July 27, 2024
අපනයන විශිෂ්ටතා රන් සම්මානයෙන් Ceylon Tenny Tea සමාගම පිදුම් ලබයි
පුවත්

අපනයන විශිෂ්ටතා රන් සම්මානයෙන් Ceylon Tenny Tea සමාගම පිදුම් ලබයි

Jan 4, 2024

සිලෝන් ටී සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන යන තේ අලෙවියේ ප්‍රමුඛයකු වන Ceylon Tenny Tea පෞද්ගලික සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ තේ සහ තේ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී කළමනාකාර අධ්‍යක්ෂ එච්. ඩී. ටී. ජෝර්ජ් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2022දීද NCE රිදී සම්මානයක් දිනූ Ceylon Tenny Tea සමාගම The Best Flavored Tea of the Year ජාත්‍යන්තර සම්මානය ඇතුළු දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇත. 2013දී ටෙනිසන් ජෝර්ජ් මහතා ඇරැඹූ Ceylon Tenny Tea සමාගම නවෝත්පාදනය සහ ඉහළ ප්‍රමිතියෙන් සපිරි උසස් තත්ත්වයේ ගුණාත්මක නිෂ්පාදන ඔස්සේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගෙන තිබේ. අත්දැකීම්වලින් සපිරි තේ රස පරීක්ෂකයන් ඇතුළු පළපුරුදු කාර්ය මණ්ඩලයකින් සමන්විත Ceylon Tenny Tea සමාගම තේ නිෂ්පාදනයට නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර භාවිත කරයි.

Ceylon Tenny Tea සමාගම තේ පැකට්, තේ බෑග්, තොග තේ සහ අගය එකතු කළ තේ යන අංශ හතර යටතේ නිෂ්පාදන සිදු කරයි. Black Tea, Green Tea, Herbal Tea සහ Flavored Tea ආදී තේ නිෂ්පාදන රැසක් සමාගමේ අපනයන අතර වේ. දොඩම්, අඹ, මින්ට්, ඇපල්, ස්ට්‍රෝබෙරි, මික්ස් ෆෘට් ආදී රස වර්ග 14කින් යුක්ත Flavored Tea ඔවුන්ගේ නිෂ්පාදන පෙළට අයත්ය. ජාත්‍යන්තර තේ ප්‍රදර්ශන රැසකට සහභාගී වී ඇති Ceylon Tenny Tea සමාගම සිය නිෂ්පාදන දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට Tenny Leaf, Al ASR, Jamal ආදී සන්නාමවලින් ඉදිරිපත් කරන අතර සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රුසියාව, එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ස්වීඩනය, ඉරානය, අසර්බයිජාන්, ඕස්ට්‍රේලියාව, ලිබියාව, ඉන්දුනිසියාව, තුර්කිය සහ තායිවානය ඇතුළු රටවල් රැසකට අපනයනය කරයි. සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලාව කැළණියේ පිහිටා ඇති අතර ISO 22000 තත්ත්ව සහතිකයෙන්ද ඔවුන් පිදුම් ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *