මව්වරුන්ගේ දිනයේදී අම්මාගේ සතුට වෙනුවෙන් පහසුවෙන් කළ හැකි දේ TikTok කියා දෙයි
අප මේ ලෝකයට බිහිවූ දා සිට මිය යන තෙක් වැඩියෙන්ම භාවිත කරන වචනය විය හැක්කේ අම්මා යන්නයි. එම වචනය කෙතරම් අප ජීවිතේට සම්බන්ධදැයි පවසන්නට එයම ප්‍රමාණවත්ය. අම්මා විටෙක ගෙදර බුදුන්ය. තවත් විටෙක නිවසේ සිරිකතයි. තවත් විටෙක නිවසේ ආදරයයි. කරුණාවයි. අම්මා මේ සෑම දෙයකම අරුතයි.
පසුගිය දිනට යෙදුණු ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය ඒ සැබෑ ආදරයට අරුතක් දක්වන්නට ගෞරවයක් ගෙන එන්නට කදිම අවස්ථාවක් විය. අම්මාට ඇති ආදරය සෑම දරුවකුගේම සිතෙහි නොමැකෙන ආදරයකි. එය කිසිවකටත් දෙවැනි වන්නේ නැත. මෙවර මව්වරුන්ගේ දිනයේදී අම්මාට ඇති ආදරය නොසගවා පවසන්නට හොඳම වේදිකාවක් බවට පත් වූ TikTok තමන්ගේ ආදරණීය මව කොහේ සිටියද ඇයට ඇති ආදරය පවසන්නට කදිම වේදිකාවක් බවට පත් විය.
එහිදී තවත් විශේෂත්වයත් වූයේ අම්මා පිළිබඳ ආදරය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කිරීමේ අවස්ථාවද මේ තුලින් උදා වීමයි. ඒ සඳහා වඩාත් ගැලපෙන නිර්මාණාත්මක අදහස් පරිශීලකයින් වෙත ගෙන එන්නට TikTok කටයුතු කර තිබිණ.
සාම්ප්‍රදායික නොවන වටිනා තෑග්ගක්
මව්වරුන්ගේ දිනයේදී තමන්ගේ ආදරණීය අම්මා වෙනුවෙන් විවිධ තෑගි බෝග ගෙන ගොස් දීමට බොහෝ දෙනා පුරුදුව සිටිති. ඒ අතර වටිනාකමින් ඉහළ ත්‍යාග මෙන්ම වටිනාකමින් අඩු ත්‍යාගද වේ. මවට ඇති තමන්ගේ ආදරය ප්‍රකාශ කිරීමට ත්‍යාගයේ වටිනාකම එතරම් වැදගත් වන්නේ නැත. කෙසේ වුවද නිර්මාණාත්මක අයුරින් අන් අය ලබා නොදෙන ආකාරයේ සරල හා මිල අඩු ත්‍යාගයක් ලබා දීමට හැකි නම් එය කෙතරම් අගය කරනු ඇද්ද? ඒ ආකාරයේ සරල හා නිර්මාණාත්මක ත්‍යාග පිළිබඳ වැදගත් මඟ පෙන්වීමක් සිදු කිරීමට TikTok කටයුතු කර තිබිණ. අලංකාර හා නිර්මාණාත්මක බුක් මාර්ක් එකක් ලබා දීම, සුවඳ ගැන්වූ ඉටි පන්දමක් හෝ බොහෝ දෙනා ලා නොදෙන වෙනස්ම විදියේ ත්‍යාගයක් එහි දී ලබා දීමට හැකි බව TikTok පෙන්වා දෙයි.
සතුටෙන් පිරුණු අමතක නොවන දිනයක්
ඒ වගේම ඇයට අමතක නොවන දිනයක සතුට ඇය වෙත ලබා දීම වෙනුවෙන් ඇය කැමතිම ආකාරයේ අවස්ථාවක් උදා කර ගැනීමට කටයුතු කිරීමද මෙහිදී ඉතා වැදගත් වේ. එය ඇය කෙරෙහි ඇති ආදරය නොසඟවා පවසන්නට කදිම පියවරක් වනු නිසැකය. ඒ සඳහා විවිධ මඟ පෙන්වීම්ද TikTok වෙතින් සිදු කර තිබිණ. #SriLankaTikTok, #ColomboFoodies, #CafeHopping, #SpaDay, #GRWM, #GirlsDayOut යනාදී TikTok වේදිකාවන් ඊට සවියක් විය.
එදින දවස පුරා තමන්ගේ ආදරණීය මව සමඟ ආදරය බෙදා හදා ගනිමින් ඇය සමඟ රැදෙනු පිණිස කාලය නිදහසේ හා සැහැල්ලුවෙන් ගෙවා දැමීමට හැකි අවස්ථාවන් පිළිබඳවද මෙහිදී පෙන්වා දී තිබිණ. ඒ සියලු දේ මිල මුදලට වඩා ආදරයේ සැබෑ අරුත වටහා දෙන අවස්ථාවන් විය.
ඇගේ දෛනික වැඩකටයුතුවලට විරාමයක්
මවක් දවස පුරා තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් සිදු කරන කැපවීම කෙතරම්දැයි සිතිය නොහැකි තරම්ය. උදැසන කුස්සියට පැමිණෙන ඇය තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් තේ හෝ කිරි කෝප්පයේ සිට උදේ, දවල් හා රාත්‍රී කෑම වේල දක්වා සියලු දේ නොපිරිහෙලා ලබා දීමට කටයුතු කරයි. මව්වරුන්ගේ දිනයේදී ඇය ඇයගේ මෙම දෛනික කටයුතුවලින් ඈත් කර තබමින් ඇයගේ කාර්ය භාරය ඔබට පවරාගෙන කටයුතු කළ හැකි නම් එයද ඇට ලබා දෙ ගෞරවයකි.
පුංචි දේකින් ලොකු දෙයක්
ඇය කිසි විටෙක ඔබගෙන් කිසිවක් බලාපොපොරොත්තු නොවන්නීය. එහෙත් ඇය වෙනුවෙන් පුංචිම හෝ ත්‍යාගයක්, අවස්ථාවක් ලබා දීමට හැකි නම් ඇය තරම් සතුටු වන අන් කිසිවකුත් නොමැති වනු ඇත. ඇයට වටින්ාන් ඔබ ලබා දෙන ත්‍යාගයේ මිල, අවස්ථාවේ අභිමානය හෝ ඔබ වියදම් කරන මුදල් ප්‍රමාණය නොවේ. පුංචිම ත්‍යාගයකින් හෝ මුදලක් වියදම් නොකර හෝ ඔබේ හදවතින් ඇය වෙත ලබා දෙ ගෞරවයයි. ආදරයයි. එය ආදරණීය සබඳතාවක් මියෙන තුරු පවත්වාගෙන යන්නට තවත් ශක්තියක් වනු නිසැකය.

