July 27, 2024
‘කොම්බෑන්ක් ඩිජිටල්’ ශ්‍රී ලංකාවේ ‘හොඳම ජංගම බැංකුකරණ යෙදුම’ ලෙස ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් සම්මාන ලබයි
පුවත්

‘කොම්බෑන්ක් ඩිජිටල්’ ශ්‍රී ලංකාවේ ‘හොඳම ජංගම බැංකුකරණ යෙදුම’ ලෙස ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් සම්මාන ලබයි

Oct 28, 2023

කොමර්ෂල් බැංකුවේ බහු-නාලිකා ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’, ලන්ඩනයේ පැවැති ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ 2023 සංස්කරණයේ ලොව හොඳම ඩිජිටල් බැංකු සම්මාන ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ලංකාවේ ‘හොඳම ජංගම බැංකුකරණ යෙදුම’ ලෙස සම්මාන ලැබීය. 

ඉහළම භාවිත ප්‍රමාණයක් සහ පාරිභෝගික ව්‍යාප්තිය සහිත ශ්‍රී ලංකාවේ අංක එකේ ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ ඩෙක්ස්ටොප් පරිගණක, ටැබ් සහ ස්මාර්ට් දුරකථන වැනි සියලුම උපාංග ඔස්සේ ප්‍රවේශය ලබා දෙමින් ප්‍රතිචාරාත්මක වෙබ් යෙදුමක් හා ජංගම යෙදුම් තුනක් (iOS” Android සහ Huawei) හරහා පිරිනැමෙන කොමර්ෂල් බැංකුවේ සියලුම අන්තර්ජාල සහ ජංගම බැංකු නාලිකා ඒකාබද්ධ කිරීමකි.

බැංකුව වෙනුවෙන් සම්මානය පිළිගත් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – ඩිජිටල් බැංකුකරණ ප්‍රදීප් බන්දුවංශ මහතා මෙසේ අදහස් දැක්වීය: “මෙම සම්මානය විශේෂයෙන් කැපී පෙනෙන්නේ ප්‍රවේශ වීමේ පහසුව හා විශේෂාංග, ක්‍රියාකාරීත්වය සහ භාවිතයේ පහසුව යන ලක්ෂණ වල සිට විවිධ බ්‍රව්සර් සහ මෙහෙයුම් පද්ධති සමඟ ගැළපීම, බාහිර හවුල්කරුවන් සමඟ ඒකාබද්ධ වීම, අන්තර්ගතය, ප්‍රතිචාරාත්මක වෙබ් නිර්මාණය සහ අනාගත සැලසුම් විශේෂාංගය ඇතුළුව තවත් බොහෝ විශේෂාංග වැනි පුළුල් පරාසයක සාධක පරීක්ෂා කරන බැවිනි. එබැවින් ශ්‍රී ලංකාවේ හොඳම ජංගම බැංකු යෙදුම ලෙස තේරී පත්වීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා.”

මිලියනයකට අධික කොමර්ෂල් බැංකු ගනුදෙනුකරුවන් පිරිසක් භාවිතා කරනු ලබන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ ජංගම ගිණුම්, ඉතුරුම් ගිණුම්, ආයෝජන, ණය සහ ණයපත් ගිණුම්වල ශේෂයන් පරීක්ෂා කිරීම සහ ස්ථාවර තැන්පතුවල ආයෝජන, ඕනෑම බැංකු ගිණුමකට ක්ෂණික ගෙවීම්, කොටස් ගනුදෙනු ගෙවීම වැනි මුදල් ගනුදෙනු හා තවත් බොහෝ සේවා සපයයි.

‘කොම්බෑන්ක් ඩිජිටල්’ ආයතන 100කට ආසන්න සංඛ්‍යාවකට දුරකථන, විදුලි, ජල, ණයපත්, රක්ෂණ, Pay TV ගෙවීම්, අධ්‍යාපන සහ පාසල් ගාස්තු වැනි කාණ්ඩ නවයක බිල්පත් ගෙවීමට ද පහසුකම් ලබාදෙයි.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *