July 27, 2024
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට iPhone 15 Pro, බිල්පත් සඳහා අඩුකිරීම් සහ වෙනත් ත්‍යාග
පුවත්

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට iPhone 15 Pro, බිල්පත් සඳහා අඩුකිරීම් සහ වෙනත් ත්‍යාග

Nov 2, 2023

කොමර්ෂල් බැංකුවේ වසර අවසාන ප්‍රවර්ධන වැඩසටහනක් යටතේ බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ඔවුන්ගේ කාඩ්පත් මඟින් මාසිකව රුපියල් 50,000/= කට වැඩි මුදලක් වියදම් කිරීමෙන් iPhone 15 Pro ඇතුළු ආකර්ෂණීය ත්‍යාග දිනා ගත හැකි බව බැංකුව නිවේදනය කර ඇත.

මෙම ප්‍රවර්ධන වැඩසටහන 2023 වසර අවසානය දක්වා ක්‍රියාත්මක වන අතර, නියමිත අවම වටිනාකමට මිලදී ගැනීම් සඳහා කාඩ්පත මගින් ගෙවන ඕනෑම කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියෙකුම ත්‍යාග සඳහා මාසික දිනුම් ඇදීමට සුදුසුකම් ලබන බව බැංකුව පවසයි.

iPhone 15 Pro මහා ත්‍යාගයට අමතරව, සෑම මාසික දිනුම් ඇදීමකින්ම ජයග්‍රාහකයින් 10 දෙනෙකුට බිල්පත් සඳහා අඩුකිරීම්, ජයග්‍රාහකයින් දෙදෙනෙකු සඳහා සුඛෝපභෝගී හෝටල් නවාතැන් සහ තවත් ජයග්‍රාහකයින් දෙදෙනෙකු සඳහා තරු පන්තියේ හෝටලයක භෝජන සංග්‍රහයක් පිරිනැමේ.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *