July 27, 2024
සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් අභිනව හරිත ගොඩනැඟිල්ලක් මතුගම විවෘත කරයි
පුවත්

සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් අභිනව හරිත ගොඩනැඟිල්ලක් මතුගම විවෘත කරයි

Oct 31, 2023

ශ්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් සමාගමේ හරිත මෙහෙයුම් වලට අනුකූල වන පරිසර හිතකාමී ශාඛාවක් සඳහා මතුගම ප්‍රදේශයේ අත් කරගත් ගොඩනැඟිල්ලක් ප්‍රතිනිර්මාණය කර ඇත.

මතුගම, නෑබොඩ පාරේ, අංක 143 දරණ ස්ථානයේ පිහිටි මෙම නව ශාඛාව, සමාගමට අයත් ගොඩනැඟිල්ලක ක්‍රියාත්මක වන 32 වැනි ශාඛාව වන අතරම කළුතර දිස්ත්‍රික්කයේ එවැනි සිව්වැනි ශාඛාව බවද සමාගම පවසයි.

ගොඩනැඟිල්ල ප්‍රතිනිර්මාණය කිරීම සමඟ පරිසර හිතකාමී මෙහෙයුම් සඳහා 10 kW ජාලක සූර්ය බලශක්ති පද්ධතියකින් සහ 5kW ජාලයෙන් පිටත බැටරි උපස්ථතික බල පද්ධතියකින්ද බලගැන්වෙන අතර එය ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය පරිභෝජනය අවම කරමින් අතිරික්ත විදුලිය ජාලයට සපයයි. මෙම ගොඩනැඟිල්ල වර්ග අඩි 1,800 ක ඉඩ ප්‍රමාණයකින් යුක්ත වෙයි. එමෙන්ම නවතම බලශක්ති කාර්යක්ෂම ආලෝකකරණ සහ වායු සමීකරණ පද්ධති වලින් ද සමන්විත වන අතර ස්වාභාවික ආලෝකයේ ප්‍රශස්ත භාවිතය සඳහාද ප්‍රතිනිර්මාණය කර ඇත. මෙම ප්‍රතිනිර්මාණයේදී දැව භාවිතය අවම කර ඇති අතර පරිශ්‍රයේ නව ශාක ද රෝපණය කර ඇත.

පාරිභෝගික පහසුව සඳහා නව ශාඛාව මගින් වාහන නැවැත්වීමේ ස්ථාන, ඉඩකඩ සහිත පාරිභෝගිකයන්ට අසුන් ගෙන සිටිය හැකි ස්ථානයක් සහ පුද්ගලික සාකච්ඡා කාමර ස්ථාපිත කර ඇත.

2022 වසරේ දී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් මෑතකදී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් කරන ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2023 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් 2022 වසරේ අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *