
තරුෂි කරුණාරත්න කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිනිය ලෙස එක්වෙයි
ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර තලයෙහි ඔසවා තැබූ රන් පදක්කම්ලාභී ධාවන ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරියක් ලෙස පත්කර ඇත.
කොමර්ෂල් බැංකුවේ වඩාත් ම ජනප්‍රිය හා පහසු ම ඩිජිටල් බැංකුකරණ විසඳුම වන කොම්බෑන්ක් ඩිජිටල් යෙදවුම තරුෂි කරුණාරත්න විසින් නියෝජනය කරනු ඇත. ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී මූල්‍ය ආයතනය ලෙස කොමර්ෂල් බැංකුවේ අනන්‍යතාවයට පරිපූර්ණ ලෙස ගැලපෙන නොනවතින උත්සාහය, හැකියාව සහ වර්ධනය සඳහා නොසැලෙන කැපවීමක් තරුෂි කරුණාරත්න විසින් පිළිබිඹු කරන බව බැංකුව පවසයි.
“ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ විශ්වාසදායක ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා. ක්‍රීඩා පිටියේ මා මගේ දක්ෂතා, කැපවීමෙන් ඉදිරියට ගෙන යන සේම, කොමර්ෂල් බැංකුව ද විශිෂ්ටත්වය හා නවෝත්පාදනය කෙරෙහි කැපවී සිටිනවා. කාර්යසාධනය සහ අඛණ්ඩ වර්ධනය සඳහා වන මගේ අරමුණු බෙදා ගැනීමට හැකි සන්නාමයක් නියෝජනය කිරීමට ලැබීම මා ලද වරප්‍රසාදයක්,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ නව සන්නාම තානාපතිනිය වශයෙන් පත්වීම පිළිබඳව අදහස් දක්වමින් තරුෂි කරුණාරත්න පැවසුවාය.
පසුගිය වසරේදී බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ වේග පන්දු යවන්නෙකු වන මතීෂ පතිරණ සන්නාම තානාපතිවරයෙකු ලෙස සාර්ථකව සම්බන්ධ කර ගන්නා ලද අතර මෙම සහයෝගීතාවය පාරිභෝගික පක්ෂපාතීත්වය ශක්තිමත් කිරීමට මෙන් ම රටේ විශාලතම ඩෙබිට් කාඩ්පත් පදනම වන කොමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ්පත් වඩාත් පුළුල් ලෙස භාවිතා කිරීමට ද උපකාරී වී තිබේ.
තරුෂි කරුණාරත්න, ශ්‍රී ලංකාවේ වඩාත් ම දක්ෂ මැදි දුර ධාවන ශූරිය වන අතර ඇය මීටර් 800 ඉසව්වේ අති දක්ෂයෙකි. ඇය වයස අවුරුදු 19 දී 2022 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 අවසන් තරඟයේදී රන් පදක්කමක් දිනා ගනිමින් ඉතිහාසයට එක් වූ අතර, සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ශාගෙන් පසුව ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට ද පත්විය. 2023 දී ඇය බැංකොක් හි පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 කාන්තා රන් පදක්කම දිනාගත් අතර ඒ සමඟ එම ඉසව්වේ වසර 25ක් පැරණි ආසියානු වාර්තාවක් ද බිඳ දමමින් තවත් කීර්තියක් අත්කර ගත්තාය.
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.