පෑන් ඒෂියා බැංකුව සහ Toyota Lanka එක් වී පාරිභෝගිකයන්ට විශ්වාසනීය වාහන විසඳුම් පිරිනමයි
පෑන් ඒෂියා බැංකුව Toyota Lanka (පෞද්ගලික) සමාගම සමඟ එක් වී පාරිභෝගිකයන්ට වාහන හිමිකාරිත්වය වඩාත් පහසු, කාර්යක්ෂම සහ විශ්වාසනීය ලෙස ගැනීමට අවස්ථාව සළසයි. මෙම හවුල්කාරිත්වය යටතේ ලීසිං විසඳුම්, එක් දිනක් තුළ මූල්ය අනුමැතිය සහ දිවයින පුරා නිවසටම පැමිණෙන සේවාව ඇතුළු ප්රතිලාභ රැසක් පාරිභෝගිකයන්ට හිමි වේ. Toyota Lanka සතු විශ්වාසනීය සංචලතා විසඳුම් සහ පෑන් ඒෂියා බැංකුවේ නම්යශීලී මූල්ය පහසුකම් එකට එක් කරමින් වාහනය තෝරා ගැනීමේ සිට මූල්ය පහසුකම් ගැනීම දක්වා වූ සමස්ත ක්රියාවලිය වඩාත් වේගවත්, පහසු සහ විශ්වාසනීය කිරීමට මෙම හවුල්කාරිත්වය උපකාර වේ. මෙම හවුල්කාරිත්වය යටතේ ටොයොටා ලංකා පාරිභෝගිකයන්ට වසර හතක් දක්වා කාල සීමාවක් සඳහා පෑන් ඒෂියා බැංකුවේ ලීසිං පහසුකම් ගත හැකිය. ඇපකරුවන් අවශ්ය නොවන අතර එක් වැඩ කරන දිනයක් තුළ ලීසිං අනුමැතිය දීමට බැංකුව කටයුතු කරයි. එමෙන්ම දිවයින පුරා නිවසටම පැමිණෙන සේවාව හරහා පාරිභෝගිකයන්ට මූල්ය පහසුකම් සම්බන්ධ සහාය වඩාත් පහසුවෙන් ගත හැකිය. වාහන මූල්යකරණයෙන් ඔබ්බට යමින් පාරිභෝගිකයන්ට පූර්ව අනුමත සූර්ය බල ශක්ති ණය පහසුකම් සහ පූර්ව අනුමත ක්රෙඩිට් කාඩ් පහසුකම්ද හිමි වේ. රක්ෂණ වාරික ගෙවීම් සඳහා 0%ක පොලී අනුපාතයක් යටතේ වාරික ගෙවීමේ සැළැසුම්ද මෙම ක්රෙඩිට් කාඩ් පහසුකම් අතරට ඇතුළත් වේ. මෙම අමතර පහසුකම් මඟින් පාරිභෝගිකයන්ට තම වාහන සම්බන්ධ මෙන්ම අනෙකුත් මූල්ය අවශ්යතාද වඩාත් නම්යශීලීව කළමනාකරණය කර ගැනීමට හැකි වේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ පෑන් ඒෂියා බැංකුවේ අධ්යක්ෂ / ප්රධාන විධායක නිලධාරී නලීන් එදිරිසිංහ මහතා මෙසේ පැවසීය. “මෙම හවුල්කාරිත්වය මඟින් මූල්ය පහසුකම් සහ වාහන මිල දී ගැනීමේ ක්රියාවලිය වඩාත් සමීප කරමින් පාරිභෝගිකයන්ට වැඩි තේරීමක් සහ පහසුවක් දෙනවා. ඔවුන්ගේ පුළුල් මූල්ය අවශ්යතා සඳහා සහාය වන අමතර පහසුකම් සමඟ නම්යශීලී ලීසිං විසඳුම් පිරිනැමීමට හැකි වීම පිළිබඳව අප සතුටු වෙනවා. මෙම හවුල්කාරිත්වය තුළින් දිගු කාලීන වටිනාකමක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” වාහන විසඳුම් සහ පෑන් ඒෂියා බැංකුවේ පහසුවෙන් ප්රවේශ විය හැකි මූල්ය සේවා එකට එක් කිරීම තුළින් පාරිභෝගිකයන්ට වඩාත් සරල සහ කාර්යක්ෂම අත්දැකීමක් සැපැයීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණයි. වසරක කාලයක් පුරා ක්රියාත්මක වන මෙම හවුල්කාරිත්වය යටතේ පාරිභෝගික අවශ්යතා වෙනස් වන ආකාරයට ප්රතිචාර දක්වමින් ව්යාපාර අවස්ථා උපරිම කර ගැනීමට දෙපාර්ශ්වය සමීපව කටයුතු කරනු ඇත. Toyota Lanka සමාගමේ සභාපති මසාකි කවබතා මහතා මෙසේ පැවසීය. “ප්රවේශ විය හැකි සහ නම්යශීලී මූල්ය විකල්ප සමඟ සංචලතා විසඳුම් එකට එක් කිරීම තුළින් මෙම හවුල්කාරිත්වය අපගේ පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් දෙනවා. පාරිභෝගිකයන්ගේ සමස්ත මිල දී ගැනීමේ අත්දැකීම වැඩි දියුණු කිරීමටත්, ඔවුන්ගේ සංචලතා සහ මූල්ය අවශ්යතාවලට සහාය වන විසඳුම් දීමටත් පෑන් ඒෂියා බැංකුව සමඟ එක් වී කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

