February 6, 2025
FCCISLහාS4IG සංවිධානය කළ MSME සංචාරක ව්‍යාපාර සමුළුව සීගිරියේදී සාර්ථකව පැවැත්වේ
පුවත්

FCCISLහාS4IG සංවිධානය කළ MSME සංචාරක ව්‍යාපාර සමුළුව සීගිරියේදී සාර්ථකව පැවැත්වේ

Jul 3, 2024

මෙරට ආර්ථික වර්ධනයට සුවිශාල පිටිවහලක් වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ (MSME) සංචාරක ව්‍යාපාර සමුළුව 2024 සීගිරියේදී සාර්ථකව පැවැත්විණි. වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) සහ ඕස්ට්‍රේලියානු රජය අනුග්‍රහය දක්වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG) සංවිධානය කළ මෙම සමුළුව මෙරට සංචාරක ක්ෂේත්‍රය ලැබූ අද්විතීය ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය. MSME ක්ෂේත්‍රය මුහුණ දෙන ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීමට මෙම සමුළුව සුවිශාල සහායක් විය. එම ක්ෂේත්‍රයෙන් ආර්ථික වර්ධනයට ලැබෙන දායකත්වය අගයන අතර වෘත්තීය සංවර්ධනය සහ සහයෝගය තුළින් අභියෝග ජය ගැනීම සඳහා වන උපාය මාර්ග මෙහිදී සාකච්ඡා විය. මෙම සමුළුවේදී MSME ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය ව්‍යාපාර මාර්ගෝපදේශන සහ සංවර්ධන සේවාවල වැදගත්කම අවධාරණය විය. දිස්ත්‍රික් මට්ටමින් කුසලතා වර්ධනය කිරීම හරහා කළාපීය වශයෙන් සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමද සමුළුවේ අරමුණු අතර විය.

ව්‍යාපාර වර්ධනය සඳහා තාක්ෂණය සහ මූල්‍ය උපාංග යොදා ගැනීම ඉහළ නැංවීමට MSME ක්ෂේත්‍රයට අවශ්‍ය උපදේශන සහ සේවා සැපයීම Dialog Enterprise සහ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන විසින් සිදු කරන ලදී. ඔවුන්ගේ සහභාගිත්වයෙන් ආර්ථික අභිවෘද්ධිය උදෙසා රාජ්‍ය – පෞද්ගලික සහයෝගීතාවල වැදගත්කම පිළිබිඹු විය. S4IG සැකසූ ඩිජිටල් වෘත්තීය ව්‍යාපාර මාර්ගෝපදේශනය හඳුන්වා දීම සමුළුවේ වැදගත් අංගයක් විය. ඒ තුළින් ඩිජිටල් ආර්ථිකයට අදාළ අභියෝග ජය ගනිමින් වර්ධනය ළඟා කර ගැනීමට අවශ්‍ය නිපුණතාවලින් MSME ක්ෂේත්‍රය සන්නද්ධ කරයි.

“ව්‍යාපාර මාර්ගෝපදේශකයෙක් ව්‍යාපාරයකට වෛද්‍යවරයෙක් වගේ. අප අසනීප වුණාම වෛද්‍යවරයෙක් ළඟට යනවා වගේ ව්‍යාපාරවලට අභියෝගාත්මක කාලවලදී ව්‍යාපාර මාර්ගෝපදේශකයෙක් ළඟට යන්න වෙනවා.” දිස්ත්‍රික් කාන්තා සංවර්ධන සම්බන්ධීකාරක සුරේකා දර්ශිනී එදිරිසිංහ පැවසීය. ව්‍යාපාර මග පෙන්වීම තුළින් ලැබෙන වාසි සහ බලපත්‍රලාභී මාර්ගෝපදේශකයෙකු සමඟ සම්බන්ධ වන ආකාරය පිළිබඳව හදාරන ලෙස FCCISL වෘත්තීය ව්‍යාපාර මාර්ගෝපදේශනය පිළිබඳ උනන්දුවක් දක්වන ව්‍යාපාරිකයන්ට සහ ආයතනවලට ඇරැයුම් කරයි. “අප මේ මුල පිරුවේ විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා ඇති වූ දුෂ්කර කාල පරිච්ඡේදය තුළ ක්ෂුද්‍ර සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වූ සහාය දෙන්න. අපගේ අරමුණ වුණේ මෙම ව්‍යවසායකයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි විසඳුමක් නිර්මාණය කිරීම. S4IG ව්‍යාපෘතිය නිර්මාණය කළ ව්‍යාපාර මාර්ගෝපදේශනය ඒ සඳහා වඩාත් සුදුසු ක්‍රමවේදයක්.” FCCISL සභාපති කීර්ති ගුණවර්ධන පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close