January 13, 2025
SEC සහ CSE විසින් රත්නපුරයේ ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වමින් කොටස් වෙළෙඳපොළ දැනුවත් කිරීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යයි
පුවත්

SEC සහ CSE විසින් රත්නපුරයේ ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වමින් කොටස් වෙළෙඳපොළ දැනුවත් කිරීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යයි

May 22, 2024

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් පසුගියදා රත්නපුර නව නගරයේ කේතුමතී හෝටලයේදී ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.

ආයෝජකයින්ගේ සුරක්ෂිතතාව මෙන්ම කොටස් වෙළඳපොලේ පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයින් දැනුවත් කිරීම මුලික අරමුණ කරගනිමින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කෙරුණි. මේ සඳහා 170කට අධික පිරිසක් සහභාගී වූ අතර, ප්‍රදේශයේ දැනටමත් සිටින ආයෝජකයින්ට සහ  අලුතින් කොටස් හුවමාරුවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ආයෝජකයින්ට මෙහිදී ඉතා වටිනා  තොරතුරු රැසක් ලබාගැනීමට හැකියාව ලැබුණි.

මෙම ආයෝජක සම්මන්ත්‍රණයේදී, ආයෝජනය කිරීමේ ක්‍රියාවලිය මෙන්ම කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ වාසි අවාසි ඇතුළුව ආයෝජන පිළිබඳ මූලික හැඳින්වීමක් කොළඹ කොටස් හුවමාරුවේ රත්නපුර ශාඛාවේ විධායක නිලධාරි ලසන්ත කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.  

වෙළෙඳපොළ තුළ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව මෙන්ම ආයෝජකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන සංකීර්ණත්වය සම්බන්ධයෙන් ආයෝජකයින් දැනුවත් කරමින්, SEC බාහිර සබඳතා කළමනාකරු නිමල් කුමාරසිංහ මහතා විසින් රැස්ව සිටි පිරිස අමතන ලදී.

ඉන්පසු CSE ජංගම යෙදුම පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් CSE හී ජ්‍යෙෂ්ඨ විධායක (Digital Products), ශානිකා රාමනායක මහත්මිය විසින් පවත්මවන ලදී.

තවද ඇසේට් ට්‍රස්ට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගමේ (Asset Trust Management (Pvt) Ltd) කොටස් අරමුදල් කළමනාකරු නලීන් සදීෂ් මහතා විසින් ආංශික කාර්යසාධනය සහ වෙළඳපල අවස්ථා පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී.

ඒකක භාරකාර අරමුදල් ආයෝජනය සම්බන්ධයෙන් හැඳින්වීමක් සිදු කරමින් සීබෑන්ක් (Ceybank) සහකාර අරමුදල් කළමනාකාරිනී කාවින්ද්‍යා අශෝකා මහත්මිය ද පැමිණ සිටි පිරිස ඇමතුවාය.

සම්මන්ත්‍රණය අවසන් කරමින්, නිමල් කුමාරසිංහ, නලීන් සදීෂ් සහ CSE ජ්‍යේෂ්ඨ උප සභාපති නිරෝෂන් විජේසුන්දර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ආයෝජකයින්ගේ ප්‍රශ්න සාකච්චා කිරීමේ සැසියක් පැවැත්වීය.

කොටස් තැරැව්කාර සමාගම්වල ආයෝජන උපදේශකයින් හමුවීමට ද සහභාගිවන්නන්ට අවස්ථාව සලසා දෙනු ලැබීය.

මූල්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කරමින් ආයෝජකයන් දැනුවන් කිරීම සහ ඔවුන්ගේ ආරක්ෂාව යන කාරණා පිළිබඳව අවබෝධය ලබා දීම සඳහා බණ්ඩාරවෙල, ගම්පහ, මාතර සහ කොළඹ වැනි ප්‍රදේශයන්හී දී 2024 වසර සඳහා තවත් ආයෝජක සම්මන්ත්‍රණ පැවැත්වීමට SEC සහ CSE සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close