
කොළඹ නගරයේ පරිසර අලංකරණයට මෙල්වා සමාගම අනුග්‍රාහකත්වය දක්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම සිය ආයතනික සමාජ වගකීම මනාව වටහා ගනිමින් නගර අලංකරණයට මුල් තැන දෙමින් කොළඹ ටවුන් හෝල් ඔඩෙල් වටරවුමේ සිට නෙළුම් පොකුණ රඟහල දෙසට ඇති මාර්ගයේ පරිසර අලංකරණ කටයුතු සඳහා සිය පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි. ඒ අනුව මාර්ගය මධ්‍යයේ ඇති අලංකාර ශාක පද්ධතිය සිටුවා නඩත්තු කිරීමේ ක්‍රියාවලිය මෙල්වා සමාගමේ අධීක්ෂණය සහ අනුග්‍රහය සහිතව සිදු කරනු ලබයි.
සංවර්ධිත රටක් ගොඩනැගීමේදී නගර අලංකරණය ප්‍රමුඛ කර්තව්‍යයක් වන අතර විශේෂයෙන්ම ඉදි කිරීම් කටයුතුවලදී පරිසර අලංකරණයට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම වර්තමානයේදී අනිවාර්යයෙන්ම සිදු වන්නකි. ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් කර්මාන්තයට ඉහළ දායකත්වයක් සපයන මෙල්වා සමාගමද ස්වභාව ධර්මයට අවම හානි වන ලෙස පරිසර සංරක්ෂණයට මුල් තැන දෙමින් තිරසාර සංවර්ධනයක් කරා යෑම ඉහළින්ම පිළිගන්නා ආයතනයක් ලෙස පරිසර මිතුරු වැඩසටහන් සඳහා සිය උපරිම දායකත්වය නිරන්තරයෙන් සපයයි. කොළඹ නගරයේ කේන්ද්‍රස්ථානයක් වන ටවුන් හෝල් ප්‍රදේශයට දිනකට ලක්ෂ ගණනක ජනතාවක් පැමිණෙති. කොළඹ ජාතික රෝහල, කොළඹ අක්ෂි රෝහල, කොළඹ දන්ත රෝහල, කොළඹ මහ නගර සභාව, නෙළුම් පොකුණ රඟහල, කොළඹ මහජන පුස්තකාලය, මියුසියස් විද්‍යාලය, විහාර මහා දේවි උද්‍යානය ආදී ජාතික වැදගත්කමක් සහිත ස්ථාන රැසකින් සමන්විත මෙම ප්‍රදේශයේ පරිසරය අලංකාරව පවත්වා ගැනීම යන එන සියලු දෙනාගේ මානසික සුවතාවටද පිටිවහලක් වේ. මෙම සියලු කාරණා අවධානයට ගනිමින් මෙල්වා සමාගම මෙලෙස ටවුන් හෝල් ප්‍රදේශයේ පරිසර අලංකරණයට දායක වීමට කටයුතු කර ඇත. ඉදිරියේදීත් මෙවැනි පරිසර අලංකරණ කටයුතු රැසකට සිය දායකත්වය සැපයීමට මෙල්වා සමාගම සූදනමින් සිටී.
2 Comments
Thank you, your article surprised me, there is such an excellent point of view. Thank you for sharing, I learned a lot. https://www.binance.com/es/join?ref=V3MG69RO
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.