July 27, 2024
CMA Excellence in Integrated Reporting 2023 සම්මාන උළෙලේ දී DIMO සමස්ත රන් සම්මානයෙන් පිදුම් ලබයි
පුවත්

CMA Excellence in Integrated Reporting 2023 සම්මාන උළෙලේ දී DIMO සමස්ත රන් සම්මානයෙන් පිදුම් ලබයි

Oct 28, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA) විසින් සංවිධානය කරන ලද CMA Excellence in Integrated Reporting 2023 සම්මාන උළෙලේ දී සමස්ත රන් සම්මානයේ සම ජයග්‍රාහකයකු ලෙස පිදුම් ලබන ලදී. අඛණ්ඩව 9 වැනි වරටත් සංවිධානය කෙරුණු  මෙම සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගියදා පැවැත්වුනු අතර එහිදී ප්‍රධාන සම්මානයට අමතරව, ‘හොඳම ඒකාබද්ධ වාර්ෂික වාර්තා දහය’, ‘හොඳම සංක්ෂිප්ත වාර්ෂික වාර්තාව සඳහා වූ විශේෂ සම්මානය’සහ ‘හොඳම ඒකාබද්ධ චින්තනය සඳහා වූ විශේෂ සම්මානය’ යන සම්මාන ද දිනාගැනීමට DIMO සමත් විය.

DIMO හි සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා සමාගමේ ජයග්‍රහණ පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “ඒකාබද්ධ වාර්තාකරණය මඟින් DIMO සමාගම සිය සියලුම පාර්ශවකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා දායක වන ආකාරය මැනවින් ප්‍රකාශ කෙරෙන අතර ඒ තුළින් සමාගමේ පාර්ශවකරුවන් තුළ විශ්වාසය ගොඩනැගීමටත් ඔවුන්ගේ සිහින සහ අභිලාශයන් බලගැන්වීමටත් හැකියාව ලබා දෙනවා. මෙම සම්මානය, සමාගම විසින් අනුගමනය කරනු ලබන මූල්‍ය වාර්තාකරණය පිළිබඳ උසස් ප්‍රමිතීන් පමණක් නොව ආයතනයේ පාරිසරික, සමාජීය සහ ආයතනික පරිපාලන ප්‍රගතීන්ද මනාව පිළිබිඹු කරනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *