January 15, 2025
NDB බැංකුව ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ රාජකීයයන්ට දැනුම සහ විනෝදාස්වාදය ගෙනඑයි
පුවත්

NDB බැංකුව ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ රාජකීයයන්ට දැනුම සහ විනෝදාස්වාදය ගෙනඑයි

Oct 30, 2024

2024 ලෝක ළමා දිනය නිමිත්තෙන් NDB බැංකුව සිසුන් සඳහා විනෝදාත්මක සහ අධ්‍යාපනික ක‍්‍රියාකාරකම් මාලාවක් එක්කරගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයේ දී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්විය. උද්යෝගීමත්, නිර්මාණශීලී සහ දැනුම කැටි වූ ක‍්‍රියාකාරකම් මඟින් සිසු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යහපත් පුරුදු, මූල්‍ය සාක්ෂරතාව සහ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය දියුණු කිරීම සඳහා වෙන්වූ සුවිශේෂී දිනයක් විය.

මෙම ළමා දින සැමරුම් උත්සවය වයස් කාණ්ඩ දෙකක් යටතේ පවත්වනු ලැබීය. 1 සිට 3 දක්වා ශ්‍රේණිවල සිසුන් සඳහා, කුඩා දරුවන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගත් මැජික් සංදර්ශණයක් සහ හොඳ පුරුදු පිළිබඳ NDB බැංකුව විසින් පවත්වන ලද සැසියකින් ද සමන්විත විය. 4 සහ 5 ශ්‍රේණි සඳහා, මැජික් සංදර්ශණය සිසුන්ට විනෝදාස්වාදය ලබා දුන් අතර, අත්‍යවශ්‍ය ජීවන කුසලතා සහ හොඳ පුරුදු පිළිබඳව සිසුන් සම්බන්ධ කර ගත් සජීවී ප‍්‍රශ්නෝත්තර වැඩසටහනකින් යුක්ත විය.

මෙම උත්සවයේ විශේෂත්වය වූයේ NDB ශිල්ප ළමා ඉතුරුම් ගිණුම මඟින් සංවිධානය කරනු ලැබූ චිත‍්‍ර තරඟයෙහි ජයග‍්‍රාහකයින් ඇගයීමට ලක් කිරීමයි.  “හොඳ පුරුදු ඉතුරු කරමු” යන තේමාව මූලික කරගත් මෙම චිත‍්‍ර තරඟාවලිය සිසුන්ගේ කලාත්මක හැකියාවන් තුළින් ඔවුන්ගේ ධනාත්මක අගයන් පිළිඹිබු කිරීමට සිසුන් දිරිමත් කලේය. නිර්මාණශීලීත්වය, තේමාවට අනුකූලවීම සහ ඉදිරිපත් කිරීම, ජයග‍්‍රාහකයින් තෝරා ගැනීමේ නිර්ණායකයන් වූ අතර සියලූම තරඟකරුවන් සඳහා ඉදිරිපත්වීම වෙනුවෙන් ඇඟයීම් සංකේත පිරිනැමුණු අතර ජයග‍්‍රාහකයින්ට සුවිශේෂ ත්‍යාග පිරිනමන ලදී.

ළමුන් තුළ ධනාත්මක පුරුදු ගොඩනැගීම සඳහා වන කැපවීමේ කොටසක් ලෙස NDB ශිල්ප හුදෙක් ළමා ඉතුරුම් ගිණුමකට වඩා වැඩි යමක් ළමුන් වෙනුවෙන් ප‍්‍රධානය කරයි. ළමුන් වෙනුවෙන්ම නිර්මාණය කර ඇති NDB ශිල්ප ඉතුරුම් ගිණුම මඟින් ද්විත්ව පොලී අනුපාත, ආකර්ෂණීය ත්‍යාග යෝජනාක‍්‍රම, නොමිලේ රෝහල්ගත කිරීම් ආවරණ සහ ගිණුම් හිමියන් සඳහා ජීවිත රක්ෂණ සහ ස්ථීර ආබාධිත රක්ෂණ ආවරණ ඇතුළු ප‍්‍රතිලාභ රැසක් පිරිනමයි. 5 ශ්‍රේණිය සහ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් සඳහා ත්‍යාග පිරිනැමීමත් සමඟ ඉතිරි කිරීම් සඳහා සිසුන් දිරිමත් කරමින් තරුණ ඉතිරි කරන්නන් සඳහා ආකර්ෂණීය සහ ප‍්‍රතිලාභදායී අත්දැකීම් නිර්මාණය කරයි.

මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම මඟින් NDB බැංකුවෙහි පරමාර්ථය වනුයේ මූල්‍ය වගකීම් යන තේමාව සිසුන් හට කුඩා කල සිටිම හඳුන්වාදීම සහ ඔවුන්ගේ අනාගත සාර්ථකත්වය සඳහා කුඩා පියවර ගැනීමට දරුවන් දිරිමත් කිරීමයි.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close