July 27, 2024
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ 2023 සම්මාන උළෙලේ දී xCommerz™ සම්මානයෙන් පිදුම් ලබයි
පුවත්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ 2023 සම්මාන උළෙලේ දී xCommerz™ සම්මානයෙන් පිදුම් ලබයි

Nov 26, 2023

Xiteb® හි පාරිභෝගික හිතකාමී විද්‍යුත් වාණිජ විසඳුම වන xCommerz™, 2023 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය සඳහා Xiteb® සතු නොසැලෙන කැපවීම තහවුරු කරමින් කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය.

xCommerz™ යනු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා සුදුසු විද්‍යුත් වාණිජ විසඳුමක් ලෙස හැඳින්විය හැකිය. මෙයට අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමට තවමත් අවතීර්ණ නොවූ සහ තවමත් භෞතික වෙ‌ළෙඳසැල් සඳහා විශාල වශයෙන් ආයෝජන යොදන්නා වූ මෙන්ම අසාර්ථක විද්‍යුත් වාණිජ වෙ‌ළෙඳසැල් පවත්වා ගෙන අයද ඇතුළත් වන්නේ Intellects Transform යන ඔවුන්ගේ ආදර්ශ පාඨය සනාථ කරමිනි.

සෑම ව්‍යාපාරයකටම සුදුසු පරිදි නිර්මාණය කර සූක්ෂම ලෙස පරීක්‍ෂා කර ඇති xCommerz™ විද්‍යුත් වාණිජ විසඳුම් මගින් පැරණි වෙබ් අඩවියක සිට නව වෙබ් අඩවියකට සංක්‍රමණය වීමේදී මුහුණ දෙන පොදු අභියෝගයක් ආමන්ත්‍රණය කරයි. එනම් පෙර වෙබ් අඩවිය හා සමාන පරිශීලකයන් ප්‍රමාණයක් එක විට කළමනාකරණය කිරීමට ඇති හැකියාවයි. මෙය SEO හිතකර තාක්ෂණික ක්‍රමවලින් සමන්විත ස්ථාවර හා ඉහළ කාර්ය සාධනයක් සහිත බාධාවකින් තොර පරිවර්තනයක් සහතික කරයි. එසේම xCommerz™ ගනුදෙනු ගාස්තු, වෙ‌ළෙඳුන්ට සැපයුම්කරුගෙන් ඉවත්ව ස්වාධීනව කිරීමට ඉඩ නොදීම සහ දත්ත සංක්‍රමණ ගැටළු වැනි විවිධ ගැටළු රාශියකට විසඳුම් සපයයි.

Xiteb® මීට පෙරද SLT Zero One, The Biz Awards – USA වැනි කීර්තිමත් ජාතික සහ ජාත්‍යන්තර සම්මානවලින් පිදුම් ලබා ඇත්තේ ඔවුන්ගේ විශිෂ්ට මෘදුකාංග විසඳුම් සහ සමස්ත ව්‍යාපාරික විශිෂ්ටත්වය තහවුරු කරමිනි. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ 2022 සම්මාන උළෙලේදී Xiteb® සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබුවේ ඔවුන් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට මෘදුකාංග දෙකක් සඳහාය.

xCommerz™හි පරිශීලක හිතකාමී විශේෂාංග, කැපී පෙනෙන කාර්ය සාධනය සහ අසමසම පාරිභෝගික සත්කාර බොහෝ ගනුදෙනුකරුවන්ගේ මහත් ප්‍රශංසාවට ලක් වී ඇත. මෙම ජයග්‍රහණය Xiteb® ආයතනයේ පමණක් නොව ඒ පිළිබඳ දැනුවත් ගනුදෙනුකරුවන්ගේ සහ නොමද සහයෝගයක් සැමදා දක්වන Xiteb® හි කාර්ය මණ්ඩලයේද ජයග්‍රහණයක් බව එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ජයතිලක අවධාරණය කරයි. එය නව ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ගොඩ නැගීම  සඳහා මහත් පිටුබලයක් සපයයි.

ආචාර්ය ජයතිලක සහ සමස්ත Xiteb® කණ්ඩායම සියලු පාර්ශ්වකරුවන්ගේ අඛණ්ඩ සහයෝගය සහ දිරි ගැන්වීම කෙරෙහි සිය කෘතඥතාව පළ කරයි. xCommerz™ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ 2023 සම්මාන උළෙලේදී ඩිජිටල් ක්ෂේත්‍රයේ ව්‍යාපාර සවිබල ගැන්වීමේ Xiteb® මෙහෙවර සංකේතවත් කරමින් ඒ සඳහා ඔබගේ අගනා දායකත්වය සැපයීමට ආරාධනා කරන්නේ ඩිජිටල් වාණිජ ලෝකයේ අඛණ්ඩ ගමන් මග සනිටුහන් කර ගැනීමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *