July 27, 2024
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් ත්‍රී සිංහ සමූහය පිදුම් ලබයි
පුවත්

කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් ත්‍රී සිංහ සමූහය පිදුම් ලබයි

Nov 13, 2023

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්‍රදානෝත්සවයේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී පැවැති සම්මාන උළෙලේදී ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුඩා පරිමාණයෙන් අරඹා වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් බවට පත් වී තිබෙන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පිරිනැමූ කර්මාන්ත විශිෂ්ටතා රන් හා රිදී සම්මාන සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පිරිනැමූ විශිෂ්ටතම ව්‍යවසායකයා රන් හා රිදී සම්මාන හිමි කර ගැනීමත්, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය පිරිනැමූ නිෂ්පාදන විශිෂ්ටතා සම්මානවලින් අඛණ්ඩව පිදුම් ලැබීමත් ඒ අතරින් ප්‍රධානය.

රෝලර් ඩෝ, රෝලර් ෂටර්ස්, සෙක්ෂනල් ඕවර්හෙඩ් ඩෝ, වින්ඩෝ ෂටර්ස්, ෆයර් රෙසිස්ටන්ට් ඩෝ, ඇලුමිනියම් ෆැබ්රිකේෂන්ස්, සෙන්සර් ඩෝ, ස්ටේන්ලස් ස්ටීල් පැන්ට්‍රි කබඩ්ස්, ඔටෝමැටික් බැරියස් සහ මෝටර් සවි කළ ස්ලයිඩින්ග් ඇන්ඩ් ස්වින්ග් ගේට්ස් ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ නිෂ්පාදන අතර වේ. ත්‍රී සිංහ On Grid සහ Off Grid පරිසර හිතකාමී Solar System වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇති අතර වසර 37ක වගකීම් කාලයක්ද ඒ සඳහා හිමි වේ.  ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඉක්ලෝ ඉන්ඩස්ට්‍රීස් කෘෂිකාර්මික උපකරණ නිෂ්පාදනයට පිවිසෙමින් කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන ට්‍රැක්ටර් ට්‍රේලර්ස් මාදිලි රැසක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. එසේම ඉක්ලෝ ඉන්ඩස්ට්‍රීස් සිපෙට්කෝ සහ IOC සමාගම්වල සම්මතවලට අනුව කර්මාන්ත ශාලාවල අවශ්‍යතා සඳහා නිපදවන ඩීසල් ටැංකි සඳහාද වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇත. එමෙන්ම සිපෙට්කෝ සහ IOC සමාගම්වල ප්‍රධාන ඩීසල් ටැංකි සැපයුම්කරුවෙකු ලෙසද ක්‍රියා කරයි. නවීන තාක්ෂණය භාවිත කරමින් පෙර සැකසූ වානේ ගොඩනැගිලි ඉදි කිරීමද ඉක්ලෝ ඉන්ඩස්ට්‍රීස්හි ප්‍රමුඛ ව්‍යාපාරයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *