July 27, 2024
CDB, කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ‘Back to Faculty’ වැඩසටහනේ ‘Silver Sponsor’ ලෙස කටයුතු කරයි
පුවත්

CDB, කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ‘Back to Faculty’ වැඩසටහනේ ‘Silver Sponsor’ ලෙස කටයුතු කරයි

Oct 7, 2023

CDB (Citizens Development Business Finance PLC) සමාගම කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ‘Back to Faculty’ උත්සවයේ Silver Sponsor ලෙස කටයුතු කළේ ය. පසුගිය වසර 42 ක කාලය තුළ කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබූ උපාධිදාරීන් වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කරන ලදි. මෙහිදී එම උපාධිදාරීන්ට එකිනෙකා හමුවී සුහදව අදහස් හුවමාරු කරගැනීමටත් සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත් අගනා අවස්ථාවක් හිමි වූ අතර, ඉදිරියේදී කොළඹ විශ්ව විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් දායක විය යුතු ආකාරය සම්බන්ධයෙන්ද එහිදී ඔවුහු සාකච්ඡා කළහ. මෙම වැඩසටහන මගින් ලැබුණු ආදායම ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන උපාධි අපේක්ෂකයන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීම සහ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා භාවිතා කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *