
සෙලාන් බැංකුව අඛණ්ඩව 12 වැනි වරටත් ‘සෙලාන් කැදැල්ල’ සමග අත්වැල් බැඳගනී
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 12 වන වරටත් සෙලාන් කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනය බලගැන්වීමට ඉදිරිපත් වී සිටී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම් හා නිවාස අලංකරණ ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙය සංවිධානය කරනු ලබන්නේ Asia Exhibitions & Conventions (පුද්.) සමාගම විසිනි. මෙවර ප්‍රදර්ශනය 2024 මාර්තු මස 22 දින සිට 24 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
මෙම ප්‍රදර්ශනයේදී නරඹන්නන්ට සෙලාන් බැංකුව පිරිනමන නිවාස හා පෞද්ගලික ණය, ලීසිං පහසුකම්, ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම හා ඉතුරුම් ගිණුම් ඇතුළු සේවාවන් රාශියක් පිළිබඳව තොරතුරු දැනගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
එමෙන්ම මෙහිදී ගනුදෙනුකරුවන්ට නිවාස ණය පිළිබඳව පුළුල් ලෙස තොරතුරු ලබාදීමටත්, තරගකාරී පොලී අනුපාත යටතේ ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන නිවාස ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් පූර්ණ මගපෙන්වීමක් ලබාදීමටත් සෙලාන් බැංකුවේ නියෝජිතයෝ සූදානමින් සිටිති. ණය අයදුම්කරණ ක්‍රියාවලිය පුරාවටද ඔවුන්ට එම සහයෝගය හිමි වනු ඇත.
එමෙන්ම 2023 නොවැම්බර් මාසයේදී හඳුන්වා දුන් සෙලාන් සූර්ය බලශක්ති ණය පහසුකම් පිළිබඳ තොරතුරු දැනගැනීමටද සෙලාන් කැදැල්ල ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්නන්ට අවස්ථාව හිමි වේ. විදුලි පරිභෝජනය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු සහ විදුලි ගාස්තු වැඩිවීම ආදියට පිළියමක් වශයෙන් සෙලාන් බැංකුව විසින් මෙම ණය පහසුකම හඳුන්වා දෙන ලදී. මේ වනවිට සූර්ය බලශක්ති පද්ධති අලෙවි කරන සමාගම් 35 ක් පමණ මේ සඳහා සෙලාන් බැංකුව සමග අත්වැල් බැඳගෙන සිටින අතර, ඉදිරියේදී තවත් සමාගම් එම ජාලයට එක්වනු ඇත. තිරසාරත්වය ඔස්සේ දීර්ඝකාලීන ඉතුරුම් හිමිකර ගැනීමට කැමති ගනුදෙනුකරුවන්ට සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීම සඳහා, ස්ථාවර පොලී අනුපාත යටතේ මෙම ණය පහසුකම ලබාගත හැකි වේ.
“දීර්ඝ කාලයක පටන් කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගෙන සිටින හවුල්කරුවෙකු වශයෙන්, 2024 වසර සඳහාත් මෙලෙස බලගැන්වීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය තම සිහින නිවස හිමිකරගැනීමේ සිට තිරසාර විකල්ප බලශක්තීන් වෙත මාරු වීම දක්වා, පුද්ගලයන්ගේ හා ව්‍යාපාරවල අරමුණු හා අපේක්ෂාවන් සපුරාලන මූල්‍ය විසඳුම් පිරිනැමීම සඳහා අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකියි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි සහ විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසී ය.
2024 කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනයට ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ගෘහෝපකරණවල සිට වාස්තු විද්‍යා උපදේශන සේවා සහ මූල්‍ය සේවා දක්වා, ඉදිකිරීම් කර්මාන්තයට අදාළ නිෂ්පාදන හා සේවාවන් සම්බන්ධ අලෙවි කුටි 200 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වනු ඇත.
1 Comment
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?