October 26, 2025
රාජකීය විද්‍යාලයීය ආදි සිසුන්ගේ East Coast Foundation එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය උණුසුම් ලෙස  පිළිගනියි
පුවත්

රාජකීය විද්‍යාලයීය ආදි සිසුන්ගේ East Coast Foundation එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය උණුසුම් ලෙස  පිළිගනියි

Sep 12, 2025

රාජකීය විද්‍යාලයීය ආදි සිසුන්ගේ East Coast Foundation අභිනවයෙන් පත් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පිළිගැනීමේ ප්‍රිය සම්භාෂණයක් එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේදී පැවැත්විණි. Lungi South Indian & Sri Lankan Restaurantහිදී පැවැත්වුණු ඊට අනුග්‍රාහකත්වය දැක්වූයේ පදනමේ හිටපු සභාපති රුෂ්දුන් රම්සි මහතාය. හිටපු සභාපතිවරුන්, කමිටු සාමාජිකයන්, සංගමයේ අනෙකුත් සාමාජිකයන් ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් ඊට සහභාගී වූහ.

එහිදී වජිර ගුණවර්ධන (හිටපු සභාපති) සහ රවී කරුණාරත්න (ආරම්භක සාමාජික සහ හිටපු සභාපති) වසර 30ක කාලයක් පුරා සංගමය ඉටු කළ කැපී පෙනෙන සේවාව පිළිබඳව අදහස් දැක්වූහ. සංගමයේ වැඩ කටයුතු සඳහා එක්සත් ජනපදයේදී මෙන්ම ශ්‍රී ලංකාවේදී නිරන්තරයෙන් දායකත්වය සපයන ප්‍රශාන්ත් විජයදාස (Dini Communications) සහ ආචාර්ය සුකුමාර් නාගේන්ද්‍රන් එහිදී ඇගැයීමට ලක් වූහ. සංගමය දියත් කරන ප්‍රජා සත්කාර වැඩි දුරටත් පුළුල් කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා විය. අභිනවයෙන් තේරී පත් වූ සභාපති නිරංජන මාපිටිගමගේ, උප සභාපති ක්‍රිෂාන් ජයචන්ද්‍ර, ලේකම් ප්‍රගීත් මනෝරත්න, හිටපු සභාපතිවරුන් වන වජිර ගුණවර්ධන, ප්‍රශාන්ත් විජයදාස, සේනක සෙනෙවිරත්න, සුදත් ජයසිංහ, චන්දන මුතුකුමාරණ, නිරෝෂ් වරුසවිතාන, ප්‍රවිෂ්ක වික්‍රමසූරිය, බුද්ධි අබේසේකර, රවී රත්නසිංහම්, රවී කරුණාරත්න, ඩිල්ෂාඩ් අහමඩ්, හිටපු උප සභාපති අනුක් ප්‍රනාන්දු, සාමාජිකයන් වන සචිත් රාජකරුණා, ප්‍රමෝද් රාජගුරු, දර්ශන රූපසිංහ, රුක්ෂාන් මුණසිංහ ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. රාජකීය විද්‍යාලයීය ආදි සිසුන්ගේ East Coast Foundation සෑම විටම සහෝදරත්වය සහ කෘතවේදීභාවය වැනි ගුණාංග තුළින් සිය දැක්ම ඉදිරියට රැගෙන යාමට කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close