July 27, 2024
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමූපකාර අංශයේ සේවක සේවිකාවන්ට ඉසුහාර රක්ෂණ සැළසුම හඳුන්වාදෙයි
පුවත්

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමූපකාර අංශයේ සේවක සේවිකාවන්ට ඉසුහාර රක්ෂණ සැළසුම හඳුන්වාදෙයි

Dec 31, 2023

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් සිය නවතම සමූහ රක්ෂණ සැළසුම වන ‘ඉසුහාර’ සමූපකාර අංශයේ සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් හඳුන්වා දෙන ලදී. මහනුවර Royal Kandyan හෝටලයේදී උත්සවාකාරයෙන් මෙම රක්ෂණ සැළසුම පසු ගිය දා එළිදැක්වූ අතර මේ සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර ඉදිරියේදී ලංකාවේ අනෙකුත් පළාත්වලද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වයස අවුරුදු 18ත් 69ත් අතර සමූපකාර අංශයේ සේවක සේවිකාවෝ මෙම රක්ෂණ සැළසුම සඳහා සුදුුසුකම් ලබති. මෙහි ප්‍රථම අදියරේ හඳුන්වා දීමේ කටයුතු මධ්‍යම පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ අතර ජීවිත රක්ෂණ ප්‍රතිලාභයට අමතරව හදිසි අනතුරක් නිසා ඇති වන සදාකාලික හෝ පූර්ණ අකර්මණ්‍යතාවකට අදාළ ප්‍රතිලාභය, රෝහල් ගත කිරීමේ ප්‍රතිලාභය, අසාධ්‍ය රෝග ආවරණ ප්‍රතිලාභය, අවමංගල්‍යාධාර ප්‍රතිලාභය හා ඇස් කණ්ණාඩි ආවරණය ඇතුළු ආවරණ රැසක් මෙම රක්ෂණ සැළසුමට අන්තර්ගත වේ. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ අනෙකුත් තරගකාරි ආයතන ඇස් කණ්ණාඩි ආවරණය නොදෙන නමුත් ප්‍රථම වතාවට සමූහ රක්ෂණ සැළසුමක් සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ඇස් කණ්ණාඩි ප්‍රතිලාභය පාරිභෝගිකයන්ට පිරිනැමීමයි. දිවයිනේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ලෙස දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇති සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසි වසරක් පුරා පාරිභෝගික විශ්වාසය නොකඩවා තහවුරු කිරීමට සමත් වී ඇත. ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක්ද දිවයින පුරා දියත් කිරීමට මූලිකත්වය ගෙන ඇති සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලාංකේය ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වමින් දිවයින පුරා ශාඛා 100කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *