මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café සිය 82 වැනි සංවත්සරය සමරයි
මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café පසුගියදා සිය 82 වැනි සංවත්සරය සැමරුවේය. සාම්ප්‍රදායික චීන ආහාර පාන ප්‍රිය කරන පාරිභෝගිකයන්ට සේවා සැපයීමේ අරමුණෙන් චීන ජාතික යුවළක් 1942දී බම්බලපිටියේදී ඇරඹූ එම අවන්හල කෙටි කාලයකින් මෙරට ප්රමුඛ අවන්හලක් බවට පත් විය. දශක අටකට වැඩි කාලයක් පුරා මෙරට ජනතාවට නියම චීන ආහාර පාන රස විඳීමට අවස්ථාව සළසන එම අවන්හල සකසන ආහාර පාන වර්ග සංඛ්‍යාව 200කට අධික වේ. Chinese Dragon Café වර්තමානයේදී ශාඛා අටකින් සමන්විතය. බම්බලපිටිය, ගල්කිස්ස, රාජගිරිය, පැලවත්ත, වත්තල, කඳාන, කඩුවෙල, නුගේගොඩ යන නගරවල එම ශාඛා පිහිටා ඇත. ගාස්තු රහිත බෙදා හැරීමේ සේවා (Free Delivery), රැස්වීම් සඳහා VIP කාමර මෙන්ම කේටරින් සේවාද ඔවුන් හඳුන්වා දී ඇත. www.chinesedragoncafe.com වෙබ් අඩවිය ඔස්සේ සහ සමාජ මාධ්‍ය ජාල හරහා මාර්ගගත ක්‍රම ඔස්සේ ආහාර ඇණැවුම් කිරීමටද හැකිය.
2023දී ඩුබායිහි ශාඛාවක් පිහිටවූ Chinese Dragon Café එරට චීන අවන්හලක් ඇරඹූ පළමු ශ්‍රී ලාංකික අවන්හල් ජාලය බවට පත් විය. තිරසාරත්වය කෙරෙහි ප්රමුඛ අවධානයක් යොමු කරන එම ආයතනය ඔවුන්ට අවශ්‍ය බාස්මතී සහල් නිකවැරටිය සහ සිරිපුර ප්‍රදේශවල වගා කරන අතර දේශීය ගොවීන්ට මූල්‍ය ආධාර සහ පොහොර සැපයීම වැනි විවිධ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. 200කට වැඩි සේවක පිරිසත්, පාරිභෝගික ප්රජාවත් Chinese Dragon Caféහි වර්ධනයෙහි ප්‍රධාන කොටස්කරුවෝ වෙති. ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ නයිෂාද් උදේෂි මහතා මෙලෙස පැවසීය. “දශක අටක් පුරා පරම්පරා ගණනාවකට උසස්ම තත්ත්වයේ ආහාර පාන පිළිගැන්වූ අප පාරිභෝගිකයන් සහ කාර්යමණ්ඩලය සමඟ ඉතා අර්ථවත් සහ සුහදශීලී සම්බන්ධතා ගොඩ නඟා ගෙන සිටිනවා. ඉදිරියටත් සම්ප්‍රදායට සහ නව්‍යකරණයට මුල් තැන දෙන්න අප සූදානම්.”