July 27, 2024
සෙලින්කෝ ලයිෆ්හි 86 සහ 87 වැනි පන්ති කාමර පරිත්‍යාග බදුල්ල සහ බලංගොඩ පාසල් දෙකකට
පුවත්

සෙලින්කෝ ලයිෆ්හි 86 සහ 87 වැනි පන්ති කාමර පරිත්‍යාග බදුල්ල සහ බලංගොඩ පාසල් දෙකකට

Nov 2, 2023

සෙලින්කෝ ලයිෆ් සමාගමේ ත්‍යාගශීලීභාවය නිසා, අමතර පන්ති කාමර අවශ්‍යව තිබූ බදුල්ල සහ බලංගොඩ ප්‍රදේශවල පාසල් දෙකකට, අළුතින් ගොඩනඟන ලද පන්ති කාමර ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විසින් අවශ්‍යතා ඇති පාසල් සඳහා දිගුකාලීන ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් යටතේ, පරිත්‍යාග කරන ලද 86 සහ 87 වන පන්ති ගොඩනැගිලි මෙම ගොඩනැගිලි වේ. ගෝලීය වසංගතය මෙන්ම රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් පිරිවැය ඉහළ යෑම මධ්‍යයේ වුවද මෙම වැඩසටහන අඛණ්ඩව පවත්වා ගැනීම කැපී පෙනේ.

සෙලින්කෝ ලයිෆ් හි 86 වන පන්ති කාමර පරිත්‍යාගයෙන් බදුල්ල මල්පොත ශ්‍රී මහින්ද විද්‍යාලයේ, මීට පෙර ගසක් යට සෞන්දර්ය අධ්‍යයන පන්ති පැවැත්වූ සිසුන් 134 දෙනෙකුට ප්‍රතිලාභ ලැබී ඇත. ඔවුනට දැන් ඔවුන්ගේ සංගීතය සහ නැටුම් පාඩම් සඳහා නව පන්ති කාමරයක් ඇති අතර, අනාගත පරපුරේ සිසුන් සඳහා මෙම පන්ති කාමරය නඩත්තු කිරීමටද සෙලින්කෝ ලයිෆ් කටයුතු කරණු ඇත.

සෙලින්කෝ ලයිෆ් වැඩසටහනේ 87 වැනි පන්ති කාමර පරිත්‍යාගය පන්ති කාමර හිඟය හේතුවෙන් පාසලට ඇතුළත් කර ගැනීම් සීමා කර තිබූ ශිෂ්‍ය සංඛ්‍යාව 800ක් වන බලංගොඩ රජවක පිහිටි රජවක මහා විදාලයට පිරිනමන ලදී. මීට පෙර තාවකාලික පන්ති කාමරයක අධ්‍යාපන කටයුතු සිදු කළ ‘3A’ පන්තියේ සිසුන් 39 දෙනෙකුට මෙම නව පන්ති කාමරය තුළින් ප්‍රතිලාභ ලබා දීමට හැකි විය. සිසුන් ලබා ඇති හොඳ ප්‍රතිඵල මත ගුණාත්මක අධ්‍යාපනය සඳහා කීර්තියක් ඇති මෙම පාසලට තවත් ළමුන් ඇතුළත් කර ගැනීමට ද එමගින් හැකිවනු ඇත.

මෙම පන්ති කාමර දෙක සඳහා සෙලින්කෝ ලයිෆ් විසින් රුපියල් මිලියන 3ක ආයෝජනයක් සිදුකරන ලද අතර, ඒවායෙහි ඉදිකිරීම සහ පරිත්‍යාග කිරීම පිළිවෙලින් බණ්ඩාරවෙල සහ බලංගොඩ පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛා මගින් සම්බන්ධීකරණය කරන ලදී.

වසර ගණනාවක් පුරා සෙලින්කෝ ලයිෆ් විසින් ඉදිකරන ලද සෑම පන්ති කාමරයක්ම ශිෂ්‍ය පරම්පරා ගණනාවකට සේවා සැපයීම සහතික කිරීම සඳහා, සමාගම විසින් අඛණ්ඩව අධීක්ෂණය කර නඩත්තු කරනු ලැබේ.

2022 වසරේ දී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් මෑතකදී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් කරන ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2023 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් 2022 වසරේ අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *