July 26, 2024
TSR Technologies ආසියානු සම්මාන උළෙලේදී විශිෂ්ටම සේවා සපයන්නා ලෙස සම්මාන දිනයි
පුවත්

TSR Technologies ආසියානු සම්මාන උළෙලේදී විශිෂ්ටම සේවා සපයන්නා ලෙස සම්මාන දිනයි

Dec 31, 2023

TSR Technologies පෙෳද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මුද්‍රණ කර්මාන්තයේ ඉංජිනේරු අංශයේ වසර 27ක පළපුරුද්දක් ඇති ආචාර්ය රොශාන් රාජපක්ෂ මහතා ඉන්දියාවේ පැවැති ආසියානු සම්මාන උළෙලේදී Eco-Solvent Digital Printer සඳහා හෙඩ්වලට වගකීමක් හඳුන්වා දුන් ආසියාවේ විශිෂ්ටම සේවා සපයන්නා ලෙස සම්මාන දිනා ගත්තේය. මෙය ආචාර්ය රොශාන් රාජපක්ෂ මහතාගේ දෙවන ජාත්‍යන්තර සම්මානය වේ. මුද්‍රණ කර්මාන්තය නගා සිටුවීමත්, මුද්‍රණ ක්ෂේත්‍රයට පුහුණු සේවක පිරිසක් බිහි කිරීමත් ඔහුගේ මූලික අරමුණු වේ.

“මෙවර මම ආසියානු ජාත්‍යන්තර සම්මාන දෙකක් දිනා ගත්තා. මීට පෙර CEO – Sri Lanka සම්මානයත්, BWIO Platinum සම්මානයත් දිනා ගත්තා. Inkjet මුද්‍රණ යන්ත්‍රවල හෙඩ් එක හරිම සංකීර්ණයි. ලොව කිසිම ආයතනයක් Eco-Solvent ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රවල හෙඩ් සඳහා වගකීමක් නොදෙන අවස්ථාවක මම ඒ සඳහා වසරක වගකීමක් දී 2023ට වසර හයක් සම්පූර්ණ වෙනවා. මෙම සේවාව කොවිඩ් වසංගත කාලයේදීත් ආර්ථිකය අඩපණ වූ කාලයේදීත් එක හා සමානව දුන්නා. ශ්‍රී ලංකාවේ මම ක්‍රියාත්මක කළ මෙම උසස් සේවාව සම්මානය ලැබීමට මූලික හේතුවක් වුණා. ඉංජිනේරුවකු ලෙස උසස් අධ්‍යාපනය ලබා, විදේශ රැකියාවලින් සහ විවිධ මුද්‍රණ යන්ත්‍ර සදහා නිෂ්පාදන ආයතනවලින් ලැබූ තාක්ෂණික දැනුම මට බොහෝ උපකාර වුණා. Commercial Printer, Packing Printer, Decal Printer, Apperal Printer සහ Newspaper Printer යන අංශ සඳහා අපි සේවා සපයනවා. එසේම ඉන්දියාව, පැපුවානිව්ගිනියාව සහ මාලදිවයින වැනි රටවලටත් අපි මුද්‍රණ යන්ත්‍ර සේවා සපයනවා.” රාජපක්ෂ මහතා පැවැසීය. ශ්‍රී ලංකා මුද්‍රණ පාසලේ අර්ධ කාලීන ගුරුවරයෙකු ලෙසද සේවය කරන රාජපක්ෂ මහතා නිසි ලෙස ක්‍රියාත්මක නොවූ සියලුම Violet CTP යන්ත්‍ර සඳහා උසස් සේවාවක් සැපයීමටත්, මුල්ම High Resolution CTP යන්ත්‍රය Security Printing සඳහා හඳුන්වා දීමටත්, මුලින්ම UV Hybrid Digital මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දීමටත් කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ දියුණුවට සුවිශාල සේවයක් ඉටු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *