
Ceylon Business Appliances අවම පහසුකම් සහිත පාසල්වල දරුවන්ගේ පරිගණක අධ්‍යාපන සිහිනය සැබෑ කිරීමට ශක්තියක් වෙයි
තාක්ෂණික ව්‍යාපාර හා සේවා ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයකු වන Ceylon Business Appliances ආයතනය (CBA) පරිගණක පහසුකම් අවම පාසල් සඳහා පරිගණක හා ඩිජිටල් මෙවලම් පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහන පසුගියදා ආරම්භ කරන ලදී. Geekom සමඟ එක්වෙමින් ආරම්භ කරනු ලැබූ මෙම වැඩසටහන හරහා පරිගණක පහසුකම් අවම පාසල් වෙත පරිගණක හා අනෙකුත් ඩිජිටල් උපාංග පරිත්‍යාග කරමින් දරුවන්ගේ පරිගණක දැනුම ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
ඒ අනුව මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ එක් පියවරක් ලෙස කඩවත බැප්ටිස්ට් ප්‍රාථමික විද්‍යාලය හා නෙලුම් වැස්ස ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය වෙත Mini PC පරිගණක පිරිනැමීමට පසුගියදා කටයුතු කරනු ලැබීය.
මෙම පරිත්‍යාගයන් හරහා මින් පෙර පරිගණකයක් භාවිත කර නොමැති හා පරිශීලනය කර නොමැති බොහෝ දරුවන් හට පරිගණක අධ්‍යාපනය හැදැරීමේ අවස්ථාව උදා වීම විශේෂත්වයකි.
නිල වශයෙන් පරිගණක භාරදීමේ අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ CBA අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී රුවැත් ප්‍රනාන්දු මහතා “ අපගේ නිෂ්පාදන හා සේවාවන්හි සැබෑ සාර්ථකත්වය මනිනු ලබන්නේ ලාභය තුලින් නොව සාර්ථකත්වය තුලින්ය. අපගේ අනාගතය භාරගැනීමට සිටින වත්මන් පාසල් දරුවන්ට වඩා හොඳ හෙට දවසක් ලබා දීම වෙනුවෙන් අදම ඔවුන් ශක්තිමත් කිරීම සිදු කළ යුතුයි. ”යනුවෙන් පැවසීය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ “ වසර 55කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකේය වෙළෙඳපොල සමඟ කටයුතු කරමින් ඉමහත් විශ්වාසයක් තහවුරු කිරීමට අපට හැකි වී තිබෙනවා. ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘතිය තුලින් අප ආයතනයෙන් සිදු විය යුතු මෙහෙවර උදෙසා ප්‍රජාව සමඟ එක්ව කටයුතු කරනවා.
විශේෂයේ එක් පරිගණකයක් හෝ නොතිබුණු පාසල්වලට මෙම පරිත්‍යාගයක් මහමෙරක් මෙන් විය. එය පාසලට හිමි වූ සුවිසල් සම්පතක් බවට පත් විණ.
මෙහිදී අදහස් දැක්වූ CBA හි විකුණුම් ප්‍රධානී හර්ශික ප්‍රනාන්දු මහතා මෙසේ පවසා සිටින ලදී. “ මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය තුලින් දරුවන් වෙත නව්‍ය තාක්ෂණය ලබා දීමට වඩා ඒ පිළිබඳ ඔවුන් තුල විශ්වාසයක් ජනිත කිරීමට අප අදහස් කරනවා. පළමු වරට පරිගණකයක් භාවිත කරන දරුවෙකුට එය හරිආකාරව භාවිත කළ නොහැකි අතර ඔහු ඒ පිළිබඳව ඉගෙන ගැනීමට කැමැත්තෙන් සහ උනන්දුවෙන් කටයුතු කරනවා. මෙම පරිත්‍යාගයන් තුළින් ඔවුන් කැමැත්ත උනන්දුව හරහා ඩිජිටල් ලෝකය වෙත විශ්වාසයෙන් පියනැගීමට ඔවුන්ට ශක්තිය ලබා දෙනවා”
කැලණිය කලාප අධ්‍යාපන කාර්යාලය මගින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සුවිසල් සහයෝගයක් ලබා දුන්නේ පාසල් විෂයය මාලාව ඩිජිටල් අධ්‍යාපනය එක් කිරීම සඳහා උනන්දුවන පාසල් හඳුනා ගැනීමට කටයුතු කරමිනි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිල්මිණි පෙරේරා මෙනවියද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඇය අදහස් දක්වමින් CBA හි දූරදර්ශී වැඩපිළිවෙල සහ පාසල් දරුවන් වෙත පරිගණක ලබා දීමේ කාර්ය භාරය පිළිබඳව ස්තුතිය පළකරන ලදී.
රුවැත් ප්‍රනාන්දු මහතා පරිගණක පරිත්‍යාගකළ පාසල්වල දරුවන් වෙනුවෙන් “ මෙම පුංචි පරිගණකය ඔබට ජීවිතයේ බොහෝ සිහින, බලාපොරොත්තු ඇති කිරීමට අවස්ථාවක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. මේ සමඟ ඉගෙන ගන්න. සොයා බලන්න, වර්ධනය වෙන්න, අප ඔබගේ බලාපොරොත්තු වන සාර්ථකත්වය අත්කරගන්න. ගුරුවරුනි, දෙමව්පියනි දරුවන්ගේ අනාගතයට ශක්තියක් වන ඔබට ස්තුතියි. අපි එක්ව බුද්ධිමත් මෙන්ම ශක්තිමත්, කරුණාවන්ත දැක්මක් සහිත පරම්පරාවක් ගොඩනගමු” යනුවෙන් පණිවිඩයක්ද ඉදිරිපත් කරන ලදී.
එසේම මෙම අවස්ථාව වෙනුවෙන් තම ආයතනය සමඟ සම්බන්ධ වුණු Geekom ආයතනයටද රුවැත් ප්‍රනාන්දු මහතා සිය හෘදයාංගම ස්තුතිය පල කර සිටියේය.