July 27, 2024
මාර්ග අනතුරු අවම කිරීමට කරන සමීක්ෂණයක් සහ ක්‍රමවේදයක්
පුවත්

මාර්ග අනතුරු අවම කිරීමට කරන සමීක්ෂණයක් සහ ක්‍රමවේදයක්

Oct 24, 2023

ජාත්‍යන්තර රථ වාහන සංගමය ( Federation Internationale de l’Automobile / FIA ) විසින් ඔස්ට්‍රේලියාවේදී  ආරම්භ කරන ලද සමීක්ෂණ සහ ක්‍රමවේදයන් ශ්‍රී ලාංකික අපටත් හදුන්වාදීමට අවස්ථාවක් උදාවී ඇත. මාර්ග අනතුරු අවම කිරීමේ වැඩසටහන් නිබදව මෙහෙයවන ලංකා ඔටෝමොබයිල් සංගමය, ජාතික මාර්ග ආරක්ෂණ සභාව සහ ශ්‍රී ලංකා පොලිසිය සමග අත්වැල් බැදගනිමින් මෙම කර්තව්‍යයට උරදී ඇත. FIA මගින් මෙම සමීක්ෂණය (ඩ්‍රයිව්‍ ඉන් ද මෝමන්ට් /Drive in the moment) යන තේමාව යටතේ ලෝකයේ රටවල් ගණනාවක ඔවුන්ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

ලංකාවේදී මෙම ව්‍යාපෘතිය (ධාවනයේදී අන්ධ නොවන්න / Don’t Drive Blind ) යන තේමාව යටතේ හදුන්වාදීමට කටයුතු කර ඇත. මෙම සමීක්ෂණය සහ ක්‍රමවේදය සම්පුරණයෙන්ම අන්තර්ජාලය හරහා මෙහෙයවන අතර එම සමීක්ෂණයට දායක වීමට ශ්‍රී ලාංකිකයන්ට  ඇරයුම් කරමු .

මෙය පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේදී සහ වෙනත් ස්ථානයන්  හිදී  ක්‍රියාත්මක කර  සියලු රථ වාහන පදවන්නන් සමීක්ෂණය වෙත යොමු කිරීමට බලාපොරොත්තු වෙමු .

ලංකාවේ වාර්ෂික මාර්ග අනතුරු මරණ 3500කට අධික සංඛ්‍යාවක්ද , බරපතල අනතුරු 9,000ක් සහ සුළු අනතුරු12,000කට වැඩි සංඛ්‍යාවක් සිදුවන බව පොලිස් දෙපාර්තුමේන්තුවේ සහ ජාතික මාර්ග ආරක්ෂණ සභාවේ දත්ත අනුව හෙළිවේ.

මෑතකදී කරන ලද තවත් සමීක්ෂණයකින් හෙලිවුයේ රියදුරන් කෙටි පණිවිඩ (SMS) යැවීම හා ජංගම දුරකථන වලින් ඇමතුම් ලබාගැනීමට අංක පිරික්සීමේදී වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුවී ඇති බවයි. තවද රථ වාහන පදින විට දුරකථන මාර්ගයෙන් ඇමතුම් ලබාගැනීමේ සහ වට්‍ස් ඇප්  (WhatsAPP ) සහ වෙනත් සමාජ ජාලයන්  මගින් සංසරණය වන  වීඩියෝ බැලීමට උත්සුක වීමත් මාර්ග අනතුරුවලට හේතුවක් වී ඇති බව හෙළිවී ඇත . තත්පර 5 ඇතුලත ජංගම දුරකථනය වෙත තම දෑස් යොමු කරන අවස්ථාවේදී, පැයට 35Km පමණ වේගයකින් ධාවනය වන රථයක් 40m පමණ ඉදිරියට යන බවත් එම අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණෙන මාර්ගය හරහා ගමන් කරන වෙනත් වාහනයක්  හෝ පාර මාරුවන කිසිවෙකුත් නොපෙනෙන  බැවින් එය මාර්ග රිය අතතුරකට අත වැනීමක් බව අප කවුරුත් වටහා ගත යුතුය. අප අධිවේගී මාර්ගයේ පැයට 100Km වේගයෙන් ධාවනය කරනවිට අප ජංගම දුරකථනය වෙත තත්පර 5 ක් දෑස් යොමු කරන අතරවාරයේදී 100mකට වඩා දුරක් වාහනය ඉදිරියට ඇදී යන බැවින් එම ක්‍රියාවලිය මාරාන්තික අනතුරකට අත වනන බව රියදුරන්ට වැටහෙන්නේ තමන් අතතුරකට පත්වූ අවස්ථාවකදීය.

මෙම කරුණු පදනම් කරගෙන අප විසින් මෙහෙය වන මෙම ව්‍යාපෘතිය තුලින් රිය පදවන විට ජංගම දුරකථන භාවිතයෙන් සිදුවිය හැකි බරපතල දේපල සහ ජිවිත හානි ගැන රියදුරන්ට  වැටහීමක් ඇති කිරීමට හැකිවේ යැයි අප බලාපොරොත්තු වෙමු .

FIA  සංගමය සමග ලංකා ඔටෝමොබයිල් සංගමය ලංකාවේදී කරන මෙම සමීක්ෂණ දත්ත විශ්ලේෂණය කිරීමට හා ඒ තුලින් ලොව වටා සිදුවන මාර්ග අනතුරු අවම කිරීමට මෙම දත්ත යොදා ගනු ලැබේ. එම දත්ත නිවැරදිව සහ කඩිනමින් ලබාදීම තුලින් ශ්‍රී  ලංකාවටත් ලෝක වාසි සියලු ජනතාවටත් සෙතක් සැලසෙනු ඇතැයි අප විශ්වාස කරමු.

මෙම සමීක්ෂණය සදහා පහත සදහන් වෙබ් අඩවියට පිවිසෙන්න
driveinthemoment.org/lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *