July 20, 2025
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය RPCs හි වතු කම්කරුවන්ට සහ කාර්ය මණ්ඩලය සඳහා දීපවාලි උත්සවය වෙනුවෙන් වැඩි කළ අත්තිකාරම් ලබාදෙයි
පුවත්

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය RPCs හි වතු කම්කරුවන්ට සහ කාර්ය මණ්ඩලය සඳහා දීපවාලි උත්සවය වෙනුවෙන් වැඩි කළ අත්තිකාරම් ලබාදෙයි

Nov 1, 2024

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයට (PA) අයත් කලාපීය වැවිලි සමාගම් (RPCs) විසින් දීපවාලි උත්සව සමය වෙනුවෙන් සිය සේවකයින්ට ලබා දෙනු ලබන අත්තිකාරම් වැඩි කළ බව අද නිවේදනය කරන ලදී.

ඒ අනුව සියලුම RPC වතු සේවකයින්ට දීපවාලී උත්සවය වෙනුවෙන් මීට පෙර ලබා දුන් රුපියල් 20,000 සිට රුපියල් 25,000 ක් දක්වා වැඩි කළ අත්තිකාරම් මුදලක් ලැබුණු අතර එය 25% ක වැඩිවීමකි. මේ අතර කාර්ය මණ්ඩලය සඳහා 20% ක වැඩිවීමක් සමඟින් රුපියල් 25,000 සිට රුපියල් 30,000 ක් දක්වා අත්තිකාරමක් හිමි වනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහ ලේකම් ලලිත් ඔබේසේකර මහතා පැවසුවේ “දීපවාලි උත්සවයේ ඇති සංස්කෘතික වැදගත්කමට ගරු කරමින් RPCs විසින් ස්වේච්ඡාවෙන් මෙම තීරණය ගනු ලැබුවා. මෑතකදී සිදු කළ වැටුප් වැඩිවීමට සමගාමීව මෙම වැඩි කළ අත්තිකාරම් ලබා දීමෙන් සේවකයින්ට සහයෝගය දැක්වීමටත් මූල්‍ය සුරක්ෂිතතාවයකින් මෙවර උත්සවය සමය සැමරීමට ඔවුන්ට උපකාර කිරීම සඳහාත් RPCs හි කැපවීම පෙන්නුම් කරනවා.” යනුවෙනි.

දීපවාලි උත්සවය සඳහා මෙම වැඩිකළ අත්තිකාරම් ලබා දී ඇත්තේ මෑතකදී වතු කම්කරු වැටුප් වැඩි කිරීමට සිදු කළ සාර්ථක සාකච්ඡාවලින් පසුව වන අතර එම සාකච්ඡාවලින් පසුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 සිට රුපියල් 1,350 ක් දක්වා වැඩි විය. මීට අමතරව, සම්මත ඉලක්කයට වඩා නෙලා ගනු ලබන සෑම තේ දලු කිලෝවක් සඳහාම අමතර ආදායමක් ලැබෙන බැවින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමෙන් වතු කම්කරුවන්ට දැන් වැඩි ආදායමක් ලබා ගත හැකිය.

මෙම වැටුප් වැඩිවීමට පෙර සිටම ශ්‍රී ලංකාවේ තේ අස්වනු නෙලන්නන් වෙනත් ගෝලීය තරගකරුවන්ට සාපේක්ෂව ඉහළම වැටුප් ලබන අය අතර විය. තවද මෙම වැටුප් සංසඳනය සඳහා කලාපීය වැවිලි සමාගම් විසින් පිරිනමනු ලබන නිවාස, සෞඛ්‍ය සේවා සහ වෙනත් සුබසාධන වැඩසටහන් ඇතුලත් නොවීය.

1 Comment

  • I am extremely inspired together with your writing abilities and also with the format on your blog. Is this a paid theme or did you customize it your self? Anyway keep up the excellent quality writing, it’s rare to see a great weblog like this one nowadays!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close