
Enchanteur Sri Lankaඅන්තර් සංගම් දැල්පන්දු තරගාවලියට අනුග්‍රහය දක්වයි
ලොව පුරා ප්‍රකට කීර්තිමත් සුවඳ විලවුන් සන්නාමයක් වන Enchanteur, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කළ 2024 අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියට අනුග්‍රහය දැක්වීය. එම තරගාවලිය මාර්තු 2 සහ 3 යන දිනවල පැවැත්විණි. ක්‍රීඩිකාවන් 400කගේ සහ නරඹන්නන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති එම තරගාවලිය ක්‍රීඩාශීලී බව, එකමුතුකම සහ ප්‍රජා දායකත්වය වැනි ගුණාංග රැසක් ප්‍රවර්ධනය කරන තරගාවලියක් විය.
Enchanteur සමාගමේ ශ්‍රී ලංකා කළමනාකරු විවේක් වේඩ් සහ Enchanteur Sri Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ උදය නිස්සංක ඇතුළු සමාගමේ ඉහළ පෙළේ නිලධාරීහු රැසක් ඊට සහභාගී වූහ. ආසියානු දැල්පන්දු සම්මේලනයේ සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය සහ දැල්පන්දු ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ආරාධිතයන් රැසක්ද ඊට සහභාගී වීම සුවිශේෂත්වයකි. අති සාර්ථක ක්‍රීඩා තරගාවලියක් සඳහා අනුග්‍රහය දැක්වීමට හැකි වීම පිළිබඳව ආඩම්බර වන බව Enchanteur Sri Lanka සඳහන් කරයි. ප්‍රංශ සම්භවයක් සහිත සුවඳ විලවුන් සහ වෙනත් ආශ්‍රිත නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරන Enchanteur සමාගම රටවල් 40කට වැඩි ප්‍රමාණයක විහිදී තිබේ. ප්‍රජාව ශක්තිමත් කරන ධනාත්මක ව්‍යාපෘති රැසකට එම සමාගම නිරන්තරයෙන් අනුග්‍රහය දක්වයි. අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියට අනුග්‍රහය දැක්වීම හරහා සිය අභිලාෂ අනුව යමින් කණ්ඩායම් හැඟීම සහ ක්‍රීඩාශීලී බව වැනි ගුණාංග ඉහළ නංවා ගැනීමට ක්‍රීඩිකාවන්ට ශක්තියක් වීමට සහ ඒ තුළින් වගකීම් සහගත සමාගමක් ලෙස ඔවුන් දිනා ඇති ජනතා ප්‍රසාදය වඩාත් තහවුරු කර ගැනීමට Enchanteur සමාගම බලාපොරොත්තු වේ.
2 Comments
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?