September 12, 2025
දකුණු පළාත් විශිෂ්ටම නවෝත්පාදන ව්‍යාපාරය ලෙස අමිල ගෝල්ඩ් හවුස් පෙෳද්ගලික සමාගම පිදුම් ලබයි
පුවත්

දකුණු පළාත් විශිෂ්ටම නවෝත්පාදන ව්‍යාපාරය ලෙස අමිල ගෝල්ඩ් හවුස් පෙෳද්ගලික සමාගම පිදුම් ලබයි

Jan 21, 2024

දකුණු පළාතේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛයෙකු වන ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 25ක් පුරා ක්‍රියාත්මක වන අමිල ගෝල්ඩ් හවුස් පෙෳද්ගලික සමාගම ජාතික ව්‍යාවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සහයෝගය සහිතව දකුණු පළාත් වාණිජ මණ්ඩලය සංවිධානය කළ දකුණු පළාත් ව්‍යවසාය විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී විශිෂ්ටම නවෝත්පාදන ව්‍යාපාරයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන උළෙලේදී අමිල ගෝල්ඩ් හවුස් පෙෳද්ගලික සමාගමේ අධිපති අමිල ඉඳුනිල් ද සිල්වා මහතා වෙත සම්මානය පිරිනමන ලදී. මීට පෙරද දකුණු පළාත් විශිෂ්ටම ව්‍යාවසායකයා සම්මානය ඇතුලු සම්මාන රැසකින් අමිල ඉඳුනිල් ද සිල්වා මහතා පිදුම් ලබා ඇත. 2019 වසරේදී දකුණු පළාතේ ප්‍රථම වරට ස්වර්ණාභරණ ව්‍යාපාරයක් සඳහා ISO 9001 – 2015 තත්ත්ව සහතිකය හිමි කර ගත්තේද අමිල ගෝල්ඩ් හවුස් වීම සුවිශේෂත්වයකි.

“උසස් ප්‍රමිතිය, අඛණ්ඩ විශ්වාසය සහ ඉහළ ගුණාත්මකභාවය යන සාධක ස්වර්ණාභරණ ව්‍යාපාරයක සාර්ථකත්වයට දැඩි ලෙස බලපානවා. එම නිසා අපගේ ආයතනය සෑම විටම පියවර කිහිපයක් ඉදිරියෙන් සිට නවීන යන්ත්‍ර භාවිත කර අනර්ඝ නිමාවෙන් හා නවීන මෝස්තරවලින් සමන්විත උසස් ප්‍රමිතියෙන් යුත් රන් භාණ්ඩ වගකීමක් සහිතව පාරිභෝගිකයන්ට සපයනවා. මෙම ජයග්‍රහණය ලැබීමට අමිල ගෝල්ඩ් හවුස් කෙරෙහි විශ්වාසය තැබූ ගෞරවනීය පාරිභෝගිකයන්ට සහ කාර්ය මණ්ඩලයට මාගේ කෘතවේදීත්වය පිරිනමනවා.” අමිල ඉඳුනිල් ද සිල්වා මහතා පැවසීය. කැරට් 22 ප්‍රමිතිය සහතික කරන ලද අලංකාර මෝස්තරවලින් සපිරි මංගලාභරණ අමිල ගෝල්ඩ් හවුස් වෙතින් විශ්වාසයෙන් යුතුව සාධාරණ මිලට ලබා ගත හැකිය. ඊට අමතරව රත්රන් තත්ත්ව පරීක්ෂා කිරීම, රන් ආභරණවල රන් ආලේප කිරීම, රන් ආභරණවල අකුරු කැටයම් කිරීම, කණ්ණාඩි රාමු පෑස්සීම ආදී සේවා රැසක්ද සිදු කරවා ගත හැකිය. අමිල ගෝල්ඩ් හවුස් ප්‍රධාන ශාඛාව අංක 117, වක්වැල්ල පාර, ගාල්ල ලිපිනයේත් අනෙකුත් ශාඛා කොළඹ පාර, කළුවැල්ල, ගාල්ල සහ අනගාරික ධර්මපාල මාවත, මාතර ලිපිනවලත් පිහිටා ඇත.

4 Comments

  • Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?

  • I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.

  • An additional issue is that video games are normally serious in nature with the primary focus on understanding rather than leisure. Although, we have an entertainment aspect to keep your children engaged, each game is normally designed to work on a specific expertise or curriculum, such as numbers or science. Thanks for your write-up.

  • affordablecanvaspaintings.com.au is Australia Popular Online 100 percent Handmade Art Store. We deliver Budget Handmade Canvas Paintings, Abstract Art, Oil Paintings, Artwork Sale, Acrylic Wall Art Paintings, Custom Art, Oil Portraits, Pet Paintings, Building Paintings etc. 1000+ Designs To Choose From, Highly Experienced Artists team, Up-to 50 percent OFF SALE and FREE Delivery Australia, Sydney, Melbourne, Brisbane, Adelaide, Hobart and all regional areas. We ship worldwide international locations. Order Online Your Handmade Art Today.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close