July 27, 2024
TAGS 2023 සම්මාන උළෙලේදී සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රන් සම්මාන දිනයි
පුවත්

TAGS 2023 සම්මාන උළෙලේදී සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රන් සම්මාන දිනයි

Dec 31, 2023

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CA Sri lanka) විසින් අඛණ්ඩව 58 වැනි වරටත් සංවිධානය කරන ලද 2023 TAGS සම්මාන උළෙලේදී දළ වාරික ආදායම රු. බිලියන 10 දක්වා වූ රක්ෂණ සමාගම් අංශයෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසරභාවය සඳහා කැපී පෙනෙන කාර්ය සාධනය සහ කැපවීම් මෙම සම්මානය සඳහා පාදක කර ගෙන ඇත. පසු ගිය දින කොළඹ ෂැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වූ මෙම උත්කර්ෂවත් සැන්දෑව සඳහා විවිධ ක්ෂේත්‍රවල දැවැන්ත ආයතන රැසක් සහභාගි වූ අතර එම ආයතනවල වාර්ෂික වාර්තා සදහා සම්මාන පිරිනමන ලදී. රක්ෂණ සමාගම් අංශයේ වාර්ෂික වාර්තා වෙනුවෙන් පසු ගිය වසරේදිත් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රිදී සම්මානය දිනා ගැනීම විශේෂත්වයකි. 

ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරි අයිවන් නිකලස් මහතා මෙසේ පැවසීය. “අපි කණ්ඩායමක් ලෙස සියලු දෙනාගේ කැප වීමේ ප්‍රතිපලයක් ලෙස ලැබූ මෙම ජයග්‍රහණය සමග වෙළෙඳ පොළ තුළ අපගේ ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගෙන යමින් පාරිභෝගිකයන්ට ඉහළ සේවාවක් පිරිනැමීමට කටයුතු කරනවා.” 2023 වර්ෂය පුරා Sustainable Brand of the Year 2023, National Business Excellence Award 2023 ආදී දෙස් විදෙස් සම්මාන රාශියක් දිනා ගනිමින් රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදු කළ රක්ෂණ ආයතනයක් ලෙස ප්‍රකට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ශාඛා 100කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාප්ත වී ඇති අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *