July 27, 2024
නෙල්කො ෆුඩ් ප්‍රඩක්ට්ස් ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි
පුවත්

නෙල්කො ෆුඩ් ප්‍රඩක්ට්ස් ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි

Jan 21, 2024

මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන නෙල්කො ෆුඩ් ප්‍රඩක්ට්ස් පෙෳද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ආහාර නිෂ්පාදන අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් ආරියරත්න මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

1992දී ඇරඹූ නෙල්කො ෆුඩ් ප්‍රඩක්ට්ස් සමාගම වර්තමානයේදී 250කට වැඩි පිරිසකට සෘජු රැකියා අවස්ථා සහ තවත් විශාල පිරිසකට වක්‍ර රැකියා අවස්ථා සපයා ඇත. එම සමාගම දේශීය වෙළෙඳපොළ ඉලක්ක කර කුළුබඩු, සෝයාමීට්, නූඩ්ල්ස්, කුරක්කන් පිටි, ඉඳි ආප්ප පිටි, ධාන්‍ය, රසකැවිලි, විනාකිරි සහ පපඩම් ආදිය නිපදවයි. ඊට අමතරව නෙල්කො ෆුඩ් ප්‍රඩක්ට්ස් සමාගම ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර නිෂ්පාදන ගණනාවක් හඳුන්වා දී ඇති අතර කහ, කුරුඳු හා මුරුංගාවලින් නිෂ්පාදිත ආහාර අතිරේක කරල්, කුඩු කළ කුරුඳු, මුරුංගා, ඉඟුරු හා කරපිංචා, ගොරකා හා සුදු ළූණු පේස්ට්, කටු අනෝදා, අන්නාසි, වරකා හා පැණිකොමඩු වැනි පළතුරුවලින් නිෂ්පාදිත බීම වර්ග, තැඹිලි වතුර, කොස්, දෙල්, කොස් ඇට හා සුදු ළූණු වැනි වියලූ ආහාර, ඇඹරැල්ලා චට්නි, පොළොස් අච්චාරු, සීනි සම්බෝල, ඔයිස්ටර් බිම්මල්, කුරුඳු පොතු හා පත්‍ර, ඉඟුරු හා කහවලින් නිෂ්පාදිත තෙල් ඒ අතර වේ. උසස් තාක්ෂණයෙන් යුතු නවීන යන්ත්‍රෝපකරණ සහිත නිෂ්පාදන ක්‍රියාවලියකට හිමිකම් කියන නෙල්කො ෆුඩ් ප්‍රඩක්ට්ස් සමාගම සිය සෑම නිෂ්පාදනයක්ම පිළිගත් ප්‍රමිතිවලට අනුකූල බව තහවුරු කරයි. එම නිෂ්පාදනවල ගුණාත්මක බව සහතික කිරීම සඳහා දැනුම සහ පළපුරුද්ද සහිත ප්‍රවීණ වෘත්තිකයන් කණ්ඩායමක්ද සහිත එම සමාගම අහඹු පරික්ෂා කිරීම් වැනි විවිධ ක්‍රමවලින් සිය නිෂ්පාදන අනුමත නිර්ණායකවලට අනුකූල භව සහතික කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *