December 12, 2024
C.W. Mackie PLC – ‘ස්කෑන් දරු දිරිය’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය වැල්ලවාය – ඇතිලිවැව ගම්මානයේදී ඇරඹේ
පුවත්

C.W. Mackie PLC – ‘ස්කෑන් දරු දිරිය’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය වැල්ලවාය – ඇතිලිවැව ගම්මානයේදී ඇරඹේ

Nov 1, 2024

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගමට අනුබද්ධිත ස්කෑන් ජම්බෝ පීනට් වෙළෙඳ සන්නාමය, ලංකා ජම්බෝ රටකජු නිෂ්පාදනය හා සම්බන්ධ ගොවි පවුල්වල දරු දැරියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාදීමේ ‘ස්කෑන් දරු දිරිය’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය වැල්ලවාය – ඇතිලිවැව ගම්මානයේදී ඉකුත්දා ආරම්භ කෙරිණි.

‘ස්කෑන් ජම්බෝ පීනට්’ නිෂ්පාදනය සඳහා එම සමාගමට ජම්බෝ රටකජු වගා කරන ගොවි පවුල් සවිබල ගැන්වීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය ලෙස ‘ස්කෑන් දරු දිරිය’ ආරම්භ කෙරිණි. මේ අවස්ථාවට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගමේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කිරීමේ ජාතික කර්තව්‍යයට උර දෙමින් දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් රජයේ ආයතන සමඟ මින් පෙර එළඹුණු හවුල්කාරිත්ව ගිවිසුමට සමගාමීව මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

ආනයන ආදේශකයක්, විදේශ විනිමය ඉතිරි කිරීමේ මාර්ගයක් හා අගය එකතු කළ නිෂ්පාදන දාමයක් ලෙස ‘ස්කෑන් ජම්බෝ පීනට්’ දේශීය සහ විදේශීය වෙළෙඳපොල තුළ අද්විතීය ස්ථානයක් හිමි කොට ගෙන ඇත.

සිය නිෂ්පාදන ක්‍රියාවලිය හා සෘජුවම සම්බන්ධ කෘෂිකාර්මික නිමැවුම් බළකාය සමඟ බැඳී සිටින ගොවි පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ‘ස්කෑන් දරු දිරිය’ ව්‍යාපෘතිය යටතේ අපේක්ෂා කෙරේ. මේ තුළින් එම දරු දැරියන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත් පත්, පාසල් බෑග් ආදී අත්‍යවශ්‍ය උපකරණ ලබා දීමට මෙන්ම උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමටද යෝජිතය.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ සී.ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගමේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා පැවසුවේ දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොල තුළ ස්කෑන් ජම්බෝ පීනට් සන්නාමය ඉහළින් ඔසවා තැබීමට ජම්බෝ රටකජු සපයන, ගොවීන් හා කෘෂි ව්‍යවසායකයන් වෙනුවෙන් ඔවුන්ගේ දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරමින් ඔවුන් ශක්තිමත් කිරීම හා ජීවන තත්ත්වය උසස් කිරීම මේ ව්‍යාපෘතියේ අරමුණ බවය.

ජම්බෝ පීනට් ආනයනයට විකල්පයක් ලෙස තම නිෂ්පාදන සඳහා දේශීයව වගා කෙරෙන ලංකා ජම්බෝ පීනට් යොදා ගැනීමෙන් මෙරට මුදල් විදේශයන් වෙත ඇදී යෑමෙන් වැළකෙන බවද ඔහු සඳහන් කළේය. අතරමැදියන්ගේ මැදිහත් වීමකින් තොරව සෘජුවම ගොවීන්ගේ අස්වැන්න අලෙවි කර ගැනීමට මේ හරහා අවකාශය සළසා ඇති නිසා ඔවුන්ගේ අස්වැන්නට නිසි මිලක් ලබා ගැනීමට හැකියාව ඇති බවද මංගල පෙරේරා මහතා අවධාරණය කළේය.

වැල්ලවාය ඇතිලිවැව ගම්මානයේදී ආරම්භ කෙරුණු ‘ස්කෑන් දරු දිරිය’ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියට එක්ව සිටි ඒ අවට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් සඳහන් කළේ සී.ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම සිය අස්වැන්න සඳහා වෙළෙඳපොල සැබෑ වටිනාකමක් ලබා දුන් බවය. තම අස්වැන්නට සඳහා සැබෑ වෙළෙඳ පොළ වටිනාකමක් ලබා දෙමින් වගා කටයුතු සඳහා අවශ්‍ය බීජ, පොහොර ආදිය මෙන්ම අවශ්‍ය තාක්ෂණික උපදෙස් පවා ලබා දෙමින් තමන් නඟා සිටුවීමට ශක්තිමත් අත්වැලක් සැපැයීම පිළිබඳව ඔවුහු මෙහිදී සිය කෘතවේදීත්වය එම සමාගමට පළ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *