NDB බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීම සඳහා ‘SME Re-Energizer’ නමින් ණය සැලසුම් ක්‍රමයක් හඳුන්වාදෙයි
NDB බැංකුව, ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගීව රට පුරා විසිරී සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අත්‍යාවශ්‍ය වන මූල්‍ය සහාය ලබා දීම සඳහාම නිර්මාණය කර ඇති ‘SME Re-Energizer’ ණය සැලසුම් ක්‍රමය දියත් කිරීම පිළිබඳ සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම සහ රට තුල නැගී එන ව්‍යාපාර සඳහා සහාය දැක්වීමෙන් ආර්ථික වර්ධනයක් ඇති කිරීමෙහිලා NDB බැංකුවේ ඇති කැපවීම මෙම මුලපිරීම තුලින් අවධාරණය කරයි.
‘SME Re-Energizer’ මඟින් වාර්ෂිකව 7%ක තරඟකාරී පොලී අනුපාතිකයක් යටතේ වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් සහිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා රුපියල් මිලියන 15 දක්වා ආයෝජන ණය ලබාගත හැක. මෙම සුවිශේෂී වූ ආයෝජන ණය ක්‍රමය නිෂ්පාදන, ඉදිකිරීම්, අපනයන, සංචාරක, ඇඟළුම්, කෘෂිකර්මාන්තය සහ කෘෂි ආශ්රිත ව්‍යාපාර ඇතුලූ ප්‍රධාන ව්‍යාපාර අංශ සඳහා ලබා දෙයි. නම්‍යශීලී පහසු ගෙවීමේ සැලසුම් සමඟින් ව්‍යාපාර වල සුවිශේෂී අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදී දිගු කාලීන මූල්‍ය විසඳුම් ලබාදීම මෙම ණය යෝජනා ක්රමයේ අරමුණ වේ.
උදාහරණයක් ලෙස තම ව්‍යාපාර පුළුල් කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ, වෙනත් උපකරණ හෝ ගෘහ භාණ්ඩ වැනි වත්කම් මිළදී ගැනීම ද මෙම ණය ක්රමයේ ඇතුළත් තවත් අරමුණක් වේ. සූර්ය පැනල ස්ථාපිත කිරීම් සහ ඵලදායිතාව වැඩි දියුණු කිරීම්, සංචාරක ක්ෂේත්රය සඳහා වාහන මිළදී ගැනීම්, නව්‍ය හෝ උසස් තාක්ෂණයන් හරහා ව්‍යාපාර පුළුල් කිරීම් සහ කර්මාන්ත ශාලා, ගොඩනැගිලි හෝ ගබඩා වල නව ඉදිකිරීම්, පුළුල් කිරීම් හෝ අලූත්වැඩියා කිරීම් වැනි පිරිවැය අඩු කිරීමේ වැඩසටහන් මෙම ණය යෝජනාවලියෙන් ආවරණය වන තවත් අංශයන් වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ නවෝත්පාදනයන් මෙහෙය වීමට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව NDB බැංකුව දැඩිව විශ්වාස කරයි. ව්‍යවසායකයින්ට දැරිය හැකි මූල්‍ය විකල්පයන් පිරිනමමින් ඔවුන්ගේ ව්‍යාපාර දියුණුව සඳහා ආයෝජනය කිරීම, ඔවුන්ගේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ ඔවුන්ගේ උපාය මාර්ගික අරමුණු මුදුන්පත් කරලීමට සහාය වීම NDB බැංකුවේ අරමුණයි. හුදෙක් මූල්‍ය පහසුකමකට වඩා එහා ගිය මෙම මුල පිරීම, ව්‍යවසායකයින්ගේ උද්යෝගය වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ තිරසාර සංවර්ධනයට ඔවුන්ව දායක කරගැනීම සඳහා NDB බැංකුවේ ඇති කැපවීම පිළිබඳ තහවුරු කර සිටියි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සවිබල ගැන්වීමෙහි NDB බැංකුවේ අරමුණ වනුයේ ජාතියේ අනාගතය උදෙසා ආයෝජනය කිරීමත්, රැකියාවන් උත්පාදනය කිරීමත්, ආර්ථික අර්බුද වලට ඔරොත්තු දීමේ වැඩිදියුණු කිරීමත් සහ විවිධාංගීකරණය වූ ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමත්ය. මෙම ව්‍යාපාර වල සුවිශේෂී අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි තරඟකාරී මූල්‍ය විසඳුම් ලබා දීමෙන් NDB බැංකුව ඔවුන්ගේ ව්‍යාපාර දියුණුව සහ නවෝත්පාදනයන්ට සහාය වීමට කැපවී සිටින අතර අවසානයේදී රටෙහි පුළුල් වූ ආර්ථික ප්‍රගතියට ද දායක වේ.
‘SME Re-Energizer’ ණය සැලසුම පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට සහ එමඟින් ඔබගේ ව්‍යාපාරයට ලබා ගත හැකි ප්රතිලාභ පිළිබඳ දැනගැනීමට ඔබගේ ළඟම ඇති NDB බැංකු ශාඛාවට පිවිසීමෙන් හෝ NDB බැංකුවේ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ලබා ගත හැක. අප එක්ව ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ අනාගතය යලි ගොඩ නගමු.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිවුවන විශාලතම ලැයිස්තු ගත පෞද්ගලික වාණිජ බැංකුව වේ. මෑතකදී පැවති Asian Ba\nking & Finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ්‍රී ලංකා ප්රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී. ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කළ වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන් වලදී NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත්රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place To Work විසින් NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොල තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප්‍රාග්ධන වෙළඳපොල ආශ්රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබලගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.