September 8, 2024
කොමර්ෂල් බැංකුව සහ යුනියන්පේ වෙතින් කාඩ්පත් හිමියන්ට, නෙලුම් කුළුණේ සුපිරි භෝජන සංග්‍රහයකට අවස්ථාවක්
පුවත්

කොමර්ෂල් බැංකුව සහ යුනියන්පේ වෙතින් කාඩ්පත් හිමියන්ට, නෙලුම් කුළුණේ සුපිරි භෝජන සංග්‍රහයකට අවස්ථාවක්

Dec 30, 2023

කොළඹ නෙලුම් කුළුණේ විවෘත කරන ලද නවතම භ්‍රමණය වන (Revolving) අවන්හලේදී සුවිශේෂී භෝජන සංග්‍රහ අත්දැකීමක් ලබා ගැනීමට කොමර්ෂල් බැංකුවේ යුනියන්පේ කාඩ්පත් හිමියන්ට අවස්ථාව උදාවී ඇත.

ගෝලීය වශයෙන් ප්‍රමුඛ කාඩ්පත් ගෙවීම් ජාලය වන යුනියන්පේහි (UnionPay), ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට මෙම විශේෂ ත්‍යාගය ලබා දෙන්නේ බැංකුවේ ප්‍රවර්ධන වැඩපිළිවෙලක කොටසක් වශයෙනි.

2023 දෙසැම්බර්, 2024 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී මසකට අවම වශයෙන් රු. 50,000ක් වියදම් කරන ඕනෑම කොමර්ෂල් බැංකු යුනියන්පේ කාඩ්පත් හිමියෙකු මෙම හිමිකර ගැනීම සඳහා සුදුසුකම් ලබයි. මාස තුනක ප්‍රවර්ධන වැඩසටහන අවසානයේ තෝරාගත් කාඩ්පත් හිමියන්ට සහ ඔවුන්ගේ සහෘදයින්ට අමතක නොවන අත්දැකීමක් මෙම අවස්ථාව මගින් ලබා දීමට පොරොන්දු වන බව බැංකුව ප්‍රකාශ කරයි.

කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී නිශාන්ත ද සිල්වා මහතා මෙම ප්‍රවර්ධනය ගැන මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියේය. ‘කාඩ්පත් හිමියන්ට මෙවැනි ආකාරයේ ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට යුනියන්පේ සමග හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ යුනියන්පේ කාඩ්පත් නිකුත් කළ පළමු බැංකුව ලෙස, කොමර්ෂල් බැංකුව සහ යුනියන්පේ අතර විශේෂ සබඳතාවයක් ඇති අතර, වෙළෙඳපොළේ ප්‍රථමයන් රැසක් අත්කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.’

යුනියන්පේ ඉන්ටර්නැෂනල් දකුණු ආසියාව සඳහා අධ්‍යක්‍ෂ හු බින්ග්හැන් මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය. පොයින්ට්-ඔෆ්-සේල් යන්ත්‍ර සහ QR කේත ගෙවීම් පිළිගැනීම සක්‍රීය කිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ අපගේ කාඩ්පත් භාවිතයට පහසුකම් සැලසීමට කොමර්ෂල් බැංකුව දරන ප්‍රයත්නයන් සමගින්, යුනියන්පේ කාඩ්පත් හිමියන් සංඛ්‍යාවේ හොඳ වර්ධනයක් වාර්තා වී තිබෙනවා. මෙවැනි ප්‍රවර්ධනයක් මගින් කාඩ්පත් හිමියන් සමග චිත්තවේගීය සහ ශාරීරික මට්ටමින් සම්බන්ධවීම කාලෝචිත ක්‍රියාවක් යැයි අපි විශ්වාස කරනවා.’ 

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *