
කිඹුල්පැටියාව ගම්වාසීන්ට මෙවර වෙසක් මාසයේ සිට සුවපත්, සැපවත් දිගුකල් දිවියක් AIA වෙතින්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් සුන්දර ගම්මානයක් වන කිඹුල්පැටියාව ග්‍රාමයේ ජීවත්වන ජනතාවට 2024 වසරේ වෙසක් මාසය වෙන වසරවලට වඩා විශේෂ එකක් විය. පසුගිය වසර ගණනාවක සිට ඔවුන් බලාපොරොත්තු දල්වාගෙන සිටියේ ඔවුනට බීමට පිරිසිඳු පානීය ජල බිඳක් ලැබෙන දිනයක් උදාවෙන තුරුය. මේ වසරේ වෙසක් මාසය වෙන විට ඔවුනගේ ඒ බලාපොරොත්තුවේ සිහිනය සැබෑ වී තිබුණි. මේ සුන්දර ගම්පියසේ කෙතරම් ජලය තිබුනත් ගම්වාසීන්ගේ පිපාසය නිවා ගැනීමට පිරිසිඳු පානීය ජලය නැතිව ඔවුන්ගෙන් ඇතැමෙක් වකුගඩු රෝගීන් බවටද පත්ව තිබුනේ නොදනුවත්මය. මේ ප්‍රශ්නයට වැඩිහිටි ජනතාව මෙන්ම ගමේ පාසල වන මහපොතාන කිඹුල්පැටියාව විද්‍යාලයේ අකුරු කරන කුඩා දරු දැරියන් ද එකලෙසම මුහුණ දෙමින් සිටියහ. මෙම ගම්පියසේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයට විසඳුමක් දීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ගම්වැසියන්, පාසල් දරුදැරියන් ඇතුළු සැමගේ පරිහරණය පිණිස ප්‍රතිආශ්‍රැතිකරණ ජල පෙරණයක් නොබාදා ස්ථාපිත කර දෙන ලදී. මෙම ප්‍රතිආශ්‍රැතිකරණ ජල පෙරණ ව්‍යාපෘතිය ඔස්සේ කිඹුල්පැටියාව ගම්වාසීන්හට මෙවර වෙසක් මාසයේ සිට ඉදිරියට වඩාත් සුවපත්, සැපවත් දිගුකල් ජීවිත අත්කර ගැනීමට අවස්ථාව උදාවෙනු ඇත.
1 Comment
I’m extremely impressed with your writing talents as well as with the format to your blog.
Is that this a paid subject or did you customize it yourself?
Anyway keep up the nice quality writing, it is rare to see a nice blog like this one these days.
LinkedIN Scraping!