July 26, 2024
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධ සඳහා ශක්තිමත්මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි
පුවත්

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධ සඳහා ශක්තිමත්මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

Dec 4, 2023

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා, පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙලින් 13.0%ක පිරිවැටුමක් සහ 15.4%ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සන්ෂයින් සමූහය වත්මන් මූල්‍ය වර්ෂයේ (1HFY24) පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 28.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර මෙම කාලය තුළ මූල්‍ය පිරිවැය අඩු වීම හේතුවෙන් ඔවුන්ගේ බදු පසු ලාභය (PAT) රුපියල් බිලියන 3.6 ක් දක්වා වර්ධනය වී ඇත. සමූහයේ ආදායම් වර්ධනයට ප‍්‍රධාන වශයෙන් හේතු වූයේ ප‍්‍රධාන ව්‍යාපාරික අංශ වන සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාරවල ශක්තිමත් කාර්ය සාධනයයි.

සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර එය මුළු ආදායමෙන් 49.2% කි. මේ අතර පාරිභෝගික අංශය 34.4% ක් ද කෘෂි ව්‍යාපාර අංශය 16.3% ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය.

සමූහය ලබා ගත් මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගමේ සභාපති අමල් කබ්රාල් මහතා පැවසුවේ ‘‘උද්ධමනය අඩුවීම, පොලී අනුපාත අඩුවීම සහ ශ‍්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම වැනි ප‍්‍රධාන ආර්ථික සාධකවල ධනාත්මක වෙනස්කම් මධ්‍යයේ 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය තුළ ශක්තිමත් කාර්යසාධනයක් ලබා ගැනීමට හැකි වීම සැබවින්ම සතුටක්. සමාගමේ සියලූම ව්‍යාපාරික අංශවලින් ලැබෙන වැදගත් දායකත්වය හේතුවෙන් ආදායමේ සහ ලාභයේ සැලකිය යුතු වර්ධනයක් අත්කර ගැනීමට අපට හැකි වුනා යැයි අප විශ්වාස කරනවා. 2020 දී අක්බාර් ෆාමසූටිකල්ස් උපායමාර්ගික ඒකාබද්ධතාවයක් හරහා ලීනා මැනුෆැක්චරින් අත්පත් කරගැනීම මෙම කාල සීමාව තුළ සමූහයේ සමස්ත කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා.’’ යනුවෙනි.

සුව සේවා අංශය

සුව සේවා අංශය යටතේ ඇති සියලූම ව්‍යාපාරවල සහායෙන් සලකා බලනු ලබන කාල පරිච්ෙඡ්දය තුළ සමූහයේ සුව සේවා අංශය පළමු අර්ධයේදී රුපියල් බිලියන 13.8ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 19.2%ක කැපී පෙනෙන වැඩි වීමකි. ඖෂධ අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 4.1% කින් සහ වෛද්‍ය උපාංග අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 51.0% කින් වර්ධනය වූ අතර මෙයට මිල සහ විකුණනු ලැබූ වෛද්‍ය උපකරණ ප‍්‍රමාණය වැඩි වීම හේතු විය. පාරිභෝගික වෙළෙඳාම් අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 17.6% ක වැඩි වීමක් පෙන්නුම් කළ අතර එය පෙර වසර හා සැසඳීමේදී 14.0% ක වර්ධනයකි.

සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනුෆැක්චරින් පුද්ගලික සමාගම පසුගිය වසරට සාපේක්ෂව 203.5% ක සුවිශේෂී ආදායම් වර්ධනයක් ලබා ගෙන ඇති අතර Metered-Dose ඉන්හේලර් (MDI) කර්මාන්තශාලාවේ නිෂ්පාදනයන් ඉහළ යාම මෙයට හේතු වියx සමූහයේ සුව සේවා අංශයේ පොලී සහ බදු පෙර ඉපැයීම (EBIT) රුපියල් බිලියන 2.1ක් විය.

පාරිභෝගික අංශය

පසුගිය වසරට සාපේක්ෂව අපනයන සහ දේශීය ව්‍යාපාර ඇතුලත් පාරිභෝගික අංශයේ ආදායම 13.2% කින් ඉහළ ගොස් FY24 පළමු අර්ධයේදී රුපියල් බිලියන 9.7 ක් වාර්තා කර ඇත. 2023-24 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී දේශීය පාරිභෝගික අංශය ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්නුම් කළ අතර සමූහයේ පාරිභෝගික සන්නාම අඛණ්ඩව වෙළඳපල කොටස් වැඩි කරගැනීමට සමත් විය. සමස්ත තේ කාණ්ඩය පසුගිය වසරට සාපේක්ෂව 11.5% වර්ධනයක් සහ වෙළෙඳපොල වටිනාකම පසුගිය වසරට සාපේක්ෂව 84.4%ක වර්ධනයක් පෙන්නුම් කළේය. මිල ඉහළ ගියද, පසුගිය වසරට සාපේක්ෂව රසකැවිලි අංශයේ ආදායම 13.8% කින් පහත වැටී ඇත. එම අංශයේ විකුණුම් ප‍්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 26.8% කින් අඩු වීම මෙම පහත වැටීමට හේතු විය. කෙසේ වෙතත්, දේශීය ව්‍යාපාරවල වර්ධනය හේතුවෙන් පාරිභෝගික අංශයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 32.5% කින් ඉහළ ගොස් ඇත.

කෘෂි ව්‍යාපාර අංශය

සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගම රුපියල් බිලියන 4.6 ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපෙක්ෂව 0.4%ක වැඩි වීමකි. ගෝලීය භාණ්ඩවල මිල පහත වැටීමට සමගාමීව මිල පහත වැටුණද, පාම් ඔයිල් ව්‍යාපාරයේ ඉහළ සාර්ථකත්වය මෙම ආදායම් වර්ධනයට මූලික වශයෙන් හේතු විය. කෘෂි ව්‍යාපාර අංශයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 15% කින් පහත වැටී රුපියල් බිලියන 1.7ක් විය. විකුණුම් සහ කිරි මිල ඉහළ යාම හේතුවෙන් කිරි ආශ‍්‍රිත ව්‍යාපාරයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව, 37.8% කින් වර්ධනය විය.

සන්ෂයින් හෝල්ඩිංග්ස් පිළිබඳව

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී යනු ශ‍්‍රී ලංකා ආර්ථිකයේ සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල උපායමාර්ගික ආයෝජන සමඟ වටිනාකමක් ඇති කරමින් ”ජාතිය ගොඩනැගීමට” දායකත්වයක් දක්වන සමූහ ව්‍යාපාරයකි.

වසර 56 කට පෙර 1967 දී ආරම්භ කරන ලද මෙම සමූහය සේවකයින් 2,000 කට අධික සංඛ්‍යාවකින් සහ ත්‍ශ23 සඳහා රු. බිලියන 51ක ආදායමක් සමඟින් මේ වන විට Zesta Tea, Watawala Tea, Ran Kahata, Daintee Confectionary සහ Healthguard Pharmacy වැනි ප‍්‍රමුඛ පෙළේ ශ‍්‍රී ලාංකේය සන්නාමවලට නිවහන සපයයි. සමූහයේ ව්‍යාපාරික ඒකකවලට Sunshine Healthcare Lanka, Sunshine Consumer Lanka සහ Watawala Plantations PLC ඇතුළත් වන අතර, ඒවා අදාළ අංශවල පුරෝගාමීන් වේ. ඒවායින් බොහොමයක් ආයතන 2023 දී ද  ‘’Great Place to Work’’ සහතිය හිමි කරගෙන තිබීම විශේෂත්වයකි.

අපගේ දැක්ම වන ”යහපත් දේ ජීවිතයට ගෙන ඒම” යටතේ අපි සියලූ ශ‍්‍රී ලාංකිකයින්ට ගුණාත්මක ඖෂධ සහ පාරිභෝගික නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා දීමට කටයුතු කරන අතර එමගින් සැමට වඩා හොඳ ජීවන තත්වයක් සහතික කිරීමට හැකියාව ලැබී ඇත. අපගේ අඛණ්ඩ වර්ධනයට පදනම වී ඇත්තේ අපගේ ව්‍යාපාරය තුළ පවත්වාගනෙ යන සදාචාරාත්මක වටිනාකම් සහ දිනා ඇති පාරිභෝගික විශ්වාසයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *