May 20, 2025
Three Sinha Industries ඩී. එස්. සේනානායක රගර් කණ්ඩායමට රන් අනුග්‍රාහකත්වය දක්වයි
පුවත්

Three Sinha Industries ඩී. එස්. සේනානායක රගර් කණ්ඩායමට රන් අනුග්‍රාහකත්වය දක්වයි

Jun 26, 2024

මෙරට Roller Door නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Three Sinha Industries පෞද්ගලික සමාගම කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට රන් අනුග්‍රාහකත්වය දක්වයි. එම සමාගම මීට පෙරද ඩී.එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට විවිධ අනුග්‍රහ සපයා ඇත. Three Sinha සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා 1987දී ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය. ඔහුගේ සොහොයුරන් වන තුෂාර චන්දන කුමාර සහ මහේෂ් කුමාර 1989දී සහ 1994දී එම කණ්ඩායමට නායකත්වය දී ඇත. මංජුල ආරියකුමාර මහතාගේ පුත් ඩේවින් ආරියකුමාර මහතාද 2012දී එම කණ්ඩායමට නායකත්වය දුන් අතර ඒ හරහා ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායම සහ ඔවුන් අතර ඇති සම්බන්ධතාව තවත් ශක්තිමත් විය.

“වසර ගණනාවක් පුරා ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට අනුග්‍රහය දක්වන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. රගර් ක්‍රීඩාව නිසා විනය, කැපවීම සහ දරා ගැනීම වැනි ගුණාංග ප්‍රගුණ කරන්න මට අවස්ථාව ලැබුණා. යහපත් චරිතයක් සහ පෞරුෂත්වයක් සහිත නායකයන් බිහි කරන්න රගර් ක්‍රීඩාව විශාල දායකත්වයක් දක්වනවා. සමාගමක් විදියට අපි ඉදිරියටත් රගර් ක්‍රීඩාවේ අනාගතය සඳහා දායක වෙන්න කැප වෙනවා.” මංජුල ආරියකුමාර මහතා පැවසීය. 1968දී ඇරඹූ Three Sinha සමාගම පසුගිය වසර 56ක කාලය තුළ මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස කීර්ති නාමයක් දිනා ඇත. කැපවීම, ගෞරවය සහ අඛණ්ඩ දියුණුව  මත පදනම් වූ ආයතනික සංස්කෘතියකට හිමිකම් කියන එම සමාගම සෑම විටම අභියෝගවලට මුහුණ දෙමින් නව්‍යකරණයට මුල් තැනක් දෙයි. සූර්ය බලශක්ති විසඳුම්, පෙර සැකසූ සහ ඉංජිනේරු වානේ ඉදි කිරීම්, සෙවිලි, ෆයර් ෂටර්, වීදුරු හා ඇලුමිනියම් නිෂ්පාදන, ෆයර් ඩෝ, ඉන්ධන ගබඩා ටැංකි, ට්‍රේලර්, බවුසර්, ට්‍රැක්ටර් සහ මළ නොබැඳෙන වානේ නිෂ්පාදන එම සමාගමේ නිෂ්පාදන අතර ප්‍රධාන තැනක් ගනී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close