April 26, 2025
අශෝක් ගාමන්ට්ස් BWIO Platinum සම්මානය දිනයි
පුවත්

අශෝක් ගාමන්ට්ස් BWIO Platinum සම්මානය දිනයි

Jul 3, 2024

කාර්මික නිල ඇඳුම් නිෂ්පාදනය සහ අපනයනය කරන අශෝක් ගාමන්ට්ස් පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී නිමි ඇඳුම් / රෙදිපිළි කර්මාන්ත අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ Platinum සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී අශෝක් ගාමන්ට්ස් නිර්මාතෘ / සභාපතිනි අශෝකා ගුණවර්ධන මහත්මිය වෙත සම්මානය පිරිනැමිණි. 1987දී ඇරඹුණු එම සමාගම කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය, ඉතාලිය, එක්සත් රාජධානිය සහ මැද පෙරදිග රටවල් රැසකට ඉහළ ප්‍රමිතියේ කාර්මික නිමි ඇඳුම් අපනයනය කරයි. මහන යන්ත්‍ර 150කට වැඩි ප්‍රමාණයකින් සමන්විත, වර්ග අඩි 26,620ක වපසරියකින් යුතු නවීන කර්මන්තශාලාවකට හිමිකම් කියන එම සමාගම 250කට පමණ රැකියා සපයා ඇත. ISO, WRAP, C-TPAT, Cintas සහ Garments Without Guilt ආදී තත්ත්ව සහතික ලබා ඇති අශෝක් ගාමන්ට්ස් BOI අනුමැතිය සහිත ආයතනයකි. දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන සමාගමේ නිර්මාතෘ / සභාපතිනි ගුණවර්ධන මහත්මිය ශාස්ත්‍රවේදී උපාධිය (ශ්‍රී ලංකාව), පළමු පෙළ ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමාව (ඉන්දියාව), පළමු පෙළ මානව සම්පත් සංවර්ධන ඩිප්ලෝමාව (ඉන්දියාව) සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MBA) (Honalulu University – USA) ලබා ඇත.

මුළු දිවයිනටම සාමවිනිසුරුවරියක වන ගුණවර්ධන මහත්මිය Orthopedic Items ආනයනය කරන Lizzy B Canada (Pvt) Ltd, MAS Traders (Pvt) Ltd, Pearson Enterprises (Pvt) Ltd, Hemshi International (Pvt) Ltd සහ සමාරා ජාතික ව්‍යාපාරය ආදියෙහිද අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කරයි. ඇය මීට පෙර IDB රන් සම්මානය (2023), ශ්‍රම අභිමානී දිරිය කාන්තා සම්මානය (2019), ශ්‍රී ලංකාවේ දෙවැනි ඉහළම ජාතික ගෞරව නාමය වන ‘දේශමාන්‍ය’ නාමය සහ Unique Gold විශිෂ්ටතා සම්මානය (2023) දිනා ඇත. අශෝක් ගාමන්ට්ස් ලෝක පර්යේෂණ කොංග්‍රසය පිරිනමන ආසියානු සම්මානයද දිනූ අතර එය අගෝස්තු මාසයේදී ඉන්දියාවේදී ලැබීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close