July 27, 2024
කොමර්ෂල් බැංකුව ස්වාධීන රූපවාහිනිය එක්ව ‘ලෙෂර් වර්ල්ඞ්’ හිදී ළමුන් 3,000ක් සමඟ ලෝක ළමා දිනය සමරයි
පුවත්

කොමර්ෂල් බැංකුව ස්වාධීන රූපවාහිනිය එක්ව ‘ලෙෂර් වර්ල්ඞ්’ හිදී ළමුන් 3,000ක් සමඟ ලෝක ළමා දිනය සමරයි

Oct 7, 2023

කොමර්ෂල් බැංකුව සහ ස්වාධීන රූපවාහිනී සේවය එක්ව ලෝක ළමා දිනය වෙනුවෙන් පසුගිය ඔක්තෝම්බර් 01දා, ළමුන් 3,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ‘ලෙෂර් වර්ල්ඞ්’ තේමා උද්‍යානයේදී උත්සවයක් පවත්වන ලදී. කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ළමා ඉතුරුම් ගිණුම් වන ‘අරුණලූ’ සහ ‘ඉසුරු’ යන ගිණුම්වල සහයෝගිත්වය හරහා මෙම වර්ණවත් ලෝක ළමා දින උත්සවය සංවිධානය කෙරී තිබිණි. දරුවන්ගේ මනස උත්තේජනය කරන ක‍්‍රීඩා සහ වෙනත් විනෝද ක‍්‍රියාකාරකම් මාලාවක් සඳහා ළමුන් සහභාගි වූ අතර, මෙහිදී ජයග‍්‍රාහකයින්ට සහ සහභාගිවූවන්ටද ආකර්ෂණීය ත්‍යාග හිමිවිය.

කොමර්ෂල් බැංකුවේ ප‍්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන ‘අරුණලූ,’ වෙළෙඳපොළේ ඇති සංසන්දනාත්මක වෙනත් නිෂ්පාදනවලට වඩා ඉහළ පොලී අනුපාතයක් ලබාදෙන අතර, 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් තම පාසල්වල පළමු, දෙවන හෝ තෙවැනි ඉහළම ලකුණු ලබාගන්නා ගිණුම් හිමියන්ට විශේෂ මුදල් ත්‍යාගද පිරිනමයි. මේ අතර බැංකුවේ ‘ඉසුරු’ ළමා ඉතුරුම් සැලැස්ම, දරුවාට වයස අවුරුදු 18 සම්පූර්ණ වන විට සහතික කළ ශේෂයක් ලබා දෙන මාසික තැන්පතු ක‍්‍රමයක් හෝ එක්වර තැන්පතු ක‍්‍රමයක්ද ඇතුළත් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *