February 13, 2026
South Asian Digital Innovation Agency of the Year සම්මානය ශ්‍රී ලංකාවට හිමි කරදීමට DC Group ආයතනය සමත් විය
පුවත්

South Asian Digital Innovation Agency of the Year සම්මානය ශ්‍රී ලංකාවට හිමි කරදීමට DC Group ආයතනය සමත් විය

Dec 16, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සහ නිර්මාණාත්මක වෙළෙඳ දැන්වීම් ආයතනයක් වන DC සමූහය, ක්ෂේත්‍රයේ කීර්තිමත් සම්මාන උළෙලක් වෙන Campaign Agency of the Year 2025 හි දී Digital Innovation Agency of the Year (South Asia) රන් සම්මානය දිනා ගත් පළමු ශ්‍රී ලාංකික ආයතනය බවට පත්වෙමින් ඉතිහාසයට එක් විය.

අප රටේ නිර්මාණාත්මක සහ ඩිජිටල් කර්මාන්තයෙහි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, DC Group විසින් Digital Innovation Agency of the Year (Rest of South Asia) රන් සම්මානය ද හිමිකර ගන්නා ලදී. මෙලෙස ලබා ගත් ද්විත්ව රන් ජයග්‍රහණයත් සමඟින්, දකුණු ආසියා කලාපයේ ඉහළම නවෝත්පාදකයින් අතරට පැමිණීමට අප රටේ දේශීය ආයතනයකට හැකි වීම ආඩම්බරයට කරුණකි.

මුම්බායි හි දී පවත්වනු ලැබූ, Campaign AOY සම්මාන උළෙල, නිර්මාණාත්මකභාවයේ විශිෂ්ටත්වය, ඵලදායීතාවය, සංස්කෘතික ගැළපීම සහ නව අත්හදා බැලීම් පිළිබඳ ආසියා පැසිෆික් කලාපයේ වඩාත්ම ගෞරවනීය මිණුම් දණ්ඩක් ලෙස සඳහන් කළ හැකිය. ප්‍රමුඛතම වෙළෙඳ දැන්වීම් ආයතන ජාලයන් සහ කලාපීය දැවැන්තයින් හා තරඟ කරමින්, DC Group දිනා ගත් මෙම ද්විත්ව ජයග්‍රහණය ගෝලීය වේදිකාව මත ශ්‍රී ලංකාවට පැහැදිලි ඉදිරි ගමනක් සනිටුහන් කරයි.

DC Group ලද ජයග්‍රහණය, ලෝක මට්ටමේ ඩිජිටල් අත්හදා බැලීම් සිදු කිරීමට ශ්‍රී ලංකාව සතු හැකියාව ඉස්මතු කරමින් ගෝලිය මට්ටමින් කැපී පෙනීමට හේතුවක් වී ඇත. 

2017 වර්ෂයේ දී, සාම්ප්‍රදායික වෙළඳ දැන්වීම් පෙළපතක් හෝ නිශ්චිත සේවාදායක පදනමක් නොමැතිව,  වර්ග අඩි 100ක කුඩා කාමරයක ආරම්භ කරන ලද DC Group ආයතනය, අද වන විට ශ්‍රී ලංකාවේ වඩාත්ම බලගතු ස්වාධීන ඩිජිටල් වෙළෙඳ දැන්වීම් ආයතනවලින් එකක් බවට පත්ව ඇත.

“මෙය හුදෙක් සම්මානයකට වඩා වැඩි වටිනාකමක් ඇති දෙයක්. එය ශ්‍රී ලාංකික නිර්මාණශීලීත්වයේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ සන්ධිස්ථානයක්,” බව DC Groupහි සම-නිර්මාතෘ සහ අධ්‍යක්‍ෂ (Co-Founder & Managing Partner) අර්ජුන් ජෙගර් පැවසීය. “දකුණු ආසියාවේ ඩිජිටල් නවෝත්පාදනයේ හොඳම වෙළෙඳ දැන්වීම් ආයතනය ලෙස දේශීය ආයතනයක් නම් කිරීම, ශ්‍රී ලංකාවට ඉහළම මට්ටමින් ලෝකය හා තරග කළ හැකි බවත්, එම තරග ජයග්‍රහණය කළ හැකි බවත් ලෝකයටම පෙන්වයි.”

DC Groupහි සම-නිර්මාතෘ සහ අධ්‍යක්‍ෂ (Co-Founder & Managing Partner) ප්‍රසාද් කරුණාරත්න තවදුරටත් පවසා සිටියේ: “මෙම ජයග්‍රහණය බාධක සීමාවන් බිඳ දමා ඉදිරියට යාමට විශ්වාසයෙන් යුතුව වැඩ කරන සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ජයග්‍රහණයක්. අපි ආ ගමන උරුමයෙන් ලද දෙයක් හෝ දායාදයක් මත ගොඩනැගුණු දෙයක් නොවේ. එය අපේ සංස්කෘතිය සහ නිර්මාණශීලිත්වය එකට එක් කරමින්, වෙළෙඳ දැන්වීම් ආයතනයකට කළ හැකි දේට අභියෝග කිරීමට ඇති ධෛර්යය මත ගොඩනැගුණු දෙයක්. දකුණු ආසියානු වේදිකාවක රන් සම්මාන දෙකක් දිනා ගැනීම, ශ්‍රී ලංකාවේ ස්වාධීන වෙළෙඳ දැන්වීම් ආයතනවලට කලාපයේ ප්‍රමුඛතමයන් සමඟ උරෙන් උර ගැටී සිටිය හැකි බවට හොඳම සාක්ෂියකි.” තවදුරටත් ඔහු මෙසේ පැවසීය: “නවෝත්පාදනයන් කියන්නේ විශාලතම මුදල් වැය කිරීමක් පිළිබඳව කතාවක් නොවේ. එය ශක්තිමත්ම අදහස්, නිවැරදි පුද්ගලයින් සහ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීම පිළිබඳව කතාවක් – DC සැම විටම විශ්වාස කරන සත්‍ය එයයි.”

DC Group දකුණු ආසියානු කලාපය තුළ පිළිගැනීමක් දිනාගෙන ඇත්තේ, නිර්මාණාත්මක, නිෂ්පාදන, කාර්ය සාධන, දත්ත, අලෙවිකරණ තාක්ෂණ, Event Management, influencer networks සහ කීර්තිනාමය කළමනාකරණය වැනි විවිධ ක්ෂේත්‍රවලට ආයතන සමූහය ව්‍යාප්ත වී ඇති අවස්ථාවකය. මේ සියල්ල ඔවුන් සතු Fluid Networks ආකෘතිය හරහා සම්බන්ධ වේ.

මෙම ආකෘතිය මගින් සම්ප්‍රදායික ක්‍රමවේද බිඳදමනු ලබන්නේ,  උපාය මාර්ග, නිර්මාණශීලීත්වය, අන්තර්ගතය, නිර්මාණකරුවන්ගේ පරිසරය, මාධ්‍ය සහ අලෙවිකරණ තාක්ෂණය යන සියල්ල එක්, කඩිසර මෙහෙයුම් පද්ධතියක් බවට ඒකාබද්ධ කිරීමෙනි. මෙමඟින් සන්නාමවලට මුල සිට අවසානය දක්වා, බාධාවකින් තොරව කටයුතු කළ හැකි ඩිජිටල් නවෝත්පාදන සේවා සපයන්නෙකුගේ සේවා ලබා ගත හැකිය.

DC Group දකුණු ආසියානු කලාපය තුළ මෙලෙස ඉහළ පිළිගැනීමක් ලබා ගැනීමට බොහෝ කලකට පෙර සිටම, ඔවුන්ගේ දැක්ම පිළිබඳ විශ්වාස කළ ඔවුන්ගේ කණ්ඩායමට, DC Group මෙම සාර්ථකත්වයෙහි ගෞරවය පිරිනමයි. බොහෝ කණ්ඩායම් සාමාජිකයින් ලොව පිළිගත් ගෝලීය ජාලගත වෙළෙඳ දැන්වීම් ආයතන සහ විශාල වෙළඳ නාම අතහැර DC සමූහයට එක් වී එහි සංස්කෘතිය, නවෝත්පාදන සහ වර්ධනයට දායක විය.

“මෙම ජයග්‍රහණයට හේතු වූ අපගේ විශිෂ්ට කණ්ඩායමට, අපගේ සේවාදායකයින්ට, අපගේ හවුල්කරුවන්ට සහ අපගේ සෑම පියවරකදීම අපට සහාය දුන් අපගේ පවුල්වලට අපි ණයගැතියි,” ජෙගර් පැවසීය. තවද,

 “මෙය DC සමූහය සඳහා සහ ශ්‍රී ලංකාව සඳහා ජයග්‍රහණයේ ආරම්භයක් පමණයි.” ලෙස ද ඔහු තව දුරටත් පැවසීය.

Campaign Agency of the Year Awards, ගෝලීය වෙළඳ දැන්වීම් සහ අලෙවිකරණ කර්මාන්තවල වඩාත්ම කීර්තිමත් ගෞරව සම්මාන අතර වේ. APAC, EMEA, ඇමරිකා එක්සත් ජනපදය සහ මැදපෙරදිග පුරා විහිදෙන මෙම සම්මාන, නිර්මාණශීලිත්වය, නායකත්වය, නවෝත්පාදනය, සංස්කෘතිය සහ ව්‍යාපාරික කාර්ය සාධනය පිළිබඳ විශිෂ්ටයන් හඳුනා ගැනීම සිදුකරයි.

DC Group යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වාධීන ඩිජිටල් නවෝත්පාදන සමූහය වන අතර, නිර්මාණාත්මක, නිෂ්පාදන, මාධ්‍ය, අලෙවිකරණ තාක්ෂණය, කාර්ය සාධනය, influncer සහ creator networks, Events සහ කීර්තිනාම කළමනාකරණ ක්ෂේත්‍රයන් ඔස්සේ ඒකාබද්ධ සේවාවන් සපයයි. 2017 දී ආරම්භ කරන ලද DC Group දැන් ශ්‍රී ලංකාව, නයිරෝබි සහ ලන්ඩන් හි දී ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close