‘ඔටෝබාන් 3.0’ සම්මාන උළෙලෙහි දී සියැට් කැලණි විශිෂ්ටතම ව්‍යාපාරික හවුල්කරුවන් අගයයි
සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් දිවයින පුරා විහිදුණු සිය ව්‍යාපාරික හවුල්කාර ජාලයේ ශක්තිය, අභියෝග ජයගැනීමේ හැකියාව සහ සාර්ථකත්වය ඇගයීමට ලක් කරමින් 2026 වසරේ විශිෂ්ට හවුල්කරුවන් ඇගයීමේ සම්මාන උළෙල උත්කර්ෂවත් අයුරින් දින දෙකක් පුරා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වූ අතර මේ සඳහා සමාගමේ ඉහළම දක්ෂතා දැක්වූ අලෙවි නියෝජිතයන්, බෙදාහැරීමේ හවුල්කරුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් එක්වූ අතර ඔවුන්ගේ ජයග්‍රහණයන්ට උපහාර පුද කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
‘ඔටෝබාන් 3.0’ යන තේමාව මූලික කරගනිමින් පැවති මෙම උළෙල හරහා උසස් සංචරණ විසඳුම්, ඉහළ නිෂ්පාදන කාර්යසාධනය සහ ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන් කෙරෙහි සමාගමේ උපායමාර්ගික අවධානය මනාව පිළිබිඹු කළේය.
මෙම උත්සවයට ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ අලෙවි නියෝජිතයන් 125 දෙනෙකු, වර්ධනශීලී අලෙවි නියෝජිතයන් 16 දෙනෙකු, මෝටර් රථ හා ත්‍රිරෝද රථ ටයර බෙදාහැරීමේ නියෝජිතයන් හත්දෙනෙකු සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන්, සියැට් කැලණි සමාගමේ ගෝලීය හවුල්කරුවන් දෙදෙනෙකු මෙන්ම සමාගමේ විකුණුම්, අලෙවි හා අපනයන කණ්ඩායම්ද එක්වූ අතර මෙම අවස්ථාව සහයෝගීතාව සහ විශිෂ්ටත්වය විදහා දැක්වූ අමතක නොවන සැමරුමක් විය.
උත්සව සභාව අමතමින් සියැට් කැලණි සමාගමේ සභාපති චානක ද සිල්වා මහතා අභියෝගාත්මක වසරක් තුළ සන්නාමයේ වර්ධනය උදෙසා අලෙවි නියෝජිතයන් ඉටු කළ තීරණාත්මක කාර්යභාරය ඇගයීමට ලක් කළේය. “පසුගිය වසර තුළ අපි සියලු දෙනා අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් මෙන්ම ගෝලීය අර්බුද රැසකට මුහුණ පෑ නමුත් ආරක්ෂාව, විශ්වසනීයත්වය සහ අවංක උපදෙස් අපේක්ෂාවෙන් පාරිභෝගිකයෙකු ඔබේ වෙළෙඳසලට පැමිණි සෑම අවස්ථාවකදීම ඔබ සියැට් සන්නාමය වෙනුවෙන් පෙනී සිට ඇත. දිනෙන් දින අපගේ සන්නාමය කෙරෙහි විශ්වාසය ගොඩනඟන්නේ ඔබයි. පසුගිය වසරේ අප ලැබූ වර්ධනය ඔබගේ වෙහෙස මහන්සිය හා කැපවීමේ සෘජු ප්‍රතිඵලයක් වන්නේය,” යැයි ද සිල්වා මහතා පැවසීය.
සම්මාන උළෙලේදී කාණ්ඩ රැසක් යටතේ විශිෂ්ට කාර්යසාධනයන් ඇගයීමට ලක් වූ අතර 2025/26 වසර සඳහා වන සියැට් හොඳම අලෙවි නියෝජිත සම්මානය අක්කරෙයිපත්තුවේ ආබ්ඩීන් ටයර් සර්විස් ආයතනයට හිමි වූ අතර, කොළඹ 2 හි U & H Wheel Service (Pvt) Ltd. ආයතනය පළමු අනුශූරතාවත්, කොළඹ 14 හි සන්දීව් ඔටෝ එන්ටප්‍රයිසස් ආයතනය දෙවැනි අනුශූරතාවත් දිනා ගත්තේය.
විවිධ කාණ්ඩයන්හි විශිෂ්ටතා සම්මානද ප්‍රදානය කෙරුණු අතර සන්දීව් ඔටෝ එන්ටප්‍රයිසස් ආයතනය රේඩියල් කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානය ද දිනාගත් අතර U & H Wheel Service (Pvt) Ltd. ආයතනය ට්‍රක් සහ සැහැල්ලු ට්‍රක් යන කාණ්ඩ දෙකේම විශිෂ්ටතා සම්මාන දිනාගනිමින් එම කාණ්ඩයන්හි ප්‍රමුඛත්වය තහවුරු කළහ.
දේශීය වෙළඳපොළෙහි වාර්ෂිකව ටයර් මිලියන 1.6කට වඩා අලෙවි කරන සියැට් 2026 දී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය ලෙසත්, LMD විසින් 2025 සහ 2026 ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනාදරයට පත් ටයර් සන්නාමය’ ලෙසත් සියැට් ශ්‍රේණිගත කරන ලදී. සියැට් සමාගම ශ්‍රී ලංකාවේ මෝටර් රථ ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන අතර එහි නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි.
සියැට් කැලණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවන අතර මෑතකදී තවත් රුපියල් බිලියන 4.5 ක් කැප කරමින් දේශීය ආර්ථිකයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන අතර ජාතියේ ප්‍රවාහන අංශයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස එහි ස්ථානය ශක්තිමත් කර ඇත.

