July 27, 2024
ලෝකයේ ප්‍රථම කාබන්-මුක්ත වීමකින් තොර තේ තොග ඇසුරුම සමඟ ST. REGIS ශ්‍රී ලංකා තේ වල කාබන් පියසටහන අඩු කිරීමට අත්වැලක් වෙයි
පුවත්

ලෝකයේ ප්‍රථම කාබන්-මුක්ත වීමකින් තොර තේ තොග ඇසුරුම සමඟ ST. REGIS ශ්‍රී ලංකා තේ වල කාබන් පියසටහන අඩු කිරීමට අත්වැලක් වෙයි

Jan 23, 2024

ශ්‍රී ලංකාවේ සෙන්ට් රෙජීස් පැකේජින් ^St. Regis Packaging&  සමාගම විසින් හඳුන්වා දී ඇති ලොව ප්‍රථම කාබන්-උදාසීන තේ තොග ඇසුරුම් මගින් ලෝක වෙළඳපලේ අලෙවි වන ශ්‍රී ලංකා තේ වල පාරිසරික තිරසර බව වැඩි දියුණු කිරීම සඳහා නව ශක්තියක් ලබා දී ඇත.

1996 වර්ෂයේ දී Leafy Teas ඇසුරුම් සඳහා තිබූ ප්ලයිවුඩ් පෙට්ටිය වෙනුවට හඳුන්වා දුන් නව රිජිඩ් ටී සැක්ස් ^Rigid T Sack& හි නිමැවුම්කරු වූයේ St. Regis සමාගමයි. ඔවුන්ගේ රිජිඩ් ටී සැක්ස්, සහ තේ කොළ හා තේ කුඩු ඇසුරුම් කිරීමට යොදාගන්නා මල්ටිවෝල් පේපර් සැක්ස් සඳහා ලෝකයේ පළමු වරට එම ඇසුරුම් කාණ්ඩයේ කාබන් ශුන්‍ය ^ZeroCarbon®& නිෂ්පාදන සහතිකය ලැබී ඇත.

මෙම නිෂ්පාදන සහතිකය මගින් ප්‍රකට වන්නේ සමස්ත තේ නිෂ්පාදනයේ ඇසුරුම් සඳහා වූ කාබන් පිය සටහන අඩු කර ඇති බවයි. එබැවින් කොළඹ තේ වෙන්දේසිය හෝ තේ අපනයනය සඳහා ඉදිරිපත් කරන තේ, St. Regis හි මෙම ඇසුරුම් වර්ග දෙකෙහි ඇසුරුම්කරණය කිරීමෙන් ඇසුරුම සඳහා වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ශූන්‍ය වීම හේතුවෙන් සමස්ත ක්‍රියාවලියේ දී විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වේ.

කොළඹ තේ වෙන්දේසියේ සතිපතා අලෙවි කරන තේ ප්‍රමාණයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට ඇසුරුම් සපයන්නේ සෙන්ට් රෙජීස් පැකේජින් සමාගමයි. මෙම කර්මාන්තය තුළ පළමු වරට තැබූ මෙම ජයග්‍රාහී පියවර, ඉදිරියේදී තේ වල කාබන් පිය සටහන අඩු කිරීමට උත්ප්‍රේරකයක් වන බවත් ඒ පිළිබඳ වැඩි උනන්දුවක් ඇති කරන බවත්, සෙන්ට් රෙජීස් සමාගමේ අධ්‍යක්ෂ අජිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඔහු තවදුරටත් පැවසූයේ කොළඹ තේ වෙන්දේසියේදී ආසන්න වශයෙන් වාර්ෂිකව ඇසුරුම් මිලියන හයක් පමණ වෙන්දේසි වන බවයි. කාබන්-උදාසීන වූ ඇසුරුම් සහිත තේ ඉදිරිපත් කිරීම ආරම්භ කරන ලොව ප්‍රථම තේ වෙන්දේසිය බවට පත්වීමට කොළඹ තේ වෙන්දේසියට මෙය කදිම අවස්ථාවක් වනු ඇති බවයි.       

“සෙන්ට් රෙජීස් පැකේජින් සමාගමේ සන්නාමය මෙම ක්ෂේත්‍රයේ ප්‍රථමයා වූ විවිධ අවස්ථා බොහොමයක් පවතී. ඒ අතර අපගේ  ප්‍රමුඛතම නිෂ්පාදන දෙකක් සමඟින් කාබන්-උදාසීන වූ තේ තොග ඇසුරුම් සපයන ලොව ප්‍රථම සමාගම බවට පත් වීම පිළිබඳව අපි අඩම්බර වෙමු,” යනුවෙන් ප්‍රනාන්දු මහතා තවදුරටත් පැවසීය. “මෙසේ කාබන් විමෝචනයේ හානි පූර්ණය කිරීමේ ප්‍රතිලාභය අපගේ පාරිභෝගිකයින් වෙත ලබා දීම, ඔවුන්ගේ කාබන් පිය සටහන ද අඩු කිරීමට ධනාත්මක ලෙස බලපානු ඇත. එනිසා මෙම සහතික කිරීම් අපගේ පාරිභෝගිකයින්ට ද සැලකිය යුතු අගයක් එකතු කරන්නේ, මේ සඳහා ඔවුන්ට කිසිදු අමතර වියදමක් නොමැතිවයි.” 

1996 දී St. Regis විසින් තේ කොළ ඇසිරීමට Rigid-T-Sack සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම සමඟ වසර 130ක් පුරා භාවිතා වූ මිල අධික සහ පරිසර හිතකාමී නොවන තුනී ලෑලි පෙට්ටි භාවිතය නැවතිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *