
ශ්‍රී ලංකා ජාතික පොසොන් උත්සවයට 29 වන වරටත් ආරක්ෂාව සපයමින්, AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය ඔස්සේ මෙවරත් වටිනා ජීවිත 6ක් බේරා ගැනේ
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 29 වන වරටත් සිය පොසොන් රැකවරණ වැඩසටහන කිසිඳු ජීවිත හානියකින් තොරව සාර්ථකව නිම කල බවත් ඒ ඔස්සේ වටිනා ජීවිත 6ක් බේරා ගත් බවත් අභිමානයෙන් යුතුව ප්‍රකාශ කර සිටියි. මෙම පරිපූර්ණ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය පොසොන් උත්සව සමයෙaදී පූජා නගර කරා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ රැකවරණය වෙනුවෙන් මෙරට වැඩිම කාලයක් පුරාවට අඛණ්ඩව පවත්වාගෙන යන සමාජ සත්කාරක වැඩසටහනකි.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම අඛණ්ඩව 29 වන වරටත් අනුරාධපුර, පොලොන්නරුව, මිහින්තලේ, දඹුල්ල යන සියලුම පූජා නගරයන් අවට ඇති වැව් සහ ජලාශ 39ක් ආවරණය වන පරිදි, ජීවිතාරක්ෂකයින් 500කට අධික සංඛ්‍යාවක් යොදවමින් මෙම ව්‍යාපෘතිය මෙවරත් ක්‍රියාත්මක කරන ලදී. මෙම ජීවිතාරක්ෂකයින්ගේ රැකවරණය යටතේ පූජා නගර වෙත එන බeතිමතුන්හට සුරක්ෂිතව සිය වන්දනා කටයුතු සිත්සේ කරගැනීමට අවස්ථාව උදා වී තිබුණි. මෙම පරිපූර්ණ රැකවරණ ව්‍යාපෘතිය පිළිබඳව ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සිදුකල ප්‍රවර්ධන වැඩසටහන් මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කය පුරාවට සවිකර තිබූ රැකවරණ පුවරු සහ බැනර ඔස්සේ බැතිමතුන් දැනුවත් කරන ලදී.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනයන්හී සහයෝගයෙන් සිදු කෙරෙන අතර මේ ඔස්සේ පසුගිය වසර ගණනාව පුරාවට බේරාගත් ජීවිත සංඛ්‍යාව 260කට අධික වේ. AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොනවත්වා ශ්‍රී ලාංකික ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සිදුකරන්නා වූ කැපකිරීම මෙම රැකවරණ ව්‍යාපෘතිය ඔස්සේ මනාව පිළිබිඹු වේ.
මෙම රැකවරණ වැඩසටහන ඔස්සේ සිදුවන සේවාව පිළිබඳව කෘතඥතාවය පළකරමින් පොසොන් වන්දනාවේ ආ බැතිමතෙකු කියා සිටියේ “AIA ජීවිතාරක්ෂකයෙකු මා දියේ දී අනතුරට පත් වූ අවස්ථාවේ මාව බේරා ගැනීමට යුහුසුළු උනා ඔවුන් මගේ ජීවිතය බේරා දී මාව මගේ පවුලේ අයට භාර දුන්නා. ඔවුන්ගේ කැපවීම ඉතා ප්‍රශංසනීයයි. මාගේ ජීවිතය බේරාදීම වෙනුවෙන් මා ඇත්තටම ඔවුන්ට කෘතඥ විය යුතුයි .”
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී සසිත් බඹරදෙණිය මහතා පොසොන් රැකවරණ වැඩසටහනේ වැදගත්කම අවධාරණය කරමින් කියා සිටියේ “තවත් පොසොන් රැකවරණ වැඩසටහනක නිමාව දකිමින් මේ අවස්ථාවේ බැතිමතුන්ගේ රැකවරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව, සමාජයේ සුබසිද්ධිය වෙනුවෙන් අපගේ වගකීම ඉටුකිරීමට තවදුරටත් මෙම ප්‍රජා සත්කාරක මෙහෙවර අඛණ්ඩව සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් හි මූලික හර පද්ධතීන් වන වන ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිතවල ගුණාත්මක බව වැඩි කිරීම වෙනුවෙන් ඇති කැපවීම පිළිබිඹු වෙනවා”.
29 වන පොසොන් රැකවරණ වැඩසටහනේ නිමාවත් සමඟින්, සුරක්ෂිතතාවය හා බැඳුනු සංස්කෘතියක් ඇති කරමින් ඒ ඔස්සේ ශ්‍රී ලාංකාවේ ප්‍රජාව තුළ ධනාත්මක බලපෑමක් ඇති කිරීමට AIA හි ඇති කැපවීම තවදුරටත් තහවුරු වේ.