywords but I’m not seeing very good success.
    If you know of any please share. Thanks! I saw similar article
    here: Warm blankets

  • Hello there! Do you know if they make any plugins to
    assist with Search Engine Optimization? I’m
    trying to get my blog to rank for some targeted keywords but
    I’m not seeing very good success. If you know of any please
    share. Kudos! You can read similar art here: Code of destiny

  • Hey! Do you know if they make any plugins to help with SEO?
    I’m trying to get my site to rank for some targeted keywords but
    I’m not seeing very good success. If you know of any please share.
    Kudos! You can read similar text here: Your destiny

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close