July 27, 2024
බලශක්ති ක්ෂේත්‍රය තිරසාරභාවය වෙත රැගෙන යන ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය
පුවත් අලූත් යමක්

බලශක්ති ක්ෂේත්‍රය තිරසාරභාවය වෙත රැගෙන යන ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය

Jan 4, 2024

මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ තිරසාරභාවය  ගොඩනැගීම පිළිබඳව කතිකාවතක්  වර්තමානය වන විට ගොඩනැගී තිබේ .  එහිදී පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී ඇත. ඉදිරියේදී ඇති විය හැකි බලශක්ති අවදානම පිළිබඳව පූර්ව වශයෙන් හඳුනාගනිමින් ඒ වෙනුවෙන් ගත් නිරවද්‍ය පියවරක් ලෙස ද මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සඳහා කඩිනම් සැලසුම් නිර්මාණය කිරීම දැක්විය හැකිය.

අදානි එනර්ජි වින්ඩ් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති විප්ලවයේ මූලික ලක්ෂ්‍යයක් ලෙස හැඳින්විය හැකිය. ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් (IPPs)  අතර වඩාත් ප්‍රචලිත වෙමින් පෙරමුණ ගෙන සිටින අදානි ග්‍රීන් එනර්ජි  සමාගම විසින් මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට සූදානමින් සිටින අතර එය ආර්ථිකමය වශයෙන් මෙන්ම රටේ අනාගත අභිවෘද්ධිය කෙරෙහි ද යහපත් අවස්ථාවක් උදා කරනු ඇත. පුනර්ජනනීය ව්‍යාපෘති තුළින් හිමිවන වැදගත්ම ප්‍රතිලාභයන් ලෙස පිරිවැය 30%ක්  අඩු කිරීමේ හැකියාව සහ ඒකක පිරිවැය ඩොලර් 0.10 ට වඩා අඩු වීම සඳහන් කළ හැකිය.  මෙමඟින් මූල්‍ය ගැටළු රාශියක්  විසඳා ගැනීමට මෙන්ම සහනදායි ලෙස පාරිභෝගික විදුලි අවශ්‍යතාවයන් සපුරාලීමටද හැකි වේ. ස්වාධීන බලශක්ති නිෂ්පාදනය රටේ විදුලිබල පද්ධතියේ  ස්ථාවරත්වය  ඉහළ නැංවීම කෙරෙහිද වැදගත් කාර්‍යභාරයක් ඉටු කරන අතර, ජාල අසාර්ථක වීම වැනි අවදානම් තත්ත්වයන් එමඟින් අවම කරයි.   

මහා පරිමාණ පුනර්ජනනීය ව්‍යාපෘති හඳුන්වාදීම රටේ  ආර්ථික වර්ධනයට මෙන්ම පාරිසරික වශයෙන් ද ඉවහල් වන අතර මෙවැනි ව්‍යාපෘති තුළින් වාර්ෂික කාබන් විමෝචනය අවම කරන  බැවින් මෙය ශ්‍රී ලංකාවේ  පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් ද එය  මහෝපකාරී වනු ඇත.

අදානි ග්‍රීන් එනර්ජි වැනි ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් සතු ගිවිසුම්ගත බැඳීම්, මූල්‍ය ස්ථාවරත්වය සහ තිරසාරභාවය සඳහා කැපවීම ආදී සුවිශේෂීතාවයන් තුළින් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය නියෝජනය කිරීම සඳහා ඔවුන්ට ඇති සුදුසුකම් මැනවින් පසක් වේ. එමෙන්ම අත්දැකීම් සම්භාරයකින් සහ විශයික දැනුමෙන් පොහොසත් අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ නිෂ්පාදකයන් අතිනවීන මෙන්ම කාර්යක්ෂම  බලශක්ති විසඳුම්  උත්පාදනය සහතික කරයි .

සුවිශාල විදේශ ආයෝජනයන් මෙරට වෙත ආකර්ෂණය කරමින් රටේ ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් ධනාත්මක බලපෑමක් ඇති කරන මාවතක් ලෙස මෙන්ම,රටේ  බලශක්ති ඉලක්ක සාක්ෂාත් කරමින් පිරිවැය අවම කරන බලශත්කි සැලසුමක් ලෙස ද පුනර්ජනනීය සහ ස්වාධීන බලශක්ති නිෂ්පාදනය වැදගත් වේ. එමෙන්ම එය පාරිසරික තිරසාරභාවය ද වර්ධනය කරමින් සමෘද්ධිමත් ජීවන තත්ත්වයක් මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා වන අගනා පියවරකි. මේ ඔස්සේ පිරිසිදු බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට මෙරට පාරිභෝගික ජනතාවටද අවස්ථාව සැලසෙන අතර, පුනර්ජනනීය බලශක්තිය ඔස්සේ අඩු පිරිවැයකින් තම බලශක්ති අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ලැබීම ලාංකේය මහජනයා වෙත නිසැකවම සුබවාදී අපේක්ෂාවක් වනු ඇත.

1 Comment

  • I just couldn’t depart your website prior to suggesting that I extremely enjoyed the standard information a person provide for your visitors? Is going to be back often in order to check up on new posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *