May 5, 2026
අධි රුධිර පීඩනය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් ත්‍රිත්ව ඖෂධීය විසඳුම්
පුවත්

අධි රුධිර පීඩනය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් ත්‍රිත්ව ඖෂධීය විසඳුම්

May 5, 2026

අධි රුධිර පීඩනය සඳහා නිර්දේශිත ඖෂධ වර්ග තුනක සංයෝගයෙන් සකසා ගත් එක් ඖෂධයක් භාවිතයෙන්ල අධිරුධිර පීඩනය සහ එමගින් ඇති වන මොළයේ අභ්‍යන්තර ලේ ගලනය (Stroke) පාලනය කළ හැකි බව  ශ්‍රී ලංකාව ප්‍රමුඛව ලෝකයේ රටවල් දහයක සහභාගිත්වයෙන්  සිදුකෙරුණු TRIDENT නම් පර්යේෂණයකින් සොයාගෙන ඇති අතර මෙම පර්යේෂණ ලිපිය (Research Paper) වෛද්‍ය විද්‍යා පර්යේෂණ ඉදිරිපත් කිරීම සඳහා ඇතිල ලෝකයේ  පිළිගත් ප්‍රධාන සඟරාවක් වන The New England Journal of Medicine (NEJM) සඟරාවට ඇතුළත් වී ඇත.

TRIDENT යනු මෑතකදී මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් ඇති වූ සහ 130 සිට 160 mm Hg දක්වා සිස්ටලික් රුධිර පීඩනයක් ඇති එමෙන්ම ප්‍රති – අධි රුධිර පීඩන ප්‍රතිකාර ලබා ගන්නා වැඩිහිටි රෝගීන් (අවුරුදු 18 සහ ඊට වැඩි) සම්බන්ධ කරගනිමින් සිදු කරන ලද ජාත්‍යන්තර, Double- blind අහඹු, ප්ලේසෙබෝ – පාලිත අත්හදා බැලීමකි.

මෙම  අධ්‍යයනය සඳහා  ලෝකයේ රටවල් දහයක රෝගීන් එක්දහස් හයසිය හැත්තෑදෙනෙකු (මධ්‍යස්ථාන පනස් හතක්)  සම්බන්ධ වී ඇති අතර, කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ සායනික පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අසිත ද සිල්වා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක මෙහෙයවීමෙන්  මෙරට මධ්‍යස්ථාන දහයක රෝගීන් සම්බන්ධ වී ඇත. මෙම  සායනික පර්යේෂණය සඳහා තුනෙන් දෙකක ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේ රෝහල්වලින් සම්බන්ධ වීම විශේෂත්වයකි.

මෙම  සායනික පර්යේෂණ ලිපිය පළ වු  The New England Journal of Medicine (NEJM) යනු ලොව පැරණිතම මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ විපර්යාස රාශියක් සිදු කළ වෛද්‍ය සඟරාවකිග NEJM වෛද්‍ය සඟරාව සුවිශේෂ වශයෙන් වැදගත් වන්නේ සම-සමාලෝචනය කරන ලද පර්යේෂණ සම්බන්ධයෙන් වන එහි කාර්යභාරය හේතුවෙනිග මෙයින් අදහස් කෙරෙන්නේල ඕනෑම පර්යේෂණ අධ්‍යයනයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර, එම ක්ෂේත්‍රයේම විශේෂඥයින් විසින් එය ඉතා සැලකිලිමත්ව ඇගයීමට ලක් කෙරෙන බවයිග මෙම විශේෂ සමාලෝචන ක්‍රියාවලිය නිසාල නව වෛද්‍ය දැනුම ලබාගැනීම සඳහා වඩාත්ම විශ්වාසදායක මූලාශ්‍රවලින් එකක් ලෙස NEJM සඟරාව සැලකේ.

අද වන විට ලොව පුරා වෛද්‍යවරුන්ල පර්යේෂකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් NEJM සඟරාව පුළුල් ලෙස පරිශීලනය කරනු ලබන අතරල මෙම සඟරාවේ තම පර්යේෂණ අධ්‍යයනයක් පළ කරගැනීම බොහෝ විට වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය තුළ ලබාගත් විශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකේ.

වර්තමානයේ අධි රුධිර පීඩනය ලෝකයේ බරපතළ සෞඛ්‍ය ගැටලු‍වක් බවට පත්වෙමින් තිබෙන අතර මෙම රෝගය නිසි පරිදි පාලනය නොවීමෙන් මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම් වැනි සංකූලතා හට ගැනීම වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය වාර්තා මගින් පෙන්වා දෙයි. මෙවැනි තත්ත්වයක අධි රුධිර පීඩනය පාලනය සඳහා ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක ප්‍රධාන දායකත්වයෙන් ලෝකයේ රටවල් දහයක් එකතු වී කෙරුණු පර්යේෂණ සොයා ගැනීම The New England Journal of Medicine (NEJM) වැනි සඟරාවකල පළවීමත්ල මෙම පර්යේෂණයේ  ප්‍රධාන දායකත්වය ශ්‍රී ලංකාව විසින් දරන ලද බව එම සඟරාවේ කතුවැකියේ විශේෂයෙන් සඳහන් වීමත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.

මෙම පර්යේෂණ සොයාගැනීමත් සමඟම ශ්‍රී ලංකාවේ හෘද රෝගවලට ඖෂධ ලබා දීම සඳහා ඇති මාර්ගෝපදේශ සඳහාල විශේෂයෙන් අධි රුධිර පීඩනය පාලනය සම්බන්ධව නව මාර්ගෝපදේශනයක්  එකතු වී ඇති අතර මෙමගින් වෛද්‍ය විද්‍යාව නව මගකට යොමු කිරීමක් ද සිදු වී ඇත. මේ අනුව අධි රුධිර පීඩනය පාලනය නොකිරීමෙන් ඇතිවන මොළයේ ලේ ගැලීම් පාලනය සඳහා මෙම ත්‍රිත්ව ඖෂධය භාවිත කළ හැකි බවට සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කරන ජාත්‍යන්තර ආයතන පිළිගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close