May 13, 2026
ප්‍රධාන ක්ෂේත්‍ර 9ක විශිෂ්ට දක්ෂතා දැක්වූ කාන්තාවන් ඇගයීම වෙනුවෙන් 2026 IMRA සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවයි
පුවත්

ප්‍රධාන ක්ෂේත්‍ර 9ක විශිෂ්ට දක්ෂතා දැක්වූ කාන්තාවන් ඇගයීම වෙනුවෙන් 2026 IMRA සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවයි

May 13, 2026

IMRA Foundation Guarantee Ltd විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන 2026 සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු ආරම්භ කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. අනුව 2026 ජූලි 01 වැනි දින දක්වා අයදුම්පත් යොමු කළ හැකිය. ශ්‍රී ලංකාව පුරා වෙසෙන විශිෂ්ට, නායකත්ව ගුණාංගයන්ගෙන් හෙබි, සමාජයට යහපත් සේවාවක් කළ මුස්ලිම් ජාතික කාන්තාවන් ජාතික මට්ටමෙන් ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණයි.

2026 IMRA සම්මාන උළෙල එළඹෙන සැප්තැම්බර් 06 වන දින සවස 7 සිට කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇත.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන් පිළිබඳ සමාජය දකින ආකාරය වෙනස් කිරීම සහ ඔවුන්ගේ දක්ෂතා වැඩිපුර ඉස්මතු කිරීම අරමුණු කර ගනිමින් IMRA පදනම පිහිටුවා ඇත. මෙතෙක් නිසි ඇගයීමකට ලක් නොවූ, විවිධ ක්ෂේත්‍රවල රැකියාවේ නියුතු, ව්‍යාපාර නිර්මාණය කළ, දැනුම වර්ධනය කළ සහ සමාජයට සේවයක් කළ කාන්තාවන් මෙමඟින් ඇගයීමට ලක් කිරීමට නියමිතය. එමෙන්ම, සමාජයට ආදර්ශමත් කාන්තාවන්ව ඉදිරියට ගනිමින්, විවිධ ජාතීන් අතර අවබෝධය වර්ධනය කරමින් සහ රටටම ආදර්ශයක් ලබා දෙන දක්ෂ කාන්තාවන්ගේ ජාලයක් ගොඩනැඟීම මඟින් සමාජ සමානාත්මතාවය ශක්තිමත් කිරීමද මෙම සම්මාන උළෙලේ අරමුණ වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ IMRA Foundation හි අධ්‍යක්ෂිකා ෆාතිමා අසීස් මහත්මියතමන් නියෝජනය කරන විවිධ ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් කටයුතු කරන කාන්තාවන් ජාතික මට්ටමෙන් ඇගයීමට ලක් කිරීම සඳහා වන වේදිකාවක් ලෙස 2026 IMRA සම්මාන උළෙල සඳහන් කළ හැකියි. මෙම සුවිශේෂී සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාව පුරා වෙසෙන සියලු කාන්තාවන්ට මා ආරාධනා කර සිටිනවා. වගේම සමාජය වෙනුවෙන් කැපී පෙනෙන සේවාවක් සිදු කළ නායිකාවන්, වෘත්තිකයින් සහ සමාජයේ පරිවර්තනයකට කටයුතු කළ පුද්ගලයින් මේ සඳහා නිර්දේශ කරන ලෙසත් ආයතනය හා සමාජයෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් පැවසීය.

මෙම සම්මාන සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණක් අයදුම් කළ හැකි අතර, අයදුම්පත් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් ලබා ගත හැකිය. තේරීම් ක්‍රියාවලිය ඉතා පැහැදිලි සහ විනිවිදභාවයකින් යුතුව සිදු කෙරේ. මෙහි තාක්ෂණික කටයුතු KPMG ආයතනය විසින් මෙහෙයවනු ලබන අතර, විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීනයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් අවසන් වටයේ තරඟකාරියන් තෝරා ගනු ලබයි. අවසන් තෝරා ගැනීම් ස්ථිර කිරීමට පෙර එම තරගකාරියන් සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දිය යුතුය.

නීතිය, සෞඛ්‍ය සේවා, බැංකු සහ මුදල්, අධ්‍යාපන, මාධ්‍ය වැනි ක්ෂේත්‍ර නියෝජනය කරන කාන්තාවන් මෙන්ම සංචාරක හා හෝටල් සේවා, ගෘහ නිර්මාණ ශිල්පය, කලාව සහ සංස්කෘතිය හා ව්‍යවසායකත්වය යන් ක්ෂේත්‍රයන්හි නියුතු කාන්තාවන් හට  2026 IMRA සම්මාන උළෙල සඳහා අයදුම් කළ හැකිය.

https://forms.gle/v64j47jw1vtSdNkU9 හරහා ඔබේ අයදුම්පත යොමු කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close