March 18, 2025
යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි
පුවත්

යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි

Nov 28, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සිය ප්‍රමුඛතම සමාජ වගකීම් වැඩසටහන වන ‘සුවමඟ’ ඔස්සේ ජනසමාජයේ පිරිපුන් සුවසෙත ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කරයි. සැමගේ ජීවිත සුරැකීම සහ පිරිපුන් සුවසෙත සැලසීම සඳහා වන සිය සන්නාම මෙහෙවරට අනුකූල වන පරිදි, සමාගම විසින් ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යන දියවැඩියා ව්‍යාප්තිය පාලනයට දායකත්වය සපයමින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන සුවමඟ සමාජ සත්කාරක වැඩසටහන පසුගියදා දියත් කරනු ලැබිණි. මෙම පරිපූර්ණ වැඩසටහන සමස්ත වශයෙන් සැලසුම් කර ඇත්තේ දියවැඩියාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම, වඩාත් සුවැති ජීවන රටාවන් ප්‍රචලිත කිරීම, කල් තියා දියවැඩියා තත්ත්වයන් හඳුනා ගැනීමට සහ අවදානම පාලනය කරගැනීමට සහාය දැක්වීම සහ ජනසමාජයේ සහභාගිත්වය යොමුකර ගැනීම යන කරුණු කෙරෙහි වැඩි අවධානයක් සහිතව වඩාත් සෞඛ්‍ය සම්පන්න තත්ත්වයන් හිමිකර ගැනීමට සැමට මඟපෙන්වීම සඳහාය.

මෙම වැඩසටහනෙහි අංගයක් ලෙස, සමාගම විසින් සිය ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ 2024 නොවැම්බර් 27 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකාවේ දියවැඩියා සංගමයේ සහභාගිත්වය සහිතව සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී දියත් කරනු ලැබිණි. සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය යනු, සෞඛ්‍ය වාර්තා සහ සෞඛ්‍ය අවදානම් පාලනය කරගැනීමට හා අවම කරගැනීමට සැමට ගැළපෙන සේ සුවිශේෂයෙන් සැකසූ මාර්ගෝපදේශ සමඟ සහතිකලත් සුවසේවා වෘත්තිකයින් විසින් මෙහෙයවනු ලබන දියවැඩියා තිරපරීක්ෂාවන් නොමිලේ පිරිනැමීම සඳහා සැලසුම් කළ, පූර්ණ පහසුකම් සහිත ජංගම රථයකි. නාගරික ප්‍රදේශවල සිට ග්‍රාමීය ප්‍රදේශ දක්වා විවිධ ස්ථාන ආවරණය කරමින් ශ්‍රී ලංකාව පුරා සංචාරය කිරීමට අපේක්ෂිත මෙම ජංගම තිරපරීක්ෂා ඒකකය මඟින් යූනියන් ඇෂුවරන්ස් පාරිභෝගිකයින් වන හෝ නොවන යන කරුණ නොසලකා සෑම වයස් කාණ්ඩයකටම අයත් විවිධ පිරිස්වලට නොමිලේ පරීක්ෂාවන් කරගැනීමේ හැකියාව ලබාදෙමින් පොදු මහජනතාවට සුවසේවාවන් පහසුවෙන් සලසා ගැනීමේ අවස්ථා ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත.

යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාව දියවැඩියාව සම්බන්ධ අර්බුදකාරී තත්වයකට මුහුණ දී සිටින අතර, ආසන්න වශයෙන් වැඩිහිටියන් දස දෙනෙකු අතරින් එක් අයෙක් මේ රෝග තත්ත්වයත් සමඟ ජීවත් වෙනවා වගේම හඳුනා නොගත් හෝ අවදානමට ලක්වූ තවත් බොහෝ පිරිසක් සිටිනවා. දියවැඩියාව පාලනයට සහ බරපතළ සංකූලතා කල්තියා හඳුනා ගැනීම සහ නිසි කලට ප්‍රතිකාර කිරීම අතිශයින්ම වැදගත්. සුවමඟ වැඩසටහන සහ ජංගම තිරපරීක්ෂා ඒකකය මඟින් සිය සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගනිමින් ජීවන රටාව සවිබල ගන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැමට අවස්ථාව සැලසෙනවා. ආර්ථික අභියෝග ජයගැනීමට අපේ රට තවමත් උත්සාහ දරමින් සිටින අවස්ථාවක ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් විශේෂයෙන්ම, වෛද්‍ය සේවාවන් ලබාගැනීමේ අවහිරතා සහිත පහසුකම් අඩු ප්‍රදේශද ඇතුළුව රට පුරා සැමට සුවසේවාවන් ලබාගැනීමේ පහසුව සැලසෙනවා.”

“යූනියන් ඇෂුවරන්ස් සාම්ප්‍රදායික ජීවන රටාවන්ගෙන් ඔබ්බට යමින් ජීවිත සුරැකීම සහ සැමට පිරිපුන් සුවසෙත සැලසීම සඳහා වන අපගේ සන්නාම මෙහෙවර ඉටුකිරීමට කැප වන රක්ෂණ සමාගමක් ලෙස ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවත්වලට සමීප වී සිටිනවා. එය තවදුරටත් යථාර්ථයක් බවට පත් කරන මෙම ‘සුවමඟ’ වැඩසටහන හදිසි සෞඛ්‍ය ගැටලුවලට එරෙහිව සටන් කිරීම සඳහා වන අපගේ තවත් සුවිසල් පියවරක් ලෙස සඳහන් කළ හැකියි. මේ තුළින් අද සමාජයේ බහුලව පවතින නිහඬ ඝාතකයකු ලෙස හඳුනාගත් දියවැඩියා රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අපි කටයුතු කරනවා. ඒ තුළින් සමාජයට හරවත් බලපෑමක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගී තත්ත්වය මනාව පාලනය කර ගැනීමට දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වනවා” යැයි යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න අදහස් පළ කළේය.

යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 සැප්තැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 27.8ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 74.7ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යුනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.

2 Comments

  • Kent casino Скачать на Андроид. https://www.pgyer.com/apk/apk/com.kent.c115546

  • SI HD Leggi anche – Impresa di Sonego a Miami, battuto Tiafoe Jannik Sinner torna in campo a Pechino per affrontare Safiullin nel secondo turno in programma oggi non prima delle 9. La testa di serie numero 1 del torneo e primo giocatore del mondo ha esordito con una vittoria contro Jarry e affronta il russo, numero 69 del mondo e vittorioso su Wawrinka, per la terza volta, dopo due vittorie nei precedenti confronti. In palio i quarti contro uno tra Lehecka e Bautista. Diretta TV e streaming su Sky, Sky GO e NOW. Ecco tutto quello che c’è da sapere sulla partita. Jannik Sinner torna in campo dopo Wimbledon, dove ha perso ai quarti contro Daniil Medvedev in cinque set, e dopo la tonsillite che gli ha impedito di partecipare alle Olimpiadi. A portare in alto bandiera italiana ci ha pensato il nostro Lorenzo Musetti che ha conquistato il bronzo, dietro a Carlos Alcaraz e al leone serbo Djokovic, vincitore dell’oro.
    http://www.design-gift.co.kr/bbs/board.php?bo_table=free&wr_id=26889
    condividi atdheeu è un servizio di streaming online con sport live totalmente gratuito. Non ci sono limitazioni nell’uso di Adthe, puoi guardare la diretta calcio gratis in diversi canali di tutto il mondo e focalizzarti su qualsiasi tipo di sport compreso vedere partite in streaming. L’interfaccia è veramente di facile utilizzo con tutto l’elenco degli incontri della giornata ordinati per orario. Nell’ultima giornata dei gironi di Champions League il Milan se la vedrà con il Newcastle alle ore 21:00 di mercoledì 13 dicembre allo stadio St James’ Park. È importante sottolineare che l’uso di una VPN per accedere a contenuti geograficamente limitati è generalmente legale. Tuttavia, si consiglia di verificare i termini di servizio della piattaforma di streaming utilizzata per evitare potenziali violazioni.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close